
(නිමල් ජයරත්න)
සහල් සඳහා රජයෙන් ඉල්ලා සිටින සහතික මිල ලබා නොදුනහොත් ලබන සතියේ සිට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ් සංගමය පවසයි.
පොලොන්නරුව ගිරිතලේ අග්බෝ හෝටලයේදී අද සවස පැවැති සහල් නිෂ්පාදකයන්ගේ සංකමයේ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව පැවැසීය.
නාඩු සහල් කිලෝවකට රුපියල් 110ක් ද, සම්බා සහල් කිලෝවකට රුපියල් 130ක් ද කීරි සම්බා කිලෝවකට රුපියල් 160ක් වශයෙන් ලබා දෙන ලෙසට මීට පෙර ජීවන වියදම් පිළිබඳ කමිටුවට ලිඛිතව දන්වා සිටි බව ද එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා කියයි.
වත්මන් රජය බලයට පත් වී තම සහල් ව්‍යාපාර සඳහා ගැසට් නිවේදනයන් පැනවීම තුළින් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය කරන මෝල් 750ක් පමණ මේ වන විට වසා දමා ඇතැයි ද සුරාජ් ජයවික්‍රම මහතා කියයි.
මේ වන විට පාරිභෝගිකයනට නියමිත මිලට සහල් නොලැබෙන බවත් ඉදිරියේදී රට තුළ උග්‍ර සහල් හිඟයක් ඇති වන බැවින් ඊට පෙර වහාම සාකච්ඡාවක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳන්න පුළුවන් ප්‍රශ්න ඔඩු දුවන්න තෙක් කප්පම් ඇමතිලා ඉන්නකල් මේ රට ගොඩ යනවා බොරු. හංගනවා-කොමිස් එක දාගනනව -වැඩි කරනවා හොරා කන සල්ලි වලින් කොච්චර කල් ජීවත් වෙන්නද ?
බත් එපා. හරකුන්ට ඕන පුන්නක්කු. ඒව හදන මෝල් දමනවා.
කොහොමද සර්ගේ කෘෂිකර්මාන්ත නගාසිටුව වැඩ...
සෞභාග්‍යයේ දැක්ම පෙන්වලා තියෙනවා වගේ..?
පොහොර නැති නිසා තව මාස 2-3 ක් යනකොට අස්වැන්න අඩුවෙලා හාල් පිටරටින් ගෙන්වන්න සිදු වෙනවා. එම නිසා ඕවා ඉවත් වුණා කියලා එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතුරු වී ටික ගන්න වී අලෙවි මණ්ඩලය තිබෙනවා..
කෘෂිකර්මාන්තයේ වැඩි ලාභයක් ලැබිය යුත්තේ ගොවියා මිස අතරමැදියා නොවේ. මෝල් හිමියන් සහ සහල් වෙළෙන්ඳන් අතරමැදියන් ලෙස සිටිමින් පසුගිය කාලයේ අධික ලාබ ලබාගත් උදවියයි. මේ අයට දැන් සිදුවී ඇත්තේ තමන්ට ලැබුණු සුපුරුදු ලාභය අඩුවීමයි. අතළොස්සක් වන මෝල් හිමියන් තමන් ලබන ලාභය තව දුරටත් අඩු කිරීමට එකඟ නොවේ නම්, රජය කළ යුත්තේ බහුතරයකගේ සෙත පිණිස හාල්මෝල් රජයෙන් පවත්වාගෙන යාමයි.
කෝ අර ඔරකල් ඩේටා බේස් එකේ තිබ්බ හාල් ටික.
හාල් නැතුව බත් කන්නම්.
කොහොමටත් රටින් හාල් ගේන එක ලාබයි . ඔය කුඹුරු වල ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන්.
ස්වයංපෝෂිතව තිබූ රටකට, බහුබූත ප්රජාතන්ත්රවාදයකුයි බහුබූත විවෘත ආර්ථිකයකුයි හඳුන්වා දීමේ දිගුකාලීන ප්‍රතිවිපාක තමයි මේ. රජයට අයිති තිබුනු දේවල් විකුණලා දැන් පුද්ගලයන් කියන කියන විදිහට නටන්න වෙන තත්වයක් ඇතිවෙලා. දීර්ඝකාලීන විසඳුම් හැටියට රජය විසින් සෑම කෙෂ්ත්රයකම කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. නැත්නම් අපි ඡන්දෙ දෙන අය නෙවෙයි අපිව පාලනය කරන්නේ ව්‍යාපාරිකයෝ වේවි. දැනටමත් ඒහෙම වෙලා ඉවරයි. දැන්වත් ඒ්වා පාලනය කරන්න.