හිටපු ජනාධිපති ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කළැයි චෝදනා ලබා සිටින මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් එරට අරාජික තත්ත්වය මැඩපැවැත්වීමට වෙහෙසෙයි. මාලේ වීදිවල බදාදා ගැටුම් හා විරෝධතා හටගත්තේය. හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ ආධාරකරුවෝ රජයේ ගොඩනැගිලි හා පොලිසිවලට පහර දෙන්නට වූහ. ගැටුම් ඇවිලී ගියේ හමුදාව තම හිසට තුවක්කු එල්ල කැර පදවියෙන් ඉල්ලා අස්වන ලෙස බල කළැයි පැවැසීමෙන් පසුවය. ඔහුගේ ආධාරකරුවෝ දහස් ගණනින් මාලේ නුවර පෙළපාළි යමින් පොලිසිවලට පහර දුන්හ. පෙර දින මහා වැස්සෙන් පසුව අද පොද වැසිත් සමග මාලේ වීදි සංසුන් වී තිබිණ. නව ජනපති විසින් ස්වදේශ හා ආරක්ෂක ඇමැතිවරු දෙදෙනෙක් හදිසියේම පත් කරනු ලැබූහ. මාලේ ගැටුම් ඈත දූපත්වලට ද පැතිරී ගිය බව එහි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අබ්දුල් මනන් යුසුප් පිළිගත්තේය. තමා ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කළ නව ජනපති (හිටපු උප ජනපති) වහා ඉල්ලා අස්විය යුතු යැයි ද නෂීඞ් කියයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලේ අද සන්සුන්
නිශාන්. Thursday, 09 February 2012 12:51 PM
මම මාලදිවයිනට ආවේ 1996.2.9 දින. අදට අවුරුදු 16ක්. හිතට ගොඩක් දුකයි මාලදිවයිනේ ඉදිරි අනාගතය ගැන හිතනකොට. අල්ලා දෙවියනේ මේ රට රැකදේවා. අද මම ඇතුළු පවුලේ අය සතුටින් ඉන්නේ මේ රටේ පිහිටෙන්..
මහේශි Thursday, 09 February 2012 01:30 PM
වෛරයෙන් වෛරයෙ සංසිදෙන්නේ නැත.. ලද දෙයින් සතුටු වීම කටත් හොදයි.