විස්සයි විස්ස ක්‍රිකට් තරගයට පසු මිරිස්සේ මළගෙයක් ඇතුළු ගෙවල් 10-15කට පමණ අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි.
ධීවරයෝ ඇතුලු 800ක් පමණ දෙනා වෙරළ ආරක්ෂක බලකා මූලස්ථානය අසලට රැස්ව ඇත්තේ එම නිවාසවලට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමිනි.
ගෙවල්වල ජනෙල්වලට මෙන්ම බඩුමුට්ටු වලටද හානි සිදුකොට ඇත.
සාමය රැකීම සඳහා පොලීසියට අමතරව ගාල්ලෙන් නාවික හමුදාව කැඳවා ඇත.
මිරිස්සේ සිද්ධියක් වී ඇති නමුත් එහි නිවැරැදි තොරතුරු නොදන්නා බව වෙරළාරක්ෂක බළකායේ ලුතිනන් කමාන්ඩර් බුලේගොඩ ආරච්චි කියයි. මේ ගැන සෙවීමට කොළඹින් පිරිසක් එන බවද ඔහු කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් තරගය අවසන් වුණාට පස්සේ ලංකාවේ ඇතිවුණ එකම කලබැගෑනිය මේක විතරද? (නි)
අද රටට මොනවද මේ වෙන්නේ? (නි)
ඇත්ත සිද්ධිය දැනගන්න කැමතියි (ස)
පැරදුණහම ක්‍රීඩකයන් නරකයි. දිනුවහම හොදයි කියනවා. (නි)
මෝඩ අය නිසා අහිංසකයොයි දුක් විදින්නේ ,(ස)
ඇත්තටම මොකද වෙලා තියෙන්නේ , පැහැදිලි මදි ,ක්‍රිකට් නිසානම් අමුම අමු පිස්සෝ (ස)
ජය පැරදුම දරාගන්න හිතට ශක්තිය තියන බව අපි දන්නවා ඔය හැමටම (ස)
මම නම් හිතන්නෙ නෑ මේක මැච් එක පැරදුනු නිසා ගෙවල් වලට ගහපු සිද්ධියක් කියල.මේක මොකක් හරි පරණ තරහකට මැරයො ටිකක් කරපු වැඩක් සහ ඒක මැච් එක පිටින් යවල බේරෙන්න හදපු උත්සාහයක්.(ස)
ලංකාව අපායක් වෙලා, අනේ අසරණ අපි ,(ස)
මේකෙ කමෙන්ට් දාලා තියෙන්නේ මුකුත් නොදැන.ගමේ මිනිස්සුන්ට ගහලා තියෙන්නෙ වෙරළ ආරක්ෂක බලකායෙන් ,(ස)
ක්‍රිකට් නිසානම් අමුම අමු පිස්සෝ (ස)
නියම මිනිහෙක්නේ ගුටිකාලා තියෙන්නේ .(ස)
එහෙම ක්‍රිකට් මැච් එකක් තිබුණද ? මට මතක නෑනේ (ස)
අපේ රටේ ඉන්නේ පුදුම පිස්සෝ . පව් අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ,(ස)
කොළඹ ඉන්නේ ඔලු දෙකක් තියෙන අයද? (නි)
ඕක ගාල්ලේ වුණානම් එයාලා කන්නේ අපේ පාසල් යන පොඩිවුන්ගෙන්. (නි)
ශාන් හරි. වාර්තාවේ විස්තර මදි. (නි)
අපේ රට කියන්නේ මෝඩ දේශපාලුවන් ඉන්න රටක්. (නි)
මේක ඉන්දියාවෙන් කොපි කරලා තියෙන්නේ. (නි)
මේක ජාත්යටන්තර කුමන්ත්‍රණයක්. (නි)
මේකෙ හරි විස්තරයක් තාම කවුරුවත් දන්නේ නැහැ.. පොඩි ගැටලුවක් ලොකු කරගෙන මෙතන කීප දෙනෙක්.. උපක්‍රම ශීලීව කෝස් ගාඩ් එක එතනින් ඉවත් කරන්න හදන්නෙ.. ඒ ගැන ටිකක් හෙව්වොත් හොද නැද්ද?(නු)
කොහොම වුණත් අපේ ලංකාවේ මෙහෙම දෙයක් වුණ පළවැනි වතාව මේක නෙමෙයි (නි)
අයියෝ සල්ලි
ක්‍රිකට් පිස්සෝ
මදාවියෝ (ස)
ශ්රී ලාංකිකයෝ ....(ස)
අපිට මොන ක්‍රිකට්ද ? (ස)
ජය පැරදුම සමව බෙදාගන්න ඕනි , පිස්සෝ වගේ හැසිරෙන්න හොඳ නෑ (ස)
මෝඩයෝ (ස)
මේක නෑයෝ එකක් ප්‍රශ්නයක් නෙමෙයි ලෝක කුසාලාන ප්‍රශ්නයක් (ස)
සිංහලයගේ ගතිය තමා මෙවැනි වැඩ වලින් විදහා පාන්නේ.. රටකට ගිය කලක්....!!(ස)
ගේ අයිති මාලිංගටද ? (ස)
ගහපු අයගේ මොලේ පරීක්ෂා කරන්න (ස)
පැරදුන ශෝකයට වෙන්න ඇති , දිනුව දවසක සමාව අරන් හදලා දේවි..මෝඩයෝ (ස)
කනගාටුයි
මොකද්ද හේතුව
ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ
මෙයාලා දැන් ඉන්දියාවේ අය වගේ වෙන්න හදනවද කොහෙද ? මෝඩයෝ (ස)
ක්‍රිකට් උන්මාදයද ?? නැත්නම් මෝඩකමද ? ඇයි මිනිස්සුනේ මෙහෙම හැසිරෙන්නේ ? (ස)
ගහගෙනම මැරෙන්න අරින්නයි තියෙන්නේ. මෙහෙම අය රටට බරක්. (නි)
ඉන්දියාව වගේ වෙලාද ?(ස)
මෝඩ මිනිස්සු (ස)
ඉන්දන මිල වැඩි කරන්න (ස)
පොලිසියත් සෙල්ලම් කරන අය දිහා බලාගෙන කාලය කනවා. (නි)