අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ මොරටුව ශාර්ක්ස් පිල ලකුණු 16 කින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසු කම් ලබාගැනීමට ඉන්දියාවේ චන්දිගාර් පිල අද (5 වැනිදා) සමත්විය.
ලකුණු 53 කට කඩුලූ 5 බිඳවැටී මොරටුව ශාර්ක්ස් පිල අසරණ තත්වයකට වැටී තිබූ අවස්ථාවේ, නායක සහන් පෙරේරා (නොදැවී 72) සමගින් එක්වූ රුමේශ් මදුසංක (නොදැවී 68) 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 ක් තළදී ලකුණු 141 ක නොබිඳුනු සම්බන්ධතාවයක් ගොඩනැගුවත් තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
පන්දු 47 කින් වාර්තාවූ සහන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්විය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 6 කින් සමන්විතවූ රුමේශ්ගේ ඉනිමට වැයවී තිබුණේ පන්දු 39 ක් පමණි.
චන්දිගාර් පිල ඕවර 20 තුළදී කඩුලූ 4 ක් දැවී 210
(ජස්කරන් සිං 47, ගෞරව් ටන්ඩන් 53, සිම්රන් සිං නොදැවී 28, ගුරින්දර් සිං නොදැවී 60, සහන් පෙරේරා 29/2)
මොරටුව ශාර්ක්ස් පිල 20 තුළදී කඩුලූ 5 ක් දැවී 194
(සහන් පෙරේරා නොදැවී 72, රන්දික පෙරේරා 21, රුමේෂ් මධුසංක නොදැවී 53, ගුරින්දර් සිං 24/2, රතන් සිං 48/2)
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොරටුව ශාර්ක්ස් කී‍්‍රඩකයෝ සටනක් දී පරදිති