තිළිණි ද සිල්වා
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ ( ඔටාවා සම්මුතිය) විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල්-හුසේන් කුමරු මෙරට දෙදින නිල සංචාරයක් සඳහා ලබන සඳුඳා (05) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය කළ ආරාධනයක් පිළිගනිමින් මෙරටට පැමිණෙන මිරෙද් අල්-හුසේන් කුමරු සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම විශේෂ නියෝජිතවරයා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිත යැයිද එම අමාත්‍යාංශය කියා සිටී.
මීට අමතරව හෙතෙම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මහතා සමඟ උතුරු පළාතේ ක්ෂේත‍්‍ර සංචාරයකද නිරත වීමට නියමිත ය.එහිදී මිරෙද් අල්-හුසේන් කුමරු බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවනු ඇත.
බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මේ තාක් සිදු කරන ලද කාර්ය භාරය මෙන්ම වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙළ කර ඇති අතර සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.
විශේෂ නියෝජිතවරයා, බිම්බෝම්බ ඉවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ වින්දිතයන් වෙනුවෙන් තවදුරටත් ලබාදිය හැකි සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම, සිවිල් සමාජය සහ සෙසු අදාල පාර්ශ්ව හමුවීමටද අපේක්ෂිතය.
විශේෂ නියෝජිතවරයා 6 වැනි අඟහරුවාදා පස්වරු 5.30 ට ජාත්‍යන්තර සබඳතා සහ ක‍්‍රමෝපාය අධ්‍යනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී ‘‘ පුද්ගල නාශක බිම්බෝම්බ පිළිබඳ ඔටාවා සම්මුතිය ආසියාවට ඇති අවස්ථා සහ අභියෝග ’’ යන මැයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිතය.
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 163 වැනි රට ලෙස ශ්‍රී ලංකාව ඉකුත් දෙසැම්බර් 13 වැනි දින එම සම්මුතියට එක් වූ හෙයින් මෙම විශේෂ නියෝජිතවරයාගේ ශ්‍රී ලංකා සංචාරය විශේෂ වැදගත්කමක් උසුලන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරයා ඒ රටේ අයට මිස අපට නම් නොවේ. අපට මාරයා නොවේවා!!!
සහෝදරයින් දෙන්නම එකයි.
ස්වාමිනාදන් පෙන්නන්න ඕනෑ දේවල් පෙන්නයිද කියන එක තමයි ප්‍රශ්නේ?
මේ රට දැන් පාවාදෙන්නන්ගේ රජදහනක් වෙලා.
ඒ ගමන තවත් හුසේන් කෙනෙක්. මේ අයව මේ රටට ගෙන්වන්නේ කුමටද? ගොබ්බ පාලකයෝ හිටියාම මේ අය කරනම් ගහනවා. මේ වගේ වසලයින් පාලකයින් යයි කියාගන්නවට පිංගුත්තර ද්‍රෝහීන්ද පලවා හැරිය යුතුයි.
කව්ද බිම් බෝම්බ ඇටෙව්වේ?
හැම තත්පරේටම බෝම්බ පුපුරන තමන්ගේ කියා රටවල් තියාගෙන මෙහෙ එන්නේ අහවල් දේකටද?
ඕනෑම කෙනෙක් ලංකාවට කුමාරයෙක්. එක්කෝ මාධ්‍ය කාරයෝ අපිව අන්දනවා. නැති නම් පාලකයෝ අපිව අන්දනවා. අනික ඔය කළු කුමාරයින්ගේ රටවල උදේ ඉඳන් බෝම්බ පුපුරනවා. ඒ අයගේ රටවලින් තමයි ත්රස්තවාදීන් හදන්නේ.
ආ මේ එන්නෙ තව දේශපාලන ගුණ්ඩුවකට... මතක නේ කලින් සැරේ