කොළඹ මරදානේ රථවාහන තදබදයට ප්‍රධාන හේතු තුනක් සොයා ගත් බව කොළඹ රථවාහන පොලිසිය කියයි.
මරදාන පාලම හන්දියේ සිට කාර්මික හන්දිය දක්වා මාර්ගය පටු වීම, පංචිකාවත්තේ හා සංඝරාජ මාවතේ තදබදය ගැන පසුගිය දිනවල පැවැත්වූ සෝදියකදී කරුණු සොයා ගැනීමට සහකාර පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක මහතා ඇතුළු පිරිසකට හැකි විය.
කාර්මික විදුහල් හංදිය දක්වා මංතීරුවක් වැඩි කර, පංචිකාවත් හා සංඝරාජ මාවතේ මාර්ග ද පළල් කිරීමට යෝජනා කර ඇත.
ඒ සඳහා අඩු ගණනේ මාසයක්වත් ගත වෙතියි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මම ඔය හරියෙන් ඉස්කෝලේ ගියේ අවුරුදු තිහකට විතර කලින්. ඒ කාලෙත් ඔය හරියේ වාහන තදබදය තිබුනා. ටික ටික එක දෙගුණ තෙගුණ වුනා. මේ අවුරුදු තිහටම හොයාගත්තේ නැති දෙයක් අර ආකිමිඩිස් වගේ මේ නිස්සංක මහත්තයා හොයාගත්ත එක කොයි තරම් දෙයක්ද? අපේ කරුමෙට එතුමා ඉපදුනේ පහුවෙලා. රටේ අවාසනාව (නි)
ඔය විකල්පය අහකට විසික් කරලා දාන්නකෝ උඩින් යන ෆ්ල්ය් ඔවෙර් වගේ පාරවල්. එතකොට වාහන තදබදය නිකම්ම නැතිවෙයි. (නි)
වැඩියෙන් රථ වාහන තදබදය ඇති ස්ථානයට ඉදිරියෙන් කෘතීම රථ වාහන තදබද කිහිපයක් ඇති කිරීම නවතම විසදුමද ? හයිලේවල් පාරේ නාවින්න හන්දියේ කෘතීම තදබදය හේතුවෙන්, දෙල්කඳ හා ගම්සභා හන්දියේ තදබදය අවම වීම හා මෙතෙක් රථවාහන තදබදයක් නොතිබූ 'තලවතුගොඩ' අවට කෘතීම තදබදයක් නිර්මාණය වීම රථවාහන පොලිසියේ කාර්ය භාරය නිසි ලෙස ඉටු වීමක් නොවේ.(නදී)
ඔය කතා නවත්තලා, මිනිසුන්ට හරියට මහාමාර්ගය පාවිච්චි කරන හැටි කියලා දෙන්න. නීතිගරුකව රිය පදවන හැටි උගන්නන්න.කොහොම කරන්නද, පොලීසියම නීති කඩනවා රිය පදවනකොට... (දී)
ඕකට හොදම දේ තමා මරදානට යන පාර වාහන එක,අයියෝ ඕක ඔච්චර හිතන්න ඕනෑද? (දී)
ඕව කරලා හරියන්නේ නැහැ. කරන්න තියෙන හොඳම වැඩේ කාර් තියෙන නෝනලා මහතුරු කාර් ගෙදර තියලා පුරුදු විදයට බස් එකේ යන එකනේ. බලන්න කොයිතරම් හොඳ බස් සේවාවක්ද අපිට තියෙන්නේ කියලා. අද දියුනු රටවල් බස් සේවාව වැඩි දියුනු කරන්න හදනවා. අපි පුළුවන් තරම් කාර් පුරෝගන්නවා. මේක පුංචි රටක් මහත්තුරුනේ , මේ මහ වාහන කන්දරාවට තව මං තීරු දැම්මොත් මිනිසුන්ට වෙන්නේ මහා මුහුදට පනින්න තමා (නි)
