හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ කිරි අම්මාවරුන්ගේ දානයක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම පැවැත්විණි.
එහි දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.
‘දැන් රටේ තිබෙන තත්ත්වය අපි අමුතුවෙන් කාටවත් පුන පුනා කියන්නට අවශ්‍ය නැහැ.
යම් යම් දෙනා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණා මේක අභයාරාමය නොවේ මහින්දාරාමය කියලා. සමහර පත්තරවල කාටුන් දානවා. මේ මාධ්‍යවේදීන්ට මම කියන්න ඕනෑ කාටුන් හරි මොනවා හරි දානකොට දැනුම්වත් වෙලා දාන්න කියා. ඊයේ පෙරේදා පත්තරයක කාටුන් එකක් තිබුණා මහින්ද රාජපක්ෂ මහතා බෝ මළුව අමදින ආකාරයට ඇඳලා. මේ මාධ්‍යවේදීන් තේරුම් ගන්න ඕනෑ මෛත්‍රී වර්ණනාවේ තිබෙන්නේ බෝ මළුව අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ- විහාර මළු අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ කියලයි.
ඒ නිසා මම ඒ අයට කියනවා කෝකටත් මෛත්‍රී වර්ණනාව කියවලා බලන්න. ඉතිහාසය කියවලා බලන්න. මේ රටේ රජවරු ආරක්ෂා කළේ, රජවරුන්ට පිහිට වුණේ, රජවරුන්ට සෙත් ශාන්ති කළේ විහාරස්ථානවලින්. මහා සංඝරත්නය තමයි රජවරුන්ට පිහිට වුණේ. ඊයේ පෙරේදා මගෙන් එක මාධ්‍යවේදිනියක් අහනවා ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ඇයි මෙතරම් සලකන්නේ කියලා. මම කිව්වා මේ රට ගොඩගත් පුද්ගලයා මහින්ද රාජපක්ෂ නිසයි මම එතුමට සලකන්නේ කියලා.
අද මහින්ද රාජපක්ෂ මහතාට මම විතරක් නොවෙයි මුළු රටම ආශිර්වාද කරනවා. සුබපතනවා. මුළු රටම කම්පා වෙනවා අනේ දෙයියනේ මොකද වුණේ කියලා. සමහරු කියනවා ඡන්දය දුන්නේ පරාජය කරන්න නොවේ කියලා. අද තිබෙන්නේ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය පමණයි. අපේ හිටපු ජනාධිපතිතුමා යන තැන ජනතාව පිරෙනවා. රාජ්‍ය නායකයන් යන තැන මැස්සෝ ඇහිරෙනවා. ඒක අපට පේනවා.‘
මහා සංඝරත්නයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක ප්‍රියන්ත බණ්ඩාර සහ දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එකව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තව පොඩ්ඩෙන් මෛත්‍රී බුදුන්ගේ නමත් වෙනස් කරනවා.. මතකනේ මෛත්‍රී භාවනාවත් වෙනස් කරානේ (ම)
අපල ගෙවෙනතුරු ඔහොම තමයි. මොනවා කරන්නද? (නි)
අනේ කුමාර, සුදු කොඩි කතාව කියලා තමන් උපන් රටටත් රණ විරුවන්ටත් ද්‍රෝහී වෙලා රටේ නීතියට අනුව දඬුවම් ලැබූ ෆොන්නසේකා ඔයාට තවමත් මහත්මයෙක් හැටියට පෙනෙනවද? ඔහු රට වෙනුවෙන් කළ මෙහෙවරට ගිය රජයෙන් සම්මාන ලබද්දී ඔයා කොහෙද හිටියේ? (බ)
වැඩේ හොඳයි. නමුත් පත්තිනි දේව මෑණියන් සිහි කර දෙන කිරි දානය පන්සල් වල පවත්වනවාද (බ)
නාම යෝජනා දීපු ගමන් ගියේ නම් තිරුපති. එහේ කරන්නේ හරක් නිදහස් කිරීම නොවෙයි. බිලි දීමයි. (නදී)
දුමින්ද සිල්වාත් ලඟ තියාගෙන කියලා තියෙන්නේ. (නදී)
