රංජන් කස්තුරි
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සකස්කරන ලද මිල සූත්‍රය අනුමැතිය සඳහා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ එකඟතාවය මත මේ වනවිට මිල සූත්‍රයක් සකස් කර තිබෙන බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් එය ලබන සතියේ කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පවසයි.
මිල සූත්‍රය සකස්කළ පසුව ලෝක වෙළඳපළේ ඉන්ධන මිලහි උච්ඡාවචනයට අනුව මිල නියම වන අතර එමගින් පාරිභෝගිකයින්ට සහ භාණ්ඩාගාරය යන දෙපාර්ශ්වයටම සාධාරණයක් ඉටුවන බවද පැවසේ.
ඉන්ධන මිල අවසන් වරට 2015 වසරේ සංශෝධනය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගිකයට හෝ භාණ්ඩාගරයට නම් සාධාණයක් වුනාට කමක් නෑ. හැබැයි මැති අැමතිලට මේකෙන් සෙතක් වෙනවනම් එතන අපිට ඊරිසියාක් තියනවා. එ් මොකද කිව්වොත් ඔවුන් භුක්ති විඳින වරදාන වලට සරිලන සේවයක් මෙතෙක් අපේ රටට සිදු නොවු නිසා. මේ රටේ ජනතාව අසීමිත බදු ගෙව්වට, මැරීගෙන මහන්සිවෙලා වැඩ කළාට වැඩක් නෑ. ජාතික ධනය ඉතා සුළු පිරිසකගේ සාක්කුවට වැටෙන නිසා රට හැමදාම එකම තැන.
මෙය මිල වැඩි කිරීමට කරන උත්සහ කරන සූත්රයකි.
අත්‍යවශ්‍ය ආහාර වලට, විදුලි බිලට සහ ජලයට බදු ගහන්නේ නැතිව ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් රජයේ අරමුදල තුලිත කිරීම සාධාරණයි.
වැඩබැරි යහපාලනයේ තවත් වික්‍රමයක්.!
මිල සූත්‍ර වලින් වැඩක් නැහැ. ඉන්ධන මිල තව වැඩි කරන්න. මහපාරක යන්න බැහැ. ඒ තරමටම වාහන පිරිලා. කුඩා දරුවන් පවා, මෝටර් සයිකලයට හා ත්‍රී වීලරයට හුරුවෙලා. පයින් අඩි දහයක ගමනක් යන්නේ නැහැ. මිනිසුන්ව පාපැදිවලට හුරුකරවන්න සුදුසු කාලය තමයි මේ. අනික දියුණු රටවල අපේ රටේ තරම් පුහු මාන්නක්කාරයෝ නැහැ. උසස් රැකියා කරන මහත්ම මහත්මීන් පවා රැකියාවට යන්නේ, පාපැදිවලින්.