පානදුර තන්නිමුල්ල වටරවුම් පාර හන්දියේ විදුලි පහන් කණුවක ස්විචයක් දැල්වීමට ගිය එක් දරුපියකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අලෙවි නියෝජිතයකු වන තුෂාර අල්විස් නැමත්තෙකි.
පානදුර තන්නිමුල්ල වටරවුම් පාර හන්දියේ විදුලි පහන් කණුවක ස්විචයක් දැල්වීමට ගිය එක් දරුපියකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අලෙවි නියෝජිතයකු වන තුෂාර අල්විස් නැමත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දලාල්, මෝඩ කතා කියන්න එපා (නි)
නන්දලාල් ඔයා යන්න ලංකාවට. ගිහින් කරලා බලන්න ඒ ලයිට් කණුවල ස්විච් දාන වැඩේ ඔය මෝඩ කතා නොකියා. (නදී)
නන්දලාල් අවරුදු 15 කින් 20 කින් ලංකාවට ගිහින් නැති නිසයි මෙහම කතා කරන්නේ. බලපත්තරයක් ඉක්මනින් ලැබේවා.! (ර
නන්දලාල් ලංකාවෙ නෙමෙයි වගේ. (ර)
කාගෙත් දොස නිසා වටිනා ජිවිතයක් නැති වුණා (ම)
පව්, අසරණයා, ඒක එයාගේ රාජකාරියක් ද ? කවුද එයාට පාරේ ලයිට් දල්වන්න උපදෙස් දුන්නේ ? බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ඔහොම වෙනවලු.(නදී)
නන්දලාල් - ට පිළිතුරක් කොළඹ, ටවුන්වල වගේ නෙවෙයි ගම් වල, අතුරුපාරවල් වල තියන ලයිට් දාන්නේ ඒ පැත්තේ මිනිස්සුමයි. ඕෆ් කරන්නෙත් එයාලමයි. ඒ වැඩේ ලේසි වෙන්න සාමාන්‍ය ගෙවල්වල තියනව වගේ ස්විච් එකක් තමයි දැන් කනුවෙ හයි කරන්නේ. අපේ හන්දියේ තියන ලයිට් එක දාන්නෙත් අපි. ඉතිං මේ නැතිවුන කෙනෙත් සුපුරුදු විදිහට ලයිට් එක දාන්න හෝ ඕෆ් කරන්න යන්න ඇති. (නදී)
නන්දලාල් මේ ප්‍රංශෙ නෙවෙයි... බූරුවෙක් වගේ බූරු කතා කියන්න එපා(නදී)
අප විසින් මුලින් දැමූ කොමෙන්ටුව පලවී නොමැත. මෙම මරණයට සම්පූර්ණයෙන් වග කිව යුත්තේ තන්තිරිමුල්ල ප්‍රාදේශීය සභාවේ පාලකයන් සහ කාර්‍ය මන්ඩලයයි. මෙය ඉතාමත් අනාරක්ෂිත ලෙස සකසා තිබුන ස්විච් එකක් (නදී)
නන්දලාල් , මොලේ ඇතුව කමෙන්ට් දානවනම් කතන්දර අහන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. ගොන් කතා කියන්න එපා (නදී)
හිටපු ජනපති ජයවර්ධන මහත්තයා කිව්වේ තමාගේ ආරක්ෂාව තමාම සළසාගත යුතුබවයි.මේ මහත්තයාත් ටිකක් ආරක්ෂා සහිතව මේ වැඩේ කරන්න තිබුණා.ස්විච් එක අවදානම් බව දැක්කා නම්. කෙසේනමුත් ඔබට නිවන් සැප ලැබේවා! (නි)