තෙරුවන් සරණයි ඔබතුමාට...! (ර)
එස්.බි කියන්නා වගේ කවදත් රට රැකගැනීමට පෙරමුණ ගත්තේ මෙවැනි රටට හිතැති අභීත හිමිවරු මිසක් ඩොලර් වලට රොටි පුච්චන සංඝ ප්‍රතිරූපකයෝ නෙවෙයි. (බ)
ඇයි හැබෑවටම මහින්ද මහත්තයට මොනවද වෙලා තියෙන්නේ ? ඡන්දෙන් පැරදුනා 19 හින්දා ආයේ ඉල්ලන්න බැහැ. පන්සල් ගානේ ගියාට කමක් නැ අර දේශපාලන කතා නැතුව (නදී)
යන යන තැන පිරෙන එක නෙමෙයි වැදගත්. පිරෙන්නේ කවුද කියලා තමයි වැදගත්. වටේ ඉන්න සමහර උපාසක මහත්තුරු දැක්කාම හිනා යනවා. (නදී)
පුදුමයක් කියන්නේ මේ ස්වාමින් වහන්සේ දකින්නේ ඊයේ පෙරේදා ඉඳලා මහින්ද මහතා ගැන තිබෙන කාටුන් විතරනේ. ජනවාරි 8 ට කලින් ප්‍රතිවිරුද්ධ දේශපාලකයන්ට ඇඳපු කාටුන් පෙනිලාම නැහැනේ. (නදී)
තිස්තුන් කෝටියක් දෙවිවරු ලංකාවට අධිපති නිසා දේව මතයත් වැදගත් (නි)
මසුරන් වටින කතාව හාමුදුරුවනේ! (නි)
ඔහොම තමයි අපේ හාමුදුරුවනේ ජීවිතය අනියතන් මරණය නියතන් කියල අපේ බුදු බනේ සටහන් වෙලා තියෙනවනේ. එහෙනම් ඇයි මේ දේශපාලකයන් ඔය දේ තේරුම් ගන්නේ නැත්තේ. වැඩි තන්හාව ආශාව නිසා නේද මේ හැම කෙනෙක්ම මේ විදිහට බලයේ රැදෙන්න වෙර දරන්නේ. පිදිය යුත්තන් පිදිය යුතුයි,ගරු කල ඇත්තන්ට ගරුකළ යුතුයි. හැබැයි එය දේශපාලනමය අරමුණකින් නෙමෙයි. ඒ ඇත්තන්ගේ ගුණ යහපත් ක්‍රියාකලාප හේතුවෙන් විය යුත්තක්. (නදී)
මට නම් මහන්ද මහත්තයාව දැක්කහම පව් කියලා හිතුනා.ගෙදරට වෙලා විවේකීව ඉන්න මහත්තයෝ. (නි)
සමහරු හිතන්නේ ලංකාවේ තවමත් මෝඩ මිනිස්සු ඉන්නේ කියලා. (නි)
සුබාල හරි කැමති වෙයි මහින්ද මහත්තය ගෙදරට වෙලා ඉන්නවනම් නේද ? (නදී)
අපිට නම් මහින්දගෙන් වැඩක් නැහැ. මොකද අපි නිකං ඉඳලා කන අය නෙමෙයිනේ. (නදී)
අනේ හාමුදුරුවනේ, ෆොන්සේකා මහත්තයව බල්ලෙක් වගේ හිරේ දානකොට ඔය කියන ක්රෝදය, වෛරය ගැන බන පද මතක් උනේ නැද්ද. මෙතුමාගේ වටේ ඉන්න සත් ගුණවත් මහත්තුරු ටික දැක්කම දාන එකක් නෙවෙයි 100 දුන්නත් මේ ආත්මෙදි බලයට එන්න බැහැ. ඔයා ඔය රට ගොඩගත්ත මහත්තයාගේ කාලේ මිනිහෙකුට කතාකරන්න නිදහසක් තිබ්බද? කරුණාකරලා මිනිස්සුන්ව නොමග යවන්නේ නැතිව ඉන්න හාමුදුරුවනේ. (නදී)
මැතිවරණය පැවති දින මහින්ද රාජපක්ෂ මහත්තය එතුමාගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා වගේ ඩමියෙක් හදාගෙන කල විගඩම්, නාඩගම ගැන ඔය හාමුදුරු වරු නොදන්නවා ඇති මගේ හිතේ. ඒ වගේ දෙකයි පනහේ වැඩ ගැන නම් මතක් වෙද්දීත් ලැජ්ජයි! (නදී)
පැරදුණාම සමහර පරණ කරපු වැරදි විතරයි නමුත් කළ හොඳ පස්සෙන් එනවා මිනිස් ස්වභාවය එකයි (ම)
මේ රටේ මිනිස්සු ලක්ෂ 58ක් පිරිසිදු ජන්ද දුන්නේ එතුමාව ගෙදර තියන්න නෙවෙයි සුබා දැන ගන්න. (ම)
සම්පූර්ණ ඇත්ත නේ කියලා තියෙන්නේ! - මේ රට හැම වෙලාවෙම ආරක්ෂා කරන්න සංඝරත්නය ඉදිරියට ආවා - හැබැයි ඒ "සැබෑ හාමුදුරුවරු" මිසක් සිවුර පොරව ගත්ත "බොරු" හාමුදුරුවරු නම් නෙවෙයි. සංගායනාවක් කරන්න කාලේ හරි මට හිතෙන්නේ. (ස)