ප්රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සමග පැවැත්වූ සාකච්ඡාවක් පුවත්පත්හි ද අන්තර්ජාලයේ ද පළ කිරීම නිසා ප්‍රංශයේ ලංකාදීප වාර්තාකරු සුනිල් ආනන්දට මරණීය තර්ජනය එල්ල කළැයි කියන කතාව සාවද්‍ය බව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය, ප්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකිකයිනගේ සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකා දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය, ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික හා සාමාජිය සංවිධානය, ප්‍රංශයේ ශ්‍රි ලංකා සංස්කෘතික සෞන්දර්ය හා අධ්‍යාපනික සංවිධානය, ජාත්‍යන්තර සමාජ, අධ්‍යාපනික හා ළමා ශක්ති සංවිධානය, ප්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව කියයි.
ඔහුට එවැනි තර්ජනයක් නොකළ බවත් පහර නොදුන් බවත් ප්‍රංශයේ සංඝනායක හා පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ ද කියති.
වාර්තාකරු සුනිල් ආනන්ද මෙසේ කියයි.
මරණීය තර්ජන එල්ල කළ බවට පැරිස් පොලිසියට එදිනම පැමිණිලි කළා.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි තැනට නම ඇති සංවිධානයේ අත්සන් කළේ කවුරුන්දැයි නම් හෙලිකරන්න..
මෙතරම් පිරිසක් තනි මිනිහෙකුට විරුද්දව ඉදිරිපත්වීමෙන් පේනවා තර්ජනයක් වුන බව.
පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව යනු ශ්‍රී ලංකා මුලස්ථානයේ ලියා පදිංචි ප‍්‍රංශයේ ඇති එකම නීතියානුකූල ශාඛාවයි. පසුගියදා පැරීසියේ මාධ්‍යවේදි සුනිල් ආනන්ද මහතාට කල මැර තර්ජනය අපි පිලිකුලෙන් හෙලාදකින අතරම පැරීසියේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමියන් ඇතුලූ පැරීසියේ සිංහල සංවිධාන එකතුවකින් ලංකාදීප වෙබ් අඩවිය සදහා නිකුත් කල ඉහත කරුනට අදාළ විරෝධතා ප‍්‍රකාශයට අප පක්ෂ ශාඛාවේ කිසිම අනුමැතියක් ලබාදී නොමැති බව වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නෙමු. එම විරෝධතා ප‍්‍රකාශයට අප පක්ෂ ශාඛාවේ අනුමැතියක් නොමැතිව ශාඛාවේ නම භාවිතා කිරීමෙන් ප‍්‍රධාන සංඝ නායක හිමියන් කර ඇති ක‍්‍රියාවද අපි තරයේ හෙළා දකිමු. සභාපති ඬේමියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව පැරීසිය සැ.යු.- නීතිමය උපදෙස් මත ඇතැම් වචන ඉවත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.
ලාංකීක අප රට තුලත්, විදෙසගතවත් වැඩසිටින, ජාතියේ මුදුන් මල්කඩ බඳු වූ අපේ මහා සංඝ රත්නයේ ඇතැම් භික්ෂූන්වහන්සේලා ගෙනයන ක්‍රියා නිසා මහා සංග රත්නයම අපකීර්තියට පත්වනබව ඇයි නොවැටහෙන්නේ... ? ජාතියේම පිරිහීමද මේ පෙන්නුම් කරන්නේ ? දිනෙන් දින වැඩිවෙන මේ ක්‍රියා කවදා කොතැනකින් නවතියිද .......?