දැන්ද මේ ගැන හොයාගෙන තියෙන්නේ? (නදී)
බමුණු හරියට හරි . මරදානේ විතරක් නෙමෙයි ගාලු පාරෙත් ට්‍රැෆික් හැදෙන්නේ ත්‍රීවීල් නිසා. ඒවා පාර මැදට (වේගයෙන් යන්න තියෙන ලයින් එකට) අරගෙන හෙමින් හෙමින් කොට කොටා යනවා. වැරදිලාවත් හෝන් එක ගැහුවොත් කන්න වගේ මුණ බලනවා. බයිසිකලුත් එහෙමයි. තුන් හතර දෙනෙක් හරහට පේලියට යනවා, කිසි කෙනෙක්ට ඉස්සර කරන්න දෙන්නේ නැහැ. නමුත් මීගමු පාරේ පොලිසි හරියට රාජකාරි කරනවා. මැද ලයින් එකට දැම්ම ගමන් ලියනවා. ඒකයි දැන් මීගමු පාරේ වාහන තදබදය අඩු වෙලා තියෙන්නේ. (දී)
ලංකාවේ පොලෝසියේ මහතුන් මීට වඩා තම මනස අවධි කර යුතයි.(නදී)
ලේසිම විසඳුම ටෙක්නිකල් හන්දිය දෙසින් එන වාහන වලට පංචිකාවත්ත දෙසට යාමට එල්ෆින්ස්ටින් එක ගාවින් තව ලින් එකක් දන එක. එතකොට ඒ වාහන හිර වෙන්නේ නැහැ. අනිත් එක ස්ටටිඔන් එක ගව පර මැද්දේ බස් නවත්තන එක. අනිත් එක හවසට කලර් ලයිට් එකේ Timing හදන එක. (අ)
පංචිකාවත්තේ - පිටකොටුව දක්වා යන බස් ටෙක්නිකල් හන්දිය දක්වා නොගොස් ,උසාවි සංකීර්ණය ,ස:බස්තියම හරහා නීතිච්ච කාර්යාල ඔස්සේ පිටකොටුවට යා හැක. කඩ ඉවත් කිරීම නිසා ,පාර පළල් කර බස්තියන් මාවත ද ප්‍රයෝජන ගත හැකියි .මෙතැන පොඩි අව නඩුවකුත් තියෙනවා. සමහර ට්‍රැෆික් රාළහාමිලා වාහන එකතු කරනවා මිසක් යවන්නේ හෙමින් ! (අ)
පොලිසියෙ ඉන්නෙ මන්ද බුද්ධිකයින් නැත්නම් මේක හොයාගන්න මෙච්චරකල් යයිද(අ)
රථවාහන පොලිස් මහත්වරුනි, බොරැල්ලේ සිට පංචිකාවත්තට ඇවිද ගෙන එන්න. බොහෝ බස් නැවතුම්පොළවල වෙනත් වාහන ගාල් කර ඇත. බස් නැවතුම්පොළවල ඉඩ තිබුණත් පුද්ගලික බස් රියැදුරන් බස් නවත්වන්නේ පාර මැද ය.(නදී)
ත්‍රීවීල් ටික පාරෙන් ඉවත් කලොත් තදබදය බොහෝදුරට අඩුවේවි. මොකද ත්‍රීවීල් 3 පාරේ ගියොත් ලයින් 3 අවහිර කරනවා. පාර මද යු ටර්න් ගහනවා. සිග්නල් වල නවත්වනවිට එන්ජින් ඕෆ් කරනවා. නැවත ස්ටාර්ට් කරගන්න බැහැ (දී)
" බලන්න කොයිතරම් හොඳ බස් සේවාවක්ද අපිට තියෙන්නේ කියලා" හා හා හාආ කියල වැඩක් නැහැ බස් සේවාව ගැන (දී)