කොත්මලේ චොක්ස් සමස්ත ලංකා අන්තර් පාසල් විස්සයි20 තරගාවලියේ අද (10 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 42 කින් කොළඹ වෙස්ලි විදුහල පරාජය කළ මොරටුව ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ තරගාවලියේ ශූරතාව දිනාගත්හ.
අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමිකරගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහලේ සංගීත් කුරේ සමත්විය.
තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස වෙස්ලි විදුහලේ ජොනතන් කදිරමානපුල්ලේ සම්මාන ලැබූ අතර දක්ෂතම පන්දුයවන්නා ලෙස ශාන්ත සෙබස්තියන් විදුහලේ ප‍්‍රිමේශ් ප‍්‍රනාන්දු සම්මාන ලැබීය.
කොළඹ බ්ලූම්ෆීල්ඞ් පිටියේදී ඊයේ (9 වැනිදා) පැවති අවසන් පූර්ව වටයේ තරග වලදී මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගය සුදුසුකම් ලැබූ අතර කොළඹ ශාන්ත පීතර විදුහල පරාජය කරමින් වෙස්ලි විදුහල අවසන් මහ තරගය සුදුසුකම් ලබාගත්තේය.
තෙවැනි ස්ථානය තොරාගැනීමේ තරගය පන්දුවාර 5 කට සීමා වූ අතර එහීදී පසුගිය වසරේ අනුශූරයන් වූ ශාන්ත පීතර විදුහල ලකුණු 14 කින් පරාජය කළ වේල්ස් කුමරුවෝ තරගාවලියේ තුන්වැනි ස්ථානය හිමිකරගත්හ.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී පන්දු 59 කින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත්වූ ශාන්ත පීතර විදුහලේ ජනිත් ලියනගේගේ ඉනිම තරගාවලියේ හොඳම ඉනිම ලෙස වාර්තා විය. ඔහුගේ එම ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.
තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගී වූහ.
- අවසන් මහ තරගය
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 122
(ලූක් ජයවර්ධන 16, සමිත් සිල්වා 18, සංගීත් කුරේ 15, අනුෂ්ක පෙරේරා 12, අනුක් ප‍්‍රනාන්දු 27, කුසල් ලක්තිලිණ නොදැවී 15, ජොනතන් කදිරමානපුල්ලේ 21/2, මිගාර වික‍්‍රමසිංහ 12/2)
වෙස්ලි විදුහල ඕවර 16.4 කදී සියලූ දෙනා දැවී 80
(ජොනතන් කදිරමානපුල්ලේ 39, තරිඳු කරුණාරත්න 15, සංගීත් කුරේ 07/3, පි‍්‍රමේශ් ප‍්‍රනාන්දු 08/3, කුසල් ලක්තිලිණ 20/2)
- තෙවැනි ස්ථානය සඳහා තරගය
වේල්ස් කුමර විදුහල ඕවර 5 කදී කඩුලූ 5 ක් දැවී 55
(සච්න්ත පුෂ්පකුමාර නොදැවී 20, සුචිර ප‍්‍රනාන්දු 19)
ශාන්ත පීතර විදුහල ඕවර 5 කදී කඩුලූ 5 ක් දැවී 41
(කාවින්ද ද තිසේරා 13, හසිත ලංකා 06/2, ශෙනාල් චේතක 07/2)
ඡයාරූප: ශනුක අරවින්ද
ශූරතාව දිනාගත් ශාන්ත සෙබස්තියන් පිල
අනුශූරතාව දිනාගත් වෙස්ලි පිල
වෙස්ලි විදුහලේ නායක සචින් ජයවර්ධන අනුශූරතා කුසලානය ලබාගනිමින්...
ශාන්ත සෙබස්තියන් විදුහලේ නායක අනුක් ප‍්‍රනාන්දු පන්දු යවමින්...
ශාන්ත සෙබස්තියන් විදුහලේ කී‍්‍රඩකයින් සහ කී‍්‍රඩාලෝලීන් ජයග‍්‍රහණයේ සතුට සමරමින්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි අපේ සෙබෙස් කොල්ලෝ ටික (ස)