(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මිරිහාන ජුබිලිමාවත ප්‍රදේශයේ නිවසක දින කීපයකට පෙර මියගියා යයි සැක කරන පිරිමි පුද්ගලයෙකුගේ සහ නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් එම නිවසේ කාමරයක තිබියදී සොයා ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
එම නිවස අවටින් දුගඳක් හැමීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලූ අසල්වාසියෙකු මෙම මළ සිරුරු දෙක පිළිබඳව පොලිසියට කළ දැනුම් දීමක් මත මිනිහාන පොලිසියේ නිලධාරීන් විසින් පැමිණ මෙම සිරුරු දෙක සොයාගනු ලැබූහ.
මියගොස් ඇති පිරිමි පුද්ගලයා අවුරුදු 80 පුද්ගලයකු වන අතර කාන්තාව 96 වන අඹු සැමියන් බව පොලිසිය පවසයි.
මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd