පැරිසියේ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී සුනිල් ආනන්ද විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මරණ තර්ජන එල්ලවූ බවක් නොදනිතියි ප්‍රංශයේ ශ්‍රී ලංකිකයන්ගේ සංවිධානයේ ප්‍රීති කුරේ මහතා කියයි. කර්තෘ සටහන සුනිල් ආනන්දට විහාරස්ථානයක දී මැර තර්ජනයක් එල්ල වූ බව අපේ වාර්තාවේ සඳහන් නොවේ. ඔහුට තර්ජනය කළ අය කවුද, කොතැනදී ද, කවදාද, සාක්කිකරුවන් කවුද යන සියලු විස්තර පසුගිය පස් වැනි දා පැරිස් පොලිසියේ ඇති බව සුනිල් ආනන්ද අප වෙත දන්වා ඇති බව කරුණාවෙන් සලකන්න.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව යනු ශ්‍රී ලංකා මුලස්ථානයේ ලියා පදිංචි ප‍්‍රංශයේ ඇති එකම නීතියානුකූල ශාඛාවයි. පසුගියදා පැරීසියේ මාධ්‍යවේදි සුනිල් ආනන්ද මහතාට කළ මැර තර්ජනය අපි පිලිකුලෙන් හෙළා දකින අතරම පැරීසියේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමියන් ඇතුළු පැරීසියේ සිංහල සංවිධාන එකතුවකින් ලංකාදීප වෙබ් අඩවිය සදහා නිකුත් කළ ඉහත කරුණට අදාළ විරෝධතා ප‍්‍රකාශයට අප පක්ෂ ශාඛාවේ කිසිම අනුමැතියක් ලබාදී නොමැති බව වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නෙමු. එම විරෝධතා ප‍්‍රකාශයට අප පක්ෂ ශාඛාවේ අනුමැතියක් නොමැතිව ශාඛාවේ නම භාවිතා කිරීමෙන් ප‍්‍රධාන සංඝ නායක හිමියන් කර ඇති ක‍්‍රියාවද අපි තරයේ හෙළා දකිමු. සභාපති ඬේමියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව පැරීසිය සැ.යු - නීති උපදෙස් අනුව ඇතැම් වචන ඉවත් කළ බව කරුණාවෙන් සලකන්න