
(විමුක්ති එස් රුද්‍රිගු)
මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත.
ඩෙන්මාර්කයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම ඇල්ගොරිතමය ගොඩනගා තිබේ.ඩෙන්මාර්ක රජයද මෙම පර්යේෂණයට සහාය දක්වා ඇති අතර රජය මගින් ලබා දුන් මිලියන 6 ක ජනතාවගේ දත්ත ඩූම් කැල්කියුලේටර් වෙත පර්යේෂකයන් ඇතුලත් කර ඇත.එහිදී එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඩූම් කැල්කියුලේටරය බොහෝ දේ ඉගෙන ගෙන තිබේ. එලෙස ලබා ගත් දැනුමෙන් පුද්ගලයන්ගේ ජීවිත ගමන් කරන දිශාව පිළිබඳ අනාවැකි පළ කිරීමට ඩූම් කැල්කියුලේටරය ඉගෙන ගෙන ඇත.
පර්යේෂණයට සහභාගී වී 2020 වසර වනවිට මියයන බවට ඩූම් කැල්කියුලේටරය අනාවැකි පළකල අයගෙන් සියයට 78 කට ලබා දුන් අනාවැකි සාර්ථක වූ බව පර්යේෂකයන් කණ්ඩායම ප්‍රකාශ කළේය.නමුත් කිසිම විටකත් එම පුද්ගලයන් මියයන බවට ඩූම් කැල්කියුලේටරය ලබා දුන් දිනයන් එම පුද්ගලයන්ට නොදැන්වූ බවද පර්යේෂකයෝ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ව රවට්ටලා නූතන විද්‍යාවට ඕනෑදෙයක් කරන්න පුළුවන් කියන්නනේ මේ උත්සාහය... මිනිස්සු රවට්ටන්න හොඳයි...!
මට හිතන්නේ මිනිස්සු මේක දැනගත්තාම හැමදාම බලයේ ඉන්න දඟලන එකක් නැහැ කියලා තමයි. නමුත් සමහරක් අය තමන් මැරෙන්නේ නැහැ කියලා කරන්න තියෙන වැඩ කල්දමමින් ඉන්නවා. සමහර විට එහෙම දේවල් අඩුවෙන්න ඉඩක් තියෙනවා. ඒ අතරේ හොරකම්, මැරකම් ටිකක් වැඩිවෙන්නත් පුළුවන් කියලා හිතෙනවා.
ලොක්කෝ මැරෙන්නේ කවද්ද කියලා කියන්න ඉස්සෙල්ලාම අපිට පොඩ්ඩක් සූදානම් වෙන්න...
බාගෙට මරණ විදිහ නම් හොඳටම දන්නේ දැන් අය තමයි. ඒ අය ගෙනාපු අරගල හැත්ත බුරැත්තට සෑහෙන්න සතුටු ඇති ඒ ගැන...
70% ක් කියන දේ හරියනවා. ඔය දේවාලවල ඉන්න හොර කපුවෝ කියන දේවලුත්... මොකුත් නැති මිනිහෙක් කීවත් ආසන්න වශයෙන් හරියනවා. ඕකට ඔච්චර වියදමක් දරන්න ඕනේද? ඕවා කවදාවත් හරියන ඒවා නෙමෙයි. අනතුරකින් මැරුණොත්, සියදිවි හානි කරගත්තොත් ඒවා.." පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ " කතාවක්... හිට්ලර්ට ඔහුගේ ජෝතිෂ්‍යවේදියා කීවාලු පොඩ්ඩක් පරෙස්සන් වෙන්න මාරකයක් තියෙනවා කියලා. හිට්ලර් ඇහුවාලු ඔබට කොහොමද මාරක එහෙම තියෙනවාද කියලා... මිනිහා කීවලු මට එහෙම මොකුත් නෑ කියලා. හිට්ලර් ඒ මිනිහා වෙඩිතියලා මැරුවාලු... මාරක නෑ. මිනිහා මැරුණා.
සාමාන්‍ය මිනිස්සුම ඇතුළු කරපු දත්ත වලින්, සාමාන්‍ය මිනිස්සුම ලියපු කේත වැඩසටහන් ක්‍රමයක් විසින්, ඒ ඇතුළු කල දත්ත විශ්ලේෂණය කරලා නිකම් අනාවැකියක් කියනවා මැරෙන කාලය.. නමුත් මැරෙන දවස සහ වේලාව හරියටම කියන්න නූතන විද්‍යාවට බැහැ. ඒකට දිවැස හෝ දිවැසින් නිර්මාණය කරපු, කර්මයන් විශ්ලේෂණය කළ හැකි විද්‍යාවක් හෝ අවශ්‍යයි... නිවැරැදිව වේලාව කියන්න නම්....
සත්වයෙක්ගේ මරණය සිද්ධ වෙන්නේ කර්මයට අනුව. කෘතීම බුද්ධියකට පුළුවන්ද කර්ම විෂය ගැන නිවැරැදි ගණනය කිරීම් කරන්න? එක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේ පරිගණක වැඩසටහන මිනිසෙක් ආහාර ගන්නා රටාව, ජීවත් වෙන රටාව ගැන දත්ත ඇතුළු කළාම වැඩසටහන කේතනය කරලා තියන ක්‍රමයට අනුව අනාවැකියක් පෙන්වනවා. එච්චරයි. (ඒක නිවැරැදිම අනාවැකියක් නෙමේ)