මරදාන බේකරියේ ගින්නෙන් තුන්දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය හා ගිනි භටයෝ කියති.
ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගෑස් ටැංකියක් පිපිරීමෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැකකරයි. දුම ආශ්වාස කිරීමෙන් ඇතිවූ සංකූලතා මෙම මරණවලට හේතුවන්නට ඇතැයි දැනගන්නට ඇත. ගින්න නිවීමට ගිනි නිවන රථ හයක් යොදා ගැණිනි. කොත්තු ගැසීමට පත්තුකළ ගෑස් ලිප ගින්නට හේතුව බවට බොහෝ දුරට අනුමාන කෙරේ. බේකරියේ පහත මහළට ද ගින්න පැතිරිණි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd