(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී නෙදර්ලන්ත තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සිදු වීමට පෙර පැවති සංචාරක හෝටලයේ සාදය සඳහා රජයේ ප්‍රබල දේශපාලනඥයකු සහභාගී වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් ඊට අදාල හෝටලයේ සී.සී.ටී.වී.කැමරා දර්ශන පටිගත වී තිබුනද ඒවා මැකී ගොස් තිබෙන බව දැන ගන්නට ඇත. පටිගත වූ එම දර්ශන මකා දැමුවේද එසේත් නොමැති නම් එම දර්ශන ගබඩා වී තිබෙන කාලය ඉකුත් වී ඇත්ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.
අදාල දේශපාලනඥයා සාදයට සහභාගී වී පිටව ගොස් මිනිත්තු තිහකට පමණ පසුව මෙම ආරවුල ඇති වී තිබෙන බව කියති.
ඉකුත් 08 වැනිදා මෙම සිද්ධිය සිදු වී තිබූ අතර ඉන් දින පහකට පමණ පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.ඒ හිරිහැරයට පත් වූ විදේශීය සංචාරකයන් පොලීසියට ඊමේල් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මීට අමතරව මිරිස්සේ පැවැත්වෙන බීච් පාටි සඳහා දේශපාලඥයින්ට අමතරව කොළඹ ප්‍රධාන පාතාල කල්ලි නායකයින් ද සහභාගි වී තිබෙන බවට තොරතුරු හෙලි වෙමින් තිබේ.
නෙදර්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකු මේ වන විට පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.
මේ අතර වැලිගම මිදිගමදී ඊශ්‍රායල් ජාතිකයින් පස් දෙනෙකුට අතින් පයින් හා පොලු වලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දේශපාලඥයින්ට සහ ප්‍රධාන පාතාල කල්ලි නායකයින් එකට සාද පවත්වදී, රටේ පාතාලය තුරන් කරන්නේ කෙසේද?
සංචාරක උපදේශකයෙකු වන මටත් තියෙනවා අමිහිරි අත්දැකීම් මේ වගේ ස්ථාන ගැන. ගාල්ලේදී මහනුවරදී සහ කොළඹදී ජපන් චීන සහ යුරෝපීය ජාතික බෞද්ධ ස්වාමීන්වහන්සේලා හෝටල්වල නතරවී සිටියදී අපේම සිංහල මිනිස්සු එම තැන්වලදී අපහාස කළා "මොකටද මේ තැන්වලට එන්නේ" කියලා. සිංහල දන්නා එක් ප්‍රංශ ජාතික ස්වාමීන්වහන්සේ නමක් මට පසුව පැවසුවා ලංකාවේ සමහර මිනිස්සු වනචාරීන් වගේ කියලා. හෝටල් පරිපාලනයෙන් කිසිම පියවරක් ගත්තේ නෑ මගේ පැමිණිල්ලට. ලංකාවේ ලෝකල් සංචාරකයෝ හිතාගෙන ඉන්නේ හෝටල් තියෙන්නේ කන පැලෙනකම් බොන්නයි සල්ලාලකමටයි කියලා. ඉතින් කොහොමද සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ වනචාරී නැහැදිච්ච අය ඉන්න රටක??? මිරිස්සේ අපරාධකාරයන්ට ඉරානයේ වගේ දඬුවම් දෙන්න ඕනෑ. පොලිසියට බැරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න සංචාරක හෝටල් නවාතැන්පොළවල් ආදිය ගැන ක්ෂණික පියවර ගැනීමට බලයලත් හමුදා කොමාන්ඩෝ බට පිරිස් ඉන්න ඕනෑ. මම මේ දේ කිව්වේ තරහින් නෙවෙයි හිතේ වේදනාවට.
