(මොහොමඩ් ආසික් සහ චමිල් රූපසිංහ)
මිලි මීටර් 12 ක් ඝණකමින් යුත් දඟර කම්බි 22 ක් තත්පර 48 ක් තුල සිය හිසින් නවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජානක කාංචන මුදන්නායක අද උත්සාහ කළේය.
මහනුවර රථගාලේ උඩුමහලේදී අද සවස මෙම ලෝක වාර්තාව පිහිටුවීමේ උත්සාහය ගත්තේය.
මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක, පළාත් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, කර්මාන්ත සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමුදු කරුණාරත්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක, මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආමේනියානු ජාතික ආමේනියන් ඇඩොල්ෆ් විනාඩියක් තුල යකඩ කම්බි 18 නැවීමේ වාර්තාව බිඳ දැමීම මුදන්නායක මහතාගේ උත්සාහය විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙය රෙදි පොටවල් අල්ලන එක නවත්තල ...., කම්බි පොටවල්ද අල්ලන්නේ ..........
හඟුරන්කෙත කොල්ලන්ට ඕවා නතිං නේද එස් බී මහත්තයෝ....
රටට හෝ තමන්ට පලදායි වැඩක් නොකරන ඇඟ පුම්බාගත් ඔලුව හිස් මිනිස්සු.
නමට සිංහල වූ අප අතර දසමහා යෝධයන් තවම ලක් බිම හැර ගොස් නැත .
අනුන්ගේ ඇඟටත් ඉරිසියා කරන මිනිස්සුත් ඉන්නවනේ.
පිටිගල මිලානොගේ කුහක කම ප්‍රසිද්ධියේ පුවත්පතට පවසා ඇත...මිලානෝ වල ඉන්නා ඉතාලිකාරයින්ගේ වැසිකිලි සේදීම රටට වැඩදායි නිසා එසේ හිතෙන්නට ඇත....
ඇත්තටම මොකක්ද මේ වාර්තාවේ අගය? යකඩ නමන්න මැෂින් තියෙන්නේ. මේවා ඇත්තටම වෙලාව කන දේවල්. කොටපල්ලකෝ කුඹුරක් පැය 24ක්.. එක්කෝ අතුගාන්නකෝ පාරක් පැය 24, ඇදපන්කෝ ටොන් ගාණක කුණු ගොඩක්... මේ වගේ දේවල් කරන්න අපේ අය අකමැතියි. ඇයි ටොයිලට් සේදීම ගැන නක්කලේට කතා කරන්නේ? මැද පෙරදිග ඉන්න ගැහැණු මිනිස්සු ගොඩක් කරන්නේ ඒක තමයි. ඒ මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලිවලින් ලංකාවේ ඉන්න නිකම්මු කාලා බීලා පාටි දාන්න පුළුවන්. රස්සාව හරි නෑ. පිටිගල මිලානො නෙමෙයි කුහක... එයාගේ කතාව ඇත්ත. ගෙයක වැඩක් කරගන්න මිනිහෙක් නෑ. ගහකට යන්න මිනිහෙක් නෑ. කුලියට හාන්න කෙනෙක් නෑ. හැබැයි ඔලුවෙන් යකඩ නවන්න, බයික් එකේ හිටගෙන යන්න, පපුව උඩින් ජීප් යවන්න පොරවල් ඉන්නවා..