යාපනය, අනුරාධපුර, වවුනියාව ආදී ඈත පෙදෙස්වලින් කොළඹ බලා යෑමට ආ පෞද්ගලික බස් පනහක් පමණ දඹුල්ලෙන් ගමන නවතා බස් මගීනට මුදල් ගෙවනු දැකිය හැකිවිය. මඟදී තම බස් වලට පහර දීමට මැරයන් යොදවා ඇතැයි කියමින් රියදුරෝ ජීවිතාරක්ෂාව පතා ධාවනයෙන් ඉවත්වූහ. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය රියැදුරනට කරුණු කියාසිටියත් දඹුල්ලෙන් ධාවනය වූයේ ලංගම බස් පමණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ වින්ද දුකක්. මේවට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලබා දෙන්න ඕන.
අපි ලක්ෂ 40 ක් 50 ක් යට කරලා බස් අරන් තියෙන්නේ පින් කරන්න නෙවේ. ලාබ අරන් ජීවත් වෙන්න. තෙල් වලට දවසකට අමතර 2500 ක් 3000 ගියාම ලාබයක් කෝ . අපිට බැහැ මිනිස්සු ගැන හිත හිතා ඉන්න. මොකෝ ආණ්ඩුව මිනිස්සු ගැන හිටන්නේ නැතුව තෙල් මිල වැඩි කරානම් , අපි විතරක් මොකටද මිනිස්සු ගැන හින්නේ. ඒක නිසා අපිට බැනල වැඩක් නැහැ. අනික ලංකාවේ මිනිස්සු මොනවා හරි දෙයක් කරද්දී බලන්නේ ඒක කොහොම හරි කරගන්න හොදින් හෝ නරකින්. දැන් බලන්න චන්දෙදි කොහොමද කියල. ඒක ලංකාවේ හැටි. අපි එකයි අපේ පොදු තීරණයට විර්රුද්දව යන අයට බස් දුවන්න ඉඩ දෙන්නේ නැත්තේ .
අපේ ලංගමය හොදට තිබුණනම් ඔය ප්‍රශ්න නැහැනේ..
දුර්වල ආර්ථික කලමණාකරණයක ප්‍රතිඵල තමයි මේ. ආණ්ඩුව දැන්වත් තමන්ගේ කලමනාකරණය ගැන හිතන්න වෙනවා..