ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග, සිය එක්දින ක‍්‍රිකට් තරග දිවියේ 200 වැනි කඩුල්ල ලබා ගැනීමට ඊයේ (4) සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාව සමග ඊයේ පැවැති අවසන් එක්දින තරගයේදී මහේන්ද්‍ර සිං දෝනි, දවා ගනිමින් මාලිංග මෙම දස්කම දැක්වීය.
මාලිංග, ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ කඩුලූ 200 ක් ලබාගත් සිවුවැනි පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වේ. ලොව වැඩිම කඩුලූ ලබාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් (523), චමින්ද වාස් (399) සහ සනත් ජයසුරිය (320) සහ ලසිත් මාලිංග (200) වැඩිම කඩුලූ ලබාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වෙති. ලෝකයේ වැඩිම කඩුලූ ලබාගත් පන්දු යවන්නන් අතරේ මාලිංග ට 33 වැනි ස්ථානය හිමිව තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලී, ඔබ අපේ කෙනෙකි. (නි)
ඔබට සතුටුදායක අනාගතයක්! (නි)