.ආජන්ටිනාවේ හොසේ මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමා පළමුවැනි ප‍්‍රැන්සිස් පාප්තුමා හැටියට පත්වීම පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඉමහත් සතුටට පත්වන බව ඉතාලියේ ශ්‍රී ලාංකීක ශ‍්‍රම සංක‍්‍රමනික අධ්‍යාත්මික උපදේශක නෙවිල් ජෝ පියතුමා රෝමයේ සිට ප‍්‍රකාශකර සිටී.
නව පාප්තුමාගේ මව සහ පියා ඉතාලියේ පියමොන්තේ ප‍්‍රාන්තයේ සිට අර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවරට සංක‍්‍රමිකයන් ලෙස පදිචියට ගියහ. පියා දුම්රිය සේවකයෙකි. පස්දෙනෙකුගෙන් යුත් දුප්පත් පවුලක ඉපදුණු හොසේ (ජොසේ)මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමෝ, පළමුවැනිවරට ජේසු නිකායේ, ලතින් ඇමරිකා රටක, මෙන්ම යුරෝපීය නොවන රටකින්, මෙන්ම ප‍්‍රැන්සිස් යන නාමය යටතේ රෝමානු කතෝලික සභාවේ 266 වැනි පාප්තුමා ලෙස පත්වූහ
. මෙතුමා රසායන විද්‍යා උපාධිධාරයෙක්ද වේ. ඔහු තමන්ගේ ආහාර තමා විසින්ම සකසා ගන්නා ඉතා සරල ජීවිතයක් ගතකරන පූජකවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙනුත් සුභපැතුම් (දී)
ඔහුට සුබ පතමි (ස)
පාපේ පදවියට ඉතාම සුදුස්සෙක් පත් වී ඇති බව මගේ හැගීමයි. ඔය කරුණට අමතරව උන්වහන්සේ ඉතාම අල්පේච්ච ජීවිතයක් ගත කරන අයෙකු ලෙස ප්‍රසිද්ධයි. මෙතුමා ආර්ජන්ටිනාවේ බිෂොප් ව සිටියදී එම පදවිය වෙනුවෙන් ලැබූ වරප්‍රසාද වන සුඛෝපභෝගී වාහනය හා කාර්යාලය ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. එමෙන්ම දුප්පතුන්ට උදව් කළ අයෙකි. එවන් අයකු අප කතෝලික සභාවට නායකත්වය දෙන එක ගැන අප සතුටු වන්නෙමු . (නි)
අපේ ගෞරවනීය සුබ පැතුම් ! ජේසු පිහිටයි (ස)
ශ්රී ලාංකිකයින් වන අප සැමගේ සුභාශිංසනය! (නි)
රෝමානු කතෝලික දහම ලොව පුරා පතුරවන්න සහ වෙන් වී ගිය කතෝලිකයන් නැවත එකතු කරන්න ඔබුතාමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ප්‍රශංසා වේවා ! (ස)
අපරාධ, දූෂණ පුවත් විතරක් පළවෙන අද රටේ මේ පුවත ඉතාමත් හොදයි. (නි)
සුභ පැතුම් ! (නි)
සරළ පූජකයෙක් නිසා සතුටුයි.. අපේ කාදිනල්තුමාගේ වාහනය දැක්කාම එයා ගැන හිතාගන්න පුළුවං.!(නු)
සුබ පැතුම් , දිගුකල් වැජඹේවා (ස)
සුබ පැතුම් (ස)
සුභ පැතුවට පොඩ්ඩක් හරි ඉරිසියා ඇති.. මොකද මෙයත් ඡන්දෙට ගිහිං පැරදුනානේ..!(නු)
දැන් මේ කතාව ඇති (ස)
අපේ ගෞරවනීය සුභ පැතුම් (ස)
සැමදේටම ලංකාදීපයට තුති! (නි)