දකුණු කොරියාවේ පැතිරී යන ‘මාර්ස්‘ රෝග කාරක වෛරය මෙරටට ඇතුළුවීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය, ගුවන්තොටුපළ කළමනාකාරීත්වය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව වැඩපිළිවෙළක් දියත් කර ඇත.
දකුණු කොරියාවේ සිට පැමිණෙන සෑම මගියෙක්ම පරීක්ෂාවට ලක් කෙරෙන අතර විදේශයක සිට එන ඕනෑම අයෙක් උණ රෝගයෙන් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන්ම ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයට දැනුම් දෙන ලෙස මගීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇතැයිද මාර්ස් රෝගය සම්බන්ධයෙන් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන්ම මගීන් දැනුම්වත් කිරීමේ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද අමරසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබියේ වැඩ කරන අපෙන් මුදල් ගසා කන විදෙස සේවා කාර්යංශයේ කටිටියට මර්ස් හැදුනට කමක් නැහැ (අ)
ස්වේච්ඡාවෙන් පරික්ෂා කර පමණක් මේ ලෙඩේ මෙරටට ඒම නතරකරන්න බැහැ. පෙනෙනවා නේද ජපන් සහ චීන රටවල ආරක්ෂා විධි දාපු හැටි (නි)