ඉතාලියේ පලැර්මෝ නගරයේ 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට පස්දෙනකු පොලූවලින් පහරදී රන්මාලයක් හා යුරෝ 1000 (රුපියල් 172000) පැහැර ගත් බව ඉතාලි පොලිසියට පැමිණිලිකර ඇත. පහරකෑමට ලක් වූ පුද්ගලයා වාසය කරන පොලාරා මාවතේ මහල් නිවාසයට ඇතුළු වන ප‍්‍රධාන දොරටුව අබියසදී ඔහු පහරකෑමට ලක්ව ඇත. එසැනින්ම එතැනට පැමිණි පොලිසියට ප‍්‍රහාරයකට ලක් වූ පුද්ගලයා විසින් පහරදුන් පුද්ගලයිනගේ හැඩරුව හා ඇඳ සිටි ඇඳුම් සහ පලා ගිය දෙස පැවසු අතර පොලිසිය ඔවුන් පසුපස හඹායන්නට විය. එසේ ගිය පොලිසියට රේ ෆෙදරීකො මාවතේ නවතා තිබූ වාහන අතර සැඟවීමට උත්සාහ කළ බාලසුබ‍්‍රමනියන් මුරුගතාස් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ වන විට ඔහුගේ ඇඳුම්වල ලේ තැවරී තිබිණි. අනෙක් සැකකරුවන් පලාගොස් ඇත. තුවාලකරුගේ හිසට මැහුම් 12 ක් දැමීමට සිදුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනයිද ඇල්ලුවේ? අනේ මදිනේ. තව පෝළිම් ගාණක් ඉන්නවා. (නි)
චී චී නන්දන, වෙන්නප්පුවත් තියෙන්නේ ලංකාවෙමයි. එහෙනම් ඔය සිද්ධ වෙන දේවල් වලට ඔයත් වගකියන්න ඕනෑ, (නි)
නන්දන ගත්තු දේවල් මුකුත් දුන්නේ නැහැනේ. (නි)
මේ අයට මිනී මරන්නත් ඕනේ. සල්ලිත් ඕනේ. (ස)
යුරෝපයේ තියෙන්නේ ඉතාමත්ම දියුණු පොලීසියක්. ලංකාවේ පොලීසිය ස්වාධීන සහ කාර්යක්ෂම විය යුතුයි. (ස)
ඉතාලියේ ශ්‍රී ලාංකික සමාජය තුල මුදල් වංචා සහ හොරකම් බහුලව දක්නට ලැබෙනවා. මින් වැඩි හරියකට වෙන්නප්පුවේ කට්ටිය වග කිව යුතුයි. (ස)
මැරයෙක් වගේම කොටියෙක් අල්ලන් (ස)
ඔන්න ඉතිං බබාලා රණ්ඩු වෙන්න ගත්තා. මේක ඉතාලියේ වුණ සිද්ධියක්. (නි)
නියමයි. (ස)
හිරේම තියා ගන්න
ඉතාලියේ ලාංකිකයන්ට අරාබි දඩුවම් දියුයතුයි. (නි)
නන්දන මහත්තයෝ, නිකන් මිනිස්සුන්ට ගරහන්න එපා.ඔයා කරපු දේවල් ඔයා දන්නවා නේද?වෙන්නප්පුවේ මිනිස්සු ඇරෙන්න අනිත් ඔක්කොම හොඳ මිනිස්සුද? (නි)
අයියෝ සල්ලි
ජයවේවා
ජය වේවා! (නි)