මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් හසන් දෙදින නිල සංචාරයක් සඳහා බ‍්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ජනාධිපති මොහොමඞ් නෂීඞ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මාලදිවයින ජනාධිපති ධුරයට පත් වූ වහීඞ් මාලදිවයින ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මෙරටට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ලස්සන බලන්න (දී)
දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට වැඩියෙන් ම වියදම් කරන රට මාලදිවයිනයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.7% කි. එය නේපාලයේ 4.7%, ඉන්දියාවේ 3.2%, පාකිස්තානයේ 2.9%, බංගලාදේශයේ 2.4%. ලංකාවේ එය 1.9% පමණකි. අධ්‍යාපනයට වැය කරන මුදල සැබෑ ආයෝජනයක් බව අප වටහා ගෙන නොමැත. (ස)
මිල්ටන් මහතාණෙනි, ඔහේ ඉංදියාවේ හා බංගලාදේශයේ අය කීයක් විතර වැඩද? (ස)
ප්‍රතිවාදීන් හිරේ යවන විදියක් අහගෙන යන්න වෙන්න ඇති..(ස)
දැන් අපේ ලංකාවට එන්නෙම ස්වාසිලන්තෙන්, සීෂෙල්ස් වලින් නැත්නම් මාලදිවයිනෙන් වගේ රට වල නායකයෝ. ඒ අය එක්ක තමයි ගිවිසුම් ගහන්නෙත්. මොකද දන්නේ නැහැ. (නි)
ස්වාසිලන්තයේ රජු කිව් දේ දැන ගන්න කට්ටිය පෝලිමේ...(ස)
ඇයි ඒව රටවල් නෙවෙයිද ඔයාලට ඕන ඇමරිකාව එංගලන්තෙ ප්‍රංශෙ ජර්මනිය වගේ ඒව විතරද ?(ස)
මාලදිවයින කවදත් අපිට හිතවත් රටක් නේ...(ස)
ඇමරිකාව එංගලන්තෙ ප්‍රංශෙ ජර්මනිය නැති උනාම මොකද ස්වාසිලන්තෙන්, සීෂෙල්ස් වලින් නැත්නම් මාලදිවයිනෙන් ලැබෙන උදවු උපකාර අපට හොඳම ඇති.(ස)
මාලදිවයින හා සබඳකම් තර කර ගැනීම ඉතා වැදගත්. දැනට ඔවුන් වඩා ගනුදෙනු කරන්නේ අපට වඩා ඉන්දියාව, මැලේසියාව හා සිංගප්පූරුව ආදී රටවල් සමගයි. එළවළු ආනයනය කරන්නෙ චීනයෙන් හා වෙනත් රටවලින්. රැකියා වල නියුතු ලාංකික අය දැන් ඉතා අඩුයි. බහුතරය ඉන්දියන් හා බංග්ලාදේශ අය. ගුරු හා හෙද රැකියා අවස්ථා අපේ අයට ලබා දෙන්න රජය කටයුතු කල යුතුයි. ගුරුවරයෙකුගේ මාසික වැටුප රුපියල් 110000 පමණ වෙනවා. අපේ අය එවීමට නිසි වැඩපිළිවෙළක් නැති කමින් සෑම පාසලක ම හා රෝහලක ම ඉන්නේ ඉන්දියානුවන්. මෙහෙ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කළේ ලංකාවේ අය ඇවිත්. ඒ බව මොවුන් තාම පවසනවා. (ස)
මෙතුමාටත් අර ස්වාසිලන්තේ එක්කෙනාට වගේ අන්තඃපුර තියෙනවද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපේ කී දෙනෙක් මාලෙ වැඩ කරනවද කියලා දන්නවද? ලංකාවෙ 10000 ක් විතර මෙහෙ වැඩ. මෙහෙ ඩොලර් එක 15.40යි. දන්නෙ නැති දේවල් වලට කට නොදා ඉන්නවා නම් තමයි හොද. (නි)