හොර හරක් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමෙන් පසු මාරවිලදී සිදු වු මාරක රිය අනතුරක තොරතරුද අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගෝගොඩ නොවිසිඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
ගවයින් ඝාතනයට යොදා ගත් ආයුද රැසක් ද සොයාගත්තේය. ගවයින් ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ කුලි රථ ආයතනයකින් ලබාගත් සුඛෝපභෝගී වෑන් රථ දෙකක් ද පොලිස් බාරයට ගත්තේය. ඉන් එක් වාහනයක් පසුගිය 30වැනි දා මාරවිල කොස්වාඩියේ දී යතුරුපැදියකින් ගමන් ගත් මව පියා සහ දරුවා අනතුරට ලක් කර ගොස් ඇති වාහනයකි. අනතුරින් පසු ඔවුන් තුවාල කරුවන් පසෙකට ඇද දමා පළා ගොස් ඇති බව මූලිකි පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න (නි)
නිසි දඩුවම් ලබා දිය යුතුයි. (ර)
ජයා රැවටුණ එක සාධාරණයි (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
අල්ලගත්තු හරක් හොරුන්ගේ නම් ගම් හා ෆොටෝ ප්‍රසිද්ද කරන්න.(නදී)
අහිංසක තිරිසන් සතුන්ට කරන දෙයම උන්ටත් කළ යුතුමයි (නදී)
උඩම පොටෝ එකේ වම පැත්තේ ඉඳල හතර වෙනියට හිටගෙන ඉන්න කෙනා හොඳට හිනා වෙනවා. අම්මප ළඟක හිටියා නම් (නදී)
ඒ පොලිසියේ එක්කෙනෙක් (නදී)
පිට බැද්දර ඔයා ඔහොම ඉන්න (නදී)
පිටබැද්දර ජයා එතැන ඉන්නේ පොලිසියේ නිලදාරීන් හරක් හොරු නොවේ (නදී)
කොහොමත් වරද වරදමයි. නිසි දඬුවම් දියයුතුමයි (නි)
වරදට දඬුවම් ලැබෙනවාමයි (නි)
ජයා, සවුත්තු වුණාද මන්දා..! (නි)
හරක් අදින්නේ සුපිරි වෑන් වලින්.පොලිසියෙන් අල්ලනවා.උසාවියෙන් සුළු දඩයක් ගහලා නිදහස් කරනවා.හරක් ටිකත් දෙනවා. (නි)
සමහරුන්ට දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ පොලිසියේ ඇඳුම... (නි)
ඡායාරෑපයේ පොලිස් නිල ඇඳුම් ඇඳලත් ඉන්නවා.සාමාන්‍ය ඇඳුම් ඇඳලත් ඉන්නවා.සමහරවිට පිටබැද්දර ජයා හිතන්න ඇති පොලිසියයි හරක් හොරුයි එකට ෆොටෝ අරගෙන කියලා ... (නි)
පිටබැද්දර,නුඹ ගැන නම් කතාකර වැඩක් නැහැ (නි)
පවු මියගිය අහිංසක සතුන්ගේ ජීවිත! (නි)
අපරාධයක් කරලා කවදාවත් වහන්න බැහැ (නි)
මේ මිනිසුන් මේ පවු කවදා ගෙවා නිමකරන්නද? (නි)
නම් ගම් ප්‍රසිද්ධ කළා නම් අපිට දැනගන්න තිබුණා (නි)
හොර හරක් ජාවාරම නැති කරන්න බැහැ. අද ගියා හෙට එළියේ. ඊට පස්සේ ගෙදර ඉන්න කිරි හරකත් බලා ඉඳිද්දීම අරගෙන යනවා. පොලිසියට ගියාම කියනවා තමන්ගේ හරකා පරිස්සම් කරගන්න තමන් දැනගන්න ඕනෑ කියලා. (නි)