හිටපු ජනාධිපති ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කළැයි චෝදනා ලබා සිටින මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් එරට අරාජික තත්ත්වය මැඩපැවැත්වීමට වෙහෙසෙයි. මාලේ වීදිවල බදාදා ගැටුම් හා විරෝධතා හටගත්තේය. හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ ආධාරකරුවෝ රජයේ ගොඩනැගිලි හා පොලිසිවලට පහර දෙන්නට වූහ. ගැටුම් ඇවිලී ගියේ හමුදාව තම හිසට තුවක්කු එල්ල කැර පදවියෙන් ඉල්ලා අස්වන ලෙස බල කළැයි පැවැසීමෙන් පසුවය. ඔහුගේ ආධාරකරුවෝ දහස් ගණනින් මාලේ නුවර පෙළපාළි යමින් පොලිසිවලට පහර දුන්හ. පෙර දින මහා වැස්සෙන් පසුව අද පොද වැසිත් සමග මාලේ වීදි සංසුන් වී තිබිණ. නව ජනපති විසින් ස්වදේශ හා ආරක්ෂක ඇමැතිවරු දෙදෙනෙක් හදිසියේම පත් කරනු ලැබූහ. මාලේ ගැටුම් ඈත දූපත්වලට ද පැතිරී ගිය බව එහි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අබ්දුල් මනන් යුසුප් පිළිගත්තේය. තමා ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කළ නව ජනපති (හිටපු උප ජනපති) වහා ඉල්ලා අස්විය යුතු යැයි ද නෂීඞ් කියයි.
(ඒ.එස්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මාලදිවයිනට ආවේ 1996.2.9 දින. අදට අවුරුදු 16ක්. හිතට ගොඩක් දුකයි මාලදිවයිනේ ඉදිරි අනාගතය ගැන හිතනකොට. අල්ලා දෙවියනේ මේ රට රැකදේවා. අද මම ඇතුළු පවුලේ අය සතුටින් ඉන්නේ මේ රටේ පිහිටෙන්..
වෛරයෙන් වෛරයෙ සංසිදෙන්නේ නැත.. ලද දෙයින් සතුටු වීම කටත් හොදයි.