(ක්රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම මිරිස්ස මුහුදු වෙරල තීරයේ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙරල සංරක්ෂණ හා වෙරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත.
ඒ අනුව අනවසර ඉදිකිරීම් ලෙස දැනට හඳුනා ගෙන ඇති හෝටල් 18 ක් පොලිස් ආරක්ෂාව යටතේ කඩා ඉවත් කිරිමේ කටයුතු අනිද්දා (11) දින සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා පොලීසියේ නිලධාරීන් සිය දෙනෙකු විශේෂ රාජකාරී යටතේ වැලිගම මිරිස්ස වෙරල තීරයට කැඳවා තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඊට අමතරව ජල හා කඳුළු ගෑස් සහිතව කැරලි මර්දන කණ්ඩායම් කිහිපයක් ද සීරුවෙන් තබා ඇත.
අදාල හෝටල් හිමියන් හා ප්රාදේශීය දේශපාලඥයින්ගෙන් එල්ල විය හැකි විරෝධතා පාලනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා පසුගිය කාලේ ලංකාවේ හිටියේ නැති නිසා පත්තරේ එහෙම බලන්න බැරි වෙන්න ඇති... මුස්තාපා කියලා තියෙනවා. ඕවා එකකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා. ඕකත් අර ඇස්බැස්ටෝස්, ග්ලයිපෝසෙට් තහනම් කළා වගේ අකුලා ගන්න වේවිද?
ඔන්න ඔහොම ඉන්නවා නම් මොනවා කරන්න බැරිද?
මාර ඕඩර්ස් නේද?
පොර වගේ නියෝග කළාට හෙට වෙද්දී අකුලා ගන්නවා ඕක... ඕන ඔට්ටුවක්... !!!
ඔයවගේ හිටියනම් පොහොට්ටු මඩේ...
ඊට කලින් රක්ෂිත වනාන්තර වල හෝටල් කුකුල් ගොවි පළවල් සැදීම නවත්වන්න
එතකොට වැව් තාවුලු වල හෝටල් ?
එතකොට නැගෙනහිර අනවසර ඉඩම් ඒවාට ටිකක් බයයි නේද ..?
සමහර ලොකු ගෙවල් තියෙන අය මාළු වාඩි දාගෙනත් තියෙනවා වෙරලේ.
මේ ඉවත් කිරීම් තාවකාලිකව නවත්වා හෙට විශේෂ කමිටුවක් පත් කරයි මේ ගැන විශේෂ වාර්තාවක් ගන්න.
මෙතුමාගේ කට මිසක් වැඩ නැහැ. 2015 සිටම කියවනවා. කරපු වැඩක් නැහැ. කරපු එකම දේ තමයි රට කාපු එක... සිරිසේන කියන කිසිම දෙයක් දැන් මිනිස්සු ගණන් ගන්නේ නැහැ.
බලමු සතියක් ඇත්තටම කෙරේයිද කියලා.
මුතුරාජවෙලටත් මේ වගේ පොර ටෝක් දුන්නා. හැබැයි පරණ විදියටම වැඩේ වෙනවා. මට තේරෙන්නේ මෙතුමගේ නියෝග අදාල අංශ වලින් ගණන් ගන්නේ නැහැ වගේ... රට ඉවරයි.
මෙයත් අර රට පාලනය කරන ගෘප් එකේනේ !!