නන්දලාල්, මෝඩ කතා කියන්න එපා (නි)
අනේ පව් මේ පවුල දැන් අසරණයි (නි)
ඔහුට නිවන් සුව පතමු !!! (නි)
කවුරුහරි විදුලි බුබුල නිවාදැමිය යුතුයි. නැත්නම් මුළු දවසම දැල්වෙනවා.ගම්වල රෑට දානවා උදේට නිවනවා.ඔහු රටේ හොඳ පුරවැසියෙක් ,ඔබේ විපත කම්පනයක්.ඔබට නිවන් සුව පතමි! (නි)
නන්දලාල් කියන්නේ ඉස්සර මෙහෙ හිටපු පුදුම මෝඩයෙක්.අපේ ගෙවල් ළඟ පහන් කණුවේ ස්විචය දා ගන්නෙත් අපිම තමා. (නි)
නන්දලාල්,ඔයා ඉන්නේ ප්‍රංශයේද? මේ අනතුර නම් වෙලා තියෙන්නේ ලංකාවේ (නි)
අෂාන්,"මොළේ තියෙන මනුස්සයෙක් " හැටියට මගේ ප්‍රතිචාරයට ඔයාගේ පැහැදිලි කිරීම ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා.මෙරටට පැමිණීමට පෙර මා පදිංචි වී සිටි නගරයේ මාර්ගයේ විදුලි පහන් දැල්වීම කළේ මෙම අනතුර සිදුවුණ විදියට නොවෙයි. කොක්කක් සවිකරගත් ලී රිටක් අතින් ගෙන පාපැදියකින් එන පුද්ගලයෙක් විදුලි කණුවක් පාසා, ඉතා උසකින් මුද්දක් සවිකර තිබෙන ස්විචයක් ක්‍රියාත්මක කර විදුලි පහන දල්වනවා. පසුදා උදේ යළි පැමිණ පහන නිවා යනවා. මේ කටයුත්ත නාගරික සභාව සතු වගකීමක් මිස ගම්වාසීන්ගේ වැඩක් නොවන බව කියලයි මා හිතාහිටියේ. වැසි දිනක හෝ කුණාටු පවතින වේලාවක මේ වැඩේ කරන්න ගියොත් සිද්ධවෙන දේ ගෙන කියන්න ඕනෑද? එවිට එහි වගකීම නගර සභාව බාරගන්නවද? (නි)
අනේ පවු දෙවියනේ! (නි)
අපි රණ්ඩු වෙන්නෙත් මෝඩකමට අවාසනාවන්ත ලෙස මිය යන්නෙත් මෝඩකම නිසා. විදුලි කම්බි සහ ස්විච් සම්බන්ධයෙන් අතගහන ඕනෑ කෙනෙක් අමතක කරන්න නරකයි මේක සිරි ලංකාවේ විදුලිය බව. (නි)
මෙම මරණයට වගකිවයුත්තේ විදුලිය සපයපු අය. වන්දි මුදලක් ගෙවිය යුතුමයි. (නි)
මෙය අනවශ්‍ය ඛේදවාචකයක්. මාර්ග විදුලි පහන් අඳුරු වැටෙන විට ක්‍රියාත්මක කර හිරු එලිය වැටෙන විට නිවීම ස්වයංක්‍රීය කළ හැ කියි. අවශ්‍ය වන්නේ රු. 500 වැනි මුදලක්. මෙම කාර්යය සඳහාම නිපදවා ඇති ෆෝටෝ සෙල් ඒකකයක් භාවිතා කිරීමයි . ඉතා හොඳ ගුණාත්මක තත්ත්වයේ මෙවැනි එ්කක අප රටේත් නිපදවනවා. පළාත් පාලන ආයතන මේ ගැන නොදැනුවත් කියා සිතන්නට අපහසුයි. මෙවැනි ඒකකයක් ස්විච්චියකට වඩා කල් පවතිනවා. වැසි දිනවල ස්විච්චියට අත තිබීමෙන් සිදූවන මෙවැනි විදුලි සැර වැදී ම් ඉන් වලකා ගත හැකියි. (නදී)