මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයට සැදැහැවතකුගේ වෙස් ගෙන ඇතුළු වූ සොරකු විහාරගෙයි ඇති පිං කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇතැයි විහාරාධිපති වැලිගල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මිරිහාන පොලිසියට පැමිණිලි කළහ.
සැකකරු විහාරගෙට ගොස් මල් පූජා කර පසුව පිං කැටය කඩන අයුරු සීසීටීවී කැමරාවල පටිගතවී ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්ය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයට පින පලදීලාද කොහෙද. (නි)
සත්‍යා, නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයා බොර දියේ මාළුබාන්න එපා. (නි)
මල් පූජා කරපු ගමන්ම පින පළදෙනවා කියලා මිනිහා හිතාගෙන ඇති (නි)
මෙයා නම් බඩගින්නට හොරකම් කරන්න ඇති (නි)
අනේ කමක් නැහැ, නැති බැරි කෙනෙක්නෙ කැඩුවේ (නි)
පන්සලේ පින් කැටේ කී දෙනෙක් හොරෙන් කඩනවද ? නීත්‍යානුකූලව ඔය පින්කැටෙන් අඩුම ගානේ පන්සල්වලටවත් උදව්වක් තියෙන්නේ හරිම අතලොස්සක් පන්සල්වල විතරයි. හාමුදුරුවනේ බුද්ධ ධර්ශනයට අනුව අතහරින්න පුරුදු වෙන්න. බන කිව්වට මදි බන පිලිපදින්නත් පුරුදුවෙමු. වෛරයෙන් වෛරය නොසන්සිදේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න. ඒ මනුස්සයට ජීවත්වෙන්න මගක් කියාදෙන්න කළුතර බෝදිය සහ මාලිගාව එක්ක කතා කරලා. (නදී)
මේ දවස්වල නිතර පන්සල් යන හොරු ප්‍රමාණය වැඩිවෙලා වගෙයි පෙනෙන්නේ (නි)
එතකොට මේ පුද්ගලයා පන්සිල් පද පහ කියලද ? (නදී)
මේ පුංචි අහිංසක හොරෙක්! ඔය පින් කැටේ කැඩුවා කියලා මොකක්ද ගන්න පුළුවන් මුදල? (නි)
‘අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි‘ දන්නේ නැතිව ඇති සමහරවිට මේ පුද්ගලයා නේද (බ)
සත්‍ය" පන්සලේ පින්කැටය කැඩුවට හාමුදුරුවෝ සොරා මත්තේ නැහෙන්නේ නැහැ. මන්ද එතුමන්ල තණ්හාව අතහැරීමේ මාර්ගය හෙවත් නිවන් මාර්ගය කරා යොමුවෙන නිසා. ගොඩක් පන්සල්වල හාමුදුරුවන්ව ඝාතනය වුනේ නිදන් වස්තු ලබා ගැනීමට පැමිණි සොරුන් අතින්. අන් ආගමික ස්ථානවල වෙවැනි වටිනාකමක් ඇති නිදන් වස්තු නැත. තිබුනානම් ඒ හොරු ඒ තැන් වලට අනිවාර්යෙන්න්ම පනිනවා. ඒ නිසා අනුවන පාප කාරයන් කරන ක්‍රියාවන් දෙස බලා ආගම් සංසන්දනය කරන්න යන්න එපා. (බ)
හරිම අපූරුයිනේ! මොහුට නම් හොඳ දඬුවමක් දියයුතුයි (නි)
මේවා පින් කැට නොවේ . මේවා පඬුරු කැට (බ)
'පින් හොරා' අතේ මාට්ටු! (නි)
සමහරු පන්සල් යන්නේ පින්වත් සිතින් නොවේ. මොහුටත් එවැනි සිතුවිල්ලක් එන්න ඇති. (නි)
සමහරු ආගමික ස්ථානවලට යන්නේ කුසල් ඇති සිතකින් නොවේ.තමාගේ වාසියට.මොහු අනාගතයේදී දේශපාලකයෙක් වේවි. (නි)
පව්, දුප්පත් කෙනෙකුට කන්න දුන්නා කියලා හිතාගන්න පුළුවන්. මොනවා වුණත් මොහු බලවත් පාපකර්මයක් සිදුකරගත්තා (නි)
බුදු මැදුරේත් සීසීටීවී කැමරා සවිකරන්න වුණා කියන්නේ මේ රටේ උදේ හවස කියන බණ කවුරුවත් අහන්නේ නැතුවාවද්ද? (නි)
පන්සල් වල පින් කැට කැඩුවට පල්ලිවල පින් කැට කැඩූ බවක් නම් අපි කවදාවත් අහල නැහැ. හාමදුරුවෝ සිය ගණන් පන්සල් වල මරා දැමුවත් වෙනත් ආගමක කිසිම පුජකයෙකුට අත නොතැබීමේ රහස කුමක්ද? ඒ ආගම්වල ඔවුන්ව රකින්න දෙවි වරු ඉන්නා නිසාද. මෙසේ පන්සල්වලට හිමිවරුන්ට හිරි හැර කර දෙන්න යන පණිවිඩය බෞද්ධයොත් දෙවිවරයෙකු ගේ පිහිට පැතිය යුතු බවද? (බ)