ශ්රී ලංකා අංක එක වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ලසිත් මාලිංගට එරෙහිව ඉන්දීය පිතිකරුවන් හොඳින් ලකුණු රැුස්කිරීමට හේතුව මාලිංග අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීම වියහැකි බව ඉන්දීය ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් පැවසීය. පළමු තරගයේදී ඉන්දීය පිතිකරුවෝ මාලිංගගේ ඕවර 10 තුළදී කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 83 ක් රැස්කිරීමට වූහ. මෙය ශ‍්‍රී ලංකා පන්දු යවන්නකු ශ‍්‍රී ලංකාවේදී පැවති එක්දින තරගයකදී ප‍්‍රතිවාදීන්ට දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. හම්බන්තොටදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෙවැග් මෙසේ පැවසීය. ”අපි මාලිංගගේ පන්දුවලට අයි.පී.එල්. තරගාවලියේදීත් ක‍්‍රීඩා කරලා තියෙනවා, සමහර විට ඒකත් හේතුවක් වෙන්න පුඵවන්. අපි ලංකාව සමගත් තරග විශාල සංඛ්‍යාවකට සහභාගි වී තිබෙනවා. මාලිංග දක්‍ෂ පන්දු යවන්නෙක්, ඔහු බොහෝ අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය දක්වා රැගෙනවිත් තියෙනවා” සෙවැග්ගේ ප‍්‍රකාශය පිළිබදව ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් කළ විමසුමකදී පැවසුවේ එය ඔවුන්ගේ (ඉන්දියාවේ) අදහස විය හැකි බවය. ”ඉන්දීය සෙසු පිතිකරුවන් මාලිංගට හොඳින් ක‍්‍රීඩා නොකළත්, දෝනි මුල සිටම ඉතාමත් හො`දින් මාලිංගගේ පන්දුවලට ලකුණු රැුස් කළා. අජන්ත මෙන්ඩිස් අයි. පී. එල් ක‍්‍රීඩා කරන්නේ නෑ, අජන්තට වෙනත් රටවල්වලට පිතිකරුවන්ට පෙර ඉන්දීය පිතිකරුවෝ හොදින් ක‍්‍රීඩා කළා. මුලික දේ ඉන්දීය පිතිකරුවන් දක්‍ෂයි. ඒකත් සාධකයක් විය හැකියි” යයිද මහේල පැවසීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලිංගගෙන් ලකුණු ලබාගත්තේ අයි. පී. එල්. තරග නිසා වෙන්නැති
සිසිර Monday, 23 July 2012 09:55 PM
ඉන්දියා පිතිකරුවන් දක්ෂ වුවත් ඔවුන්ගේ අදක්ෂ තැන් දැන ගැනීමට අපේ කට්ටියට පුලුවන් වෙන්න ඕනේ. (නි)
නාමල් Monday, 23 July 2012 09:56 PM
මලින්ගව ඊලග තරග වලටත් දානවද ????????????????????????????
සුභාෂිනී Monday, 23 July 2012 10:17 PM
අනේ මුකුත් කියන්න එපා....අඩුවෙන් ගෙවල වැඩියෙන් වැඩ පෙන්වන්න කියන එක හරිද මං අහන්නේ ?.(ස)
උපුල් Tuesday, 24 July 2012 11:33 AM
අනේ අනේ..... (ස)
දිමුත් Monday, 23 July 2012 11:45 PM
නුවන් කුලසේකර තමයි නොම්මර එක. (නි)
නාවලගේ Tuesday, 24 July 2012 07:10 AM
ක්‍රිකට් තරඟ බලන්නේ නැතුව අදහස් ප්‍රකාශ කරන්න එපා . 21 වෙනිදා තරඟයේදී මාලිංග උඩ පන්දු රැක්කනම් මේ කතාව වෙනස් වෙන්න තිබුණා. මාලිංග ලංකාවේ වගේම ලෝකෙම හොඳ පන්දු යවන්නෙක්.....(ස)
අරුණ ශාන්ත Tuesday, 24 July 2012 12:42 PM
මාලිංග බොල 10ට ලකුණු 19ක් ගැහුවෙ මාලිංගටත් ඉන්දියාවෙ පන්දුයවන්නන් හොදට හුරු පුරැදු ඇති... මාලිංගව පංදුවට පහරදිමට පිළිවෙලහි ඉහළින් දාන්න ඕන..(නු)
වරුණ Tuesday, 24 July 2012 07:35 AM
ඔක්කොම සල්ලිවලට යට වෙලා..........එදා අර්ජුන කරන්න ගිය දේ කරන්න දුන්නනම් අද මේ දේ වෙන්නේ නෑ....(ස)
චමින්ද Tuesday, 24 July 2012 08:24 AM
මේ රට වැසියෝ, ඒ වෙලාවේ මාලිංග ඇරෙන්න වෙන බෝල් කරන්න හිටියේ කවුද? කුලෙත් නැහැ.මම හිටියා නම් මම කරනවා ඒ වැඩේ.ඒත් මමත් හිටියේ නැහැනේ. (නි)
නාමල් Tuesday, 24 July 2012 02:03 PM
අයියෝ සල්ලි........... (නි)
චතුරංග Tuesday, 24 July 2012 10:37 AM
මාලිංග තමන්ගේ පන්දු යැවීමේදී පන්දුව පතිත කරන ස්ථානය පිළිබඳව මීට වඩා අධ්‍යනය කර යුතුයි.....(ස)
ගනේගම Monday, 23 July 2012 09:26 PM
ෂෙවාග් හරියටම හරි .(දී)
ඇන්ටන් Tuesday, 24 July 2012 10:44 AM
දීකිරට බළල්ලුත් සාක්කියිලු නේද ???? (ස)
සම්පත් Monday, 23 July 2012 09:40 PM
අනෙක් තරග ටික හොදට සෙල්ලම් කරමු. (නි)