ගරු කතෘතුමනි, නිදහස් දිනය සැමරූ දින ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල( පංසල් භූමියෙන් පිටත)සුනිල් ආනන්ද නැමැත්තා සමග ඇති වුණු සිදුවීමේ සත්‍ය තොරතුරු මෙසේ සඳහන් කරමි. මෙම උත්සවය පැවැත්වීමට සති දෙකකට ප්‍රථම පංසලෙහි පැවති සාකච්ඡාවට කිසිම ආරාධනයකින් තොරව මොහු පැමිණ සිටියා. පංසල සෑමදෙනාටම පොදු ස්ථානයක් නිසා එය අපට ප්‍රශ්නයක් නොවිය. නමුත් එදින මොහු අප හාමුදුරැවන් වහන්සේ සමඟ අනවශ්‍ය විවාදයක් පටන්ගත් නිසා බෞද්ධයන් වශයෙන් අපද මොහු සමග විවාදයට එළැඹුණි.මෙදින මොහු ඇසූ ප්‍රශ්න බෞද්ධ දර්ශනයට ගරු කරනවුන් වශයෙන් සඳහන් කිරීමට ඉතා අපහසුය.මෙම විවාදයෙන් මොහු අන්ත පරාජයක් ලැබ සාකච්ඡාව අතරමග නැගිට ගියේ අප දෙස රවා බලමිනි.පංසල් බිම නිසා අප ඉවසිලිවන්ත වීමු. පසුව මොහු විද්‍යුත් තැපැල් ලිපියක් එවමින් භික්ෂූන්වහන්සේ ඇතුලු පංසල සමග සිටි සියලුදෙනා බුද්ධි ශූන්‍යයන් සහ කේවට්ටයින් (මොහුගේම වචනයෙන්)ලෙස නම් කර තිබුණ .ඉන් දින කිහිපයක ට පසු පැවති නිදහස් උත්සවයට මොහු පැමිණ සිටියා.එහිදී ඉහත කරුණ සම්බන්ධව අප මොහුගෙන් ප්‍රශ්ණකිරීමේදී එයට සමාව ලබාදෙන මෙන් ඉතා බැගෑපත්ව අයැද සිටි නිසා තවදුරටත් මෙය රැගෙන යාමට අනශ්‍යයයි අපහට වැටහුනා.නමුත් පසුව මොහු ලංකාදීපයට ලියමින් ඉහත වූ සිද්ධිය ශ්‍රීලංකා තානාපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාව නිසා ඇතිවුන දෙයක් බව සඳහන් කැර තිබුණා. මොහු කා හට වන්දිභට්ඨ කම්කලත් ප්‍රංශයේ වසන අපට කිසිම ගැටළුවක් නැත.මන්ද අප මොහු ගැන හොඳින් දන්නා නිසාවෙනි. නමුත් ලංකාදීපය වැනි ඉතා ඉහළ කීර්තිනාමයක් ඇති පුවත්ප තකට කැළලක් නොකිරීම වටී.මහේෂ් පීරිස් සභාපති ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානය.
ශ්‍රී ලංකාව නියෝජනය කරන හොඳම තානාපති දයාන් ජයතිලකයි වෙනත් බොහෝ දෙනා නොයා යුතු තැන්වලට යනවා.
මිල්රෝය් ප්‍රනාන්දු;: ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාදිපති හිමියන් සංවිධානවල නම් භාවිතා කරමින් ප්‍රංසයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් බේද බින්න කිරීම බුදුදහමද
ප්රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව වන අපේ ශාඛාව පිළිබඳව ඩේමින් මහතා විසින් කැරුණු සාවද්‍ය ප්‍රකාශය තරයේ හෙළාදකින අතර අප ශාඛාව ප්‍රංශයේ 751188882 ලෙසද, ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය sri/v/da 2009 පැරිස් 01 (02) ලෙසද ලියා පදිංචි කැර ඇති බව වගකීමෙන් සඳහන් කරමු. දේශය වෙනුවෙන් දැයේ දරුවන් සේවයක් කරන්න අපගේ මුද දේවතාවන් වහන්සේ ලා අපහසු තාවයට පත් කිරීමෙන් ඔහුගේ අරමුණ කුමක්දැයි දේශයට ලැදි අපට පැහැදිලි නීල් ද සිල්වා සභාපති
අනිවාර්යෙන්ම මෙතැන තර්ජනයක් වෙලා තියෙන බව පේනවා.
අම්මෝ තියෙන සමිතිගොඩ තව නැද්ද, මේවායින් මොනවාද දන්නේ නෑ කරන්නේ
මොහුට මෙම අවස්ථාව උදාවුනේ විහාරස්ථාන සහ බෞද්ධයින් නිර්දය ලෙස කල විවේචනය කිරීමේ ප්‍රතිවිපාකයක් ලෙසටය.තර්ජන ය සහ මරණ තර්ජනය අතර විශාල වෙනසක් ඇත.මෙතරම් පිරිසක් එක් පුද්ගලයකුට විරුද්ධ වීමෙන්ම ඔහුට ඇති සමාජමය පිලිගැනීම ගැන කාහටත් මැනවින් පසක් වී ඇතැයි සිතමි.අප සංවිධානවලින් කෙරෙන කාර්ර්‍යයන් පිළිබඳව දැනුවත් වීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ය අමතන්න.විදේශ රටවල සිට මව්බිමට සේවයකරන සංවිධාන අතරින් දෙවන ස්ථානය ප්‍රංශයේ ශ්‍රීලාංකිකයින්ගේ සංවිධානයට හිමිව න්නේ ඔවුන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ශුභසාධන කටයුතු වෙනුවෙන් සහ මව්බිමේ අසරණනයින් වෙනුවෙන් සිදුකරන මහත් වූ සේවාව වෙනුවෙනි.මේ පිළිබඳව දැනගැනීමට ඇවැසි නම් ඔබගේ නියම නමින්ම ලියන්න.නැත්නම් අමතන්න.මහේෂ් පීරිස් සභාපති