ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවවලියේදී (අයි.පී.එල්.) මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දුයවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර තරගාවලියේ පළමු තරග දෙකම අහිමි වන බව අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි.
මාලිංග පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින හේතුවෙන් ඊයේ (04) බැංගලෝර් පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගයට ද සහභාගි නොවීය. මුම්බායි ඉන්දියන්ස් පිල සහභාගි වන දෙවැනි තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව චෙන්නාහි චිදම්බරම් ක‍්‍රීඩාංගණයේ හෙට (06) පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් චෙන්නායිහිදී තරගවලට සහභාගි නොවන බැවින් එම තරගය ද මාලිංගට අහිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ! තරග ඔක්කොම නැති වුණත් අපිට මොකෝ? (නි)
මීට කලින් මාලිංග අසනීප වෙලා හෙම නැද්ද? (නි)
උත්තර දෙමු ලංකාවෙදී. ලැජ්ජයි මහින්දියන් කෙනෙක් වීම ගැන. සමාව අයදිමි සියලු මහින්දයන් වෙනුවෙන්... (නි)
ලංකාවෙදි ප්‍රේක්ෂකයින් සියලුම දෙනා ඔවූන් සම්බන්ධ ක්‍රිකට් තරග බැලීමට යාමෙන් වැළකිය යුතුයි. එවිට ක්‍රිකට් පාලක මණ්ඞළයට මුදල් අහේනිය සහ ලංකාවේ ක්‍රිඞා ලෝලින්ගේ අගය වැටහේවි. (නි)
යනවා මනුස්සයෝ යන්න වැඩක් බලාගෙන. මන් සල්ලි හොයන්නේ හොරකන් කරලා කුඩු විකුණලා නෙවේ.(නදී)
ආනේ! හොදා .(නදී)
මාලිංග ඔයාට කොන්දක් තියෙනවද ?(නදී)
රටට හෙන ගෙහුවත් සල්ලි පස්සේ දුවන කටිටියක් කමයි මේ.(නදී)
ඇයි මිනිස්සු මෙච්චර කුහක. එයාගෙ දක්ෂතාවයෙන් සල්ලි හම්බ කර ගන්න එකේ වැරද්ද මොකක්ද? මේකට කියන්නේ ඉරිසියාව. මම දකින වරැද්ද මෙයා කෙලින් කතා කරන එක තමයි. අද ලංකාවෙ ඉන්න දේශපාලකයො/කුඩු මුදලාලිලා වගේ බොරුවෙන් වංචාවෙන් දූෂනයෙන් සල්ලි හම්බ කරන්නේ නැහැනේ මෙයා. අපේ අනාගත පරම්පරාව වනසන රට විකුනන ඒවා ගැන කවුරුත් කතා නැහැ. පොඩි මිනිහෙක් තැනකට ආවම මිනිස්සුන්ගේ ඇස් වල කටු ඇනෙනවා. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ.(නදී)
හැමදාම සෙල්ලම් කරන්නත් බැහැ. පුළුවන් කලේ හම්බ කරගත් දෙයක් තමයි ඉතිරි වන්නේ, වැඩ පෙන්නලා නේ හම්ම්බකරන්නේ.(නදී)
දේශපාලු පරපුරම රටේ සුභ සිද්ධියට යැයි කියමින් සියලු මහජන මුදල් ගසාකමින් සුදු රෙද්දෙන් වැසු ලොකු බඩ ප්‍රදර්ශනය කරමින් නිකරුනේ රට කාබාසිනියා කරනවට වඩා මාලිංගගේ දක්ෂතාවයෙන් සල්ලි හොයා ගැනීම ගැන රටම ආඩම්බර විය යුතුයි. (නි)
එහෙම වෙන්නේ නපුරු හින්දා වෙන්න ඇති. (නි)
මොකක්ද මාලිංග ළමයා කරල තියෙන වරද? නොරටුන් කොච්චර මේ රට ඉන්නවාද? ඒත් මාලිංග නිසා ලංකාවෙ නම හරි කියනවානේ. තරුණකමට ලාබාලකමට සමාවක් තිබිය යුතුයි. (නි)
පුළුවන් කාලේ සෙල්ලම් කරලා සල්ලි හොයන්න ඕනේ.(ස)
කොන්දේ අමාරුව දිගටම තිබුනොත් ඔය සල්ලිදෙනවද (ස)
ඇයි මීට කලින් පිට කොන්දේ අමාරු තියෙන අය දැකල නැද්ද? (ස)
බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නේ, කියන කතාව අපි හෙමෝම පොඩි කාලේ ඉදලම ඇහුවට , අපේ මිනිස්සු ගොඩක් ලග තියෙන කුහක කම කවදාවත් නැති වෙලා තියෙනවද ? අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න බැරි වෙලා තියෙන්නේ මේ නිසා . කව්රුහරි තමන්ගේ හැකියාවෙන් කියක් හරි හොයා ගත්තම වෙන කාටවත් ඇති ප්‍රශ්නය කුමක්ද ?(ස)
හරි... මාලිංග හෝ ක්‍රිකටස්ලා හරි කියනවා නෙමෙයි, එහෙත් වැරදි එයාලා විතරද? (නි)
තමිල්නාන්ඩුව කියන්නේ එක ප්‍රාන්තයක් විතරනේ. ලෝකෙටම පේනවා ඉන්දියාව නෙමෙයි, අපේ රටේ හතුරෝ තමිල්නාන්ඩුව කියලා. කොන්ද පනතියාගෙන බය නැතිව ඉන්දියා ගිය කොල්ලොන්ට සුබ පැතුම්! (නි)
තිසරගේ අදහසේ සමහර තැන් වලට ගරු කරනවා .(ස)
මොකද මනුසයෝ මේ මගේ වැඩ කලින් දැකල නැද්ද ? (ස)
මම තිසර ගේ මතය පිලිගන්නවා. මොකද අපේ කොල්ලෝ වැඩක් කරලා තමයි හම්බ කරන්නේ. අපි කවදත් ඔයාලට ආදරේ කරනවා .(නදී)
පුදුමයි මේ ගොල්ලන්ට පිට කොන්දක් තියෙනව කිව්වම.(නදී)
අරුණගේ කටට මසුරන් දාන්න ඕනි (අ)
ඒ උනාට කියපු ගානම ගෙවනවා නේද? එහෙමනම් කමක් නෑ (අ)
කොන්ද කැඩුනත් කමක් නෑ අයි.පී.එල්. ගහල , ගුණමකු මිනිස්සු (අ)