( තිළිණි ද සිල්වා )
මිරිස්ස ප‍්‍රදේශයේ හෝටලයකදී විදේශිකයින් කිහිපදෙනෙකුට හිරිහැර සිදුවූයේ යැයි කියන සිද්ධියට අදාළ නීතිමය කටයුතු සඳහා සිද්ධියට මුහුණ පෑ විදේශිකයින් යළි මෙරටට ගෙන්වීමට සියළු වියදම් රජයෙන් ගෙවීමට සුදානම් බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (20) පැවසීය.
එම සිද්ධියට මුහුණ පෑ එම විදේශිකයින්ට මෙරටට පැමිණ පරීක්ෂණ සඳහා සහාය දෙන්නැයි ද ඔවුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා මිරිස්ස ප‍්‍රදේශයේ සංචාරක හෝටලයකදී නෙදර්ලන්ත හා බි‍්‍රතාන්‍ය ජාතිකයින් තිදෙනෙකුට හිරිහැර සිදුවිණි යැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු වල ප‍්‍රගතිය දැනුවත් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ අද (20) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡා වකට සහභාගී වෙමිනි.
ඔවුන් මෙරටට ගෙන්වීමේදී වැයවෙන සියලූ ගමන් වියදම් , ගුවන් ටිකට් පත් සහ නවාතැන් පහසුකම් රජයේ මුදලින් ගෙවීමට සූදානම් බව සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ අදාළ සිදුවීමට සම්බන්ධය යැයි සැකකෙරන පුද්ගලයින් හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 26 වැනිදා අධිකරණයේ සිදු කෙරන බවත් , ඔවුන් හඳුනා ගැනීමට එම විදේශිකයින් සහාය දෙන්නේ නම් එම පරීක්ෂණ තවත් ශක්තිමත් වන බවය.
එසේම මෙම සිද්ධියත් සමඟ මෙරට සංචාරක් කර්මාන්ත දැඩි බලපෑමක් එල්ල වූ බැවින් අදාළ සිදුවීමට මුහුණ පෑ විදේශිකයින් අයත් රටවල් හි තානාපතිවරුන් හා අනෙක් සියලූම රටවල් තානාපතිවරුන් ලබන 25 වැනිදා කොළඹදී එක් රැස් කොට සිදු කරන පරීක්ෂණ සම්බන්ධ දැනුම්වත් කිරීමටද බලා පොරොත්තු වන බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ ජෝන් බාස්ට යයි වගේ....
මෙයට පාතාලය සම්බන්ධ නිසා ඔවුන්ව පරිගණක තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම ඉතා වැදගත් යයි අපට නම් සිතේ.
රජයේ මුදල් යනු මහජනයාගේ බදු මුදල් නේද? ඔය වියදම් වැරදිකරුවන්ගෙන් අයකර ගන්න. නැත්නම් අායෙත් බදු වැඩිකරේ.
අපේ බදු වලින් ගෙවන්න. හරියට මේ අයගේ සල්ලි වලින් ගෙවනවා වගේ කියන්නේ...
අපිට ගහන බදු වලින් ගෙවන්න.... හරියට මෙයාලා ගෙවනවා වගේ කියන්නේ...
හරි නම් මේ සල්ලි පහර දුන් පුද්ගලයින්ගෙන් සහ රෙස්ටුරන්ට් හිමිකරුගෙන් ලබාගත යුතුයි.
බලන් ඉන්න. මේවගේ දේවල් යටගහලා ඔබලාගේ ඔය කුපාඩීන් බේරාගෙන යට ගහපල්ලා. සංචාරකයින් තවතව වැඩිවෙයි. නොදෝකින් මේ වගේ පාලකයින්...
වින්දිතයෝ ගෙනාවත් මොකද කරන්නේ? අපේ රටේ නඩු මාස 3න් 3 ට කල්යනවා. එහෙම වුනොත් මාස 3න් 3ට ගුවන් ටිකට්පත් රජයෙන් ගෙව ගෙවා මේ ගොල්ලන් ගෙන්න ගන්න වේවි!!! අනිත් එක මේ අය කැමති වේවිද ඔවුන් කරන රැකියා වලින් නිවාඩු, අධ්‍යාපන කටයුතු දමාගෙන මාස 3න් 3 ට මෙහෙ එන්න. අන්තිමට නඩුව විසිවෙනවා. දේශපාලකයෙකුත් සම්බන්ධ නිසා කොහොමත් ප්‍රහාරකයෝ නිදහස් වෙනවා. මේකට හොඳම විසඳුම මින් ඉදිරියට සංචාරකයින්ට ප්‍රහාර එල්ල කරන මිනිස්සු එකෙක් දෙන්නෙක් සුදුවෑන් එකක යවන එක... එහෙම වුණාම කවුරුවත් සංචාරකයින්ට අත තියන එකක නැහැ. ලංකාවේ බීච් බෝයි මාෆියාව මර්ධනය කරන්න සාමාන්‍ය ක්‍රමයට නීතිය ක්‍රියාත්මක කරලා බැහැ. ඔවුන්ට තේරෙන විදිහට උත්තර දිය යුතුයි.
ජෝන් බාස් මේ වැඩේත් අනාගනීවිද?