මිනිස්සු දරු පවුල් පිටින් පිටරට පදිංචියට යන්නේ යස ඉසුරු සොයන්නම නෙවෙයි. මෙහෙම ගියොත් ළමයින්ව හරියට හදා ගන්න තියා ගෙදර ආච්චිවවත් ආරක්ෂා සහිතව බලා ගන්න බැරි තත්වයක් රටේ තිබෙන නිසා.
රටට බොහොම කීර්තියක් අත් වෙන දෙයක්නේ සමහර පුරවැසියන් කරලා තිබෙන්නේ. බොහොම ලැජ්ජයි.
මේක තමා සංචාරකයන් පිළිගැනීමේ අලුත්ම පිළිවෙත.
ලංකාවත් දැන් සෝමාලියාවේ තත්වයට වැටිලා. අපේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අබ සරණයි. මේ වගේ ක්‍රියා කරන අය මර්දනය කිරීමට දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි...
වලාන දුෂණ මර්ධන ඒකකය මෙන් ඉතාම ස්වාධීන සහ කාර්යක්ෂම සංචාරක පොලිස් ඒකක දකුණු පළාත අවට ඇතිකළ යුතුයි. සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් ලංකාව පිලිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ උනොත් නැවත ගොඩනැගිය නොහැකිය. අප රටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව ඉතාම ඉහලින් ආරක්ෂා කිරීම රජයේත්, සාමාන්‍ය මහජනතාවගේත් වගකීමයි. එ ඔවුන් අපගේ අමුත්තන් වන බැවිනි.
මෙරටේ කුමන හෝ අකටයුත්තක් සිදුවෙලානම් එතන දේශපාලුවෝ ඇති. මෙය රටේ සංස්කෘතියට එක්වෙච්ච අලුත්ම අංගයයි.
අපේ රටේ ඉන්න මෙවැනි අසහනකාරීන් නිසා ලංකාව කවදාවත් සංචාරක රටක් කල නොහැකිය.
කුණු වැඩක් ඇත්නම් ඉතින් අපේ ගෞරවනීය දේශපාලක මහත්තයෙකුත් ඇති, නැත්නම් ඉතින් අඩුපාඩුවක් නේ.
ශ්‍රි ලකාවේ සංචාරක කර්මාන්තයට මෙවැනි සිදුවීම් සෘජුවම ඉතා නරක අන්දමින් බලපාන අතර ලෝකයේ අනෙක් රටවල් ශ්‍රි ලංකාව පිළිබදව වැරදි , නරක සහ අයහපත් ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම නොවැලැක්විය හැකිය.
"සී.සී.ටී.වී.කැමරා දර්ශන පටිගත වී තිබුනද ඒවා මැකී ගොස් තිබෙන බව දැන ගන්නට ඇත. " ඕව කියපල්ලා කොන්ඩෙ බැදපු චිනට !!
සාමානයෙන් සාමාන්‍ය මිනිස්සු සංචාරකයන්ට ප්‍රහාරයක් එල්ල කරන්න බියවෙනවා ,නමුත් දේශපාලකයන් සහ ගෝලයන් එවැනි දේවල් කරන්න බියක් දක්වන්නේ නැහැ , ගොඩක් මෝඩ මිනිස්සු හිතන්නේ දේශපාලකයෙක් සමග එකට වැඩිවෙලා එක බෝතලෙන් මත්පැන් බිවම , වෙරි හින්දෙන්න ඉස්සල්ල ඕනෑම දෙයක් කරලා නීතියෙන් බේරෙන්න පුළුවන් කියල ,
බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සු ලෝක වාර්තා තියන්න හරි දක්ෂයිනේ !!
මේවට තමයි කියන්නේ දෙවියෝ පය තියන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා.. අපි වුනත් රටකට යන්න කලින් සොයල බලනවා එම රටේ තත්වය, මේක නම් රටේ තත්වය, සංචාරක ව්‍යාපාරයට දෙවියන්ගේම පිහිටයි... මෙහෙමත් කාලකන්නි සමාජයක්...