මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් වහීඩ් හසම් තෙදින නිල සංචාරයක් සදහා අද කටුනායකින් දිවයිනට පැමිණියේය.
විදේශ කටයුතු ඇමති ජී එල් පීරිස් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි යන මහත්වරුන් ගුවන්තොටේදී ඔහු පිළිගනු ලැබීය.
මහින්ද රාජපක්ෂ ජනපති සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත මේ සංචාරය ඔහුගේ මංගල ලංකා ගමනයි.
මාලේ ජනපති ගාලු කොටුව බැලීමට යාමටද නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාලු සංවර්ධනයට මාලදිවයින් ආධාර පතමි.. (ස)
බැලුවද ලස්සනද
ඉතියෝපියාවේ ජනාධිපති එහෙම මේ පැත්තේ යන්න එන්නේ නැද්ද? (නි)
බංගලිදේශ ජනපති එන්නේ නැද්ද? (නි)
ගෙවුණු සති දෙක තුළ ලංකාවට ලොව බලවත්ම රාජ්‍යය තුනක නායකයන් පැමිණියා. මම හිතන්නේ මෙයාල එන්නේ ලංකාවේ ආශ්චර්යය දැකගන්න වෙන්න ඇති නේද ? අපි මොනතරම් වාසනාවන්තද? (නි)
ලංකාවට දැන් හැමෝම එනවා. (නි)
අමිල සමරවීර ඔයා මාලේ ගැන දන්නේ මොනවාද (අ)
මොනවාද මේ කරන්න යන්නේ (අ)
මාලදිවයින ලංකාවට වඩා දියුණු රටක් ලංකාවෙ වගෙ වර්ජන නැහැ (අ)
සනත් ඉන්දික - මෝඩයෙක්වගේ කියවන්න එපා (අ)
ගෙවුණු සති 2 තුල ලංකාවට ලොව බලවත්ම රාජ්‍යය 3 ක නායකයන් පැමිණිය. මම හිතන්නේ මෙයාල එන්නේ ලංකාවේ ආශ්චර්යය දැකගන්න වෙන්න ඇති නේද .... අනේ මටනම් දැන් පිස්සු වගේ අනේ .... කාටද ඉතින් ආඩම්බර (ස)
කොච්චර ආදර්ශමත් නායකෙයක්ද? කණ්ඩායමටම 5යි. අපෙන් ගියානම් 500 වත් යනවා. ඉතින් ආසියාවේ ආශ්චර්ය මාලදිවයින බවට පත්වෙන එක අමාරු වැඩක් නෙමෙයි. අමල් සමරවීර, ජගත් කථාව හරියට හරි. අපි ලංකාවේ වුණාට මෙහෙටම ගැතිවෙලා හිතන්න නරකයි. එතකොට වැරදි කරන කෙනාමයි හොදට පේන්නේ. (නි)
ලංකාවට ආධාර එනකොට අදහස් දක්වන අය නිශ්ෂබ්ධයි.. (ස)
අධ්‍යාපන ඇමති නොව ජනපති පාසලකට ආවත් පාසල් දරුවන්ගේ එක් කාලච්ඡේදයක් වත් නාස්ති නො කරන, දෙමාපියන්ගෙන් ශතයක් වත් අය නො කර දරුවන්ට සුපිරි පහසුකම් සමග නවීන අධ්‍යාපනයක් ලබා දෙන මාලදිවයින ආදර්ශයකි.(නු)
පිස්සු... (ස)
ශ්රී ලංකාවට සාදරයෙන් පිළගනිමු. (ස)
කට්ටිය කතන්දර කියන හින්දා අඞලා අඞලා ගෙන්න ගත්තෙ මෙයාව. (ස)
ඇයි මෙතුමාව ගෙන්නා ගත්තේ? (නි)
ලංකාවේ ආශ්චර්යය බලන්න යනවා (නි)
මගෙන් සුභ පැතුම්! (නි)
අපේ රටේ අය පෙළපාලි යන තරමින්ම රටේ සංවර්ධනය මැනිය හැකියි (නි)
සාදරයෙන් පිළිගන්නවා සර්ව.. (ස)
ඒ ඔක්කොමත් හරි. ඒත් මට තියෙන ප්‍රශ්නේ අපේ සමහරුන්ගේ කොණ්ඩය එන්න එන්නම කලු වෙනවනේ. (නි)
අමල් - ජගත් දෙන්නාගේ කතාවෙන් පේන්නේ ආසියාවේ ආශ්චර්ය මාලදිවයින බවට පත්වෙන එකයි. එතකොට ලංකාවට මොකද වෙන්නේ? ලංකාවේ අඩුපාඩුකම් විතරක් මිනිස්සුන්ට පෙනුනට හොද පැත්තකුත් තියෙනවා නේද? (නි)
රටේ කඩා වැටෙමින් තිබු ආර්ථිකය මෙතුමා ජනාධිපති ධුරයට පත්ව ඉතාම කෙටි කලකින් ස්ථාවරත්වයට පත්කරනු ලැබුවා. උගත්කම හා දේශපාලන පරිණතභාවය හේතුවෙන් මෙතුමා මේ වනවිට මාලදිවයින් ජනතාවගේ මහත් වූ ජනාදරයට පත්ව සිටින කෙනෙක්. කඩයකින් තේ එකක් බිවුවත් වේටර් කෙනෙකුට සන්තෝෂමක් දෙන්නට තහනම් මාලදිවයින නීතිය හා සාරධර්ම ඉහලින්ම පිළිපදින රටක් ලෙස එහි කාලයක් තිස්සේ සේවය කරන මා හොදින් දන්නවා. (නි)
යන්තම් අහලා තියෙනවා මේ රට ගැන. (නි)