IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මොරටුව ශාක්ස් එංගලන්තයට එරෙහිව අද තරග බිමට

රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කරමින්  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අද (2 වැනිදා) පෙ. ව. 9.00 ට පේ‍්‍රමදාස ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලියේ තරග කාල සටහන සහ කණ්ඩායම් වර්ගීකරණය තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයේ නායකයන්ගේ සහාගිත්වයෙන් ඊයේ ගල්කිස්ස මුහුදු තීරයේදී එළිදැක්විණ.

එම වර්ගීකරණයට අනුව ඉන්දියාව, පාකිස්තානය සහ  ඕස්ටේ‍්‍රලියාව ‘ඒ’ කාණ්ඩය යටතේ ද, ශ්‍රී ලංකාව, මහා බි‍්‍රතාන්‍යය සහ බංගලාදේශය ‘බී’ කාණ්ඩය යටතේ ද තරග වදිති.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ‘මොරටුව ශාර්ක්ස්’ කණ්ඩායම සහභාගී වන පළමු තරගය මහා බි‍්‍රතාන්‍යයට එරෙහිව අද (2 වැනිදා) ප. ව. 12.30 ට ආරාම්භ වීමට නියමිතය.

එම තරගයට අමතරව ඔහුන් හෙට දිනයේදී බංලගාදේශ කණ්ඩායමට එරෙහිව තවත් තරගයකට සහභාගීවන වන අතර එම තරගය ආරම්භ වන්නේ ප. ව. 7.30 ටය.
තරගාවලියේ නිතී රීති අනුව කණ්ඩායමකට තම කාණ්ඩයේ සිටින අනිකුත් කණ්ඩායම් 2 සමගින් තරග හතරකට සහභාගී වීමට සිදුවේ. එම තරග වලින් වැඩිම ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයක් හිමිකරගන්නා කණ්ඩායම් 2 ට අවසන් පූර්ව තරග සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග අපේ‍්‍රල් 5 වැනිදාත්, අවසන් තරගය අපේ‍්‍රල් 6 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරග කාලසටහන

අපේ‍්‍රල් 2

පෙ. ව. 9.00 ඕස්ටේ‍්‍රලියාව vs ඉන්දියාව
ප. ව. 12.30 ශ්‍රී ලංකාව vs මහා බි‍්‍රතාන්‍යය
ප. ව. 4.00    ඕස්ටේ‍්‍රලියාව vs පාකිස්තානය
ප. ව. 7.30 ශ්‍රී ලංකාව vs බංගලාදේශය

 

අපේ‍්‍රල් 3   

පෙ. ව. 9.00 ඉන්දියාව vs පාකිස්තානය
ප. ව. 12.30 මහා බි‍්‍රතාන්‍යය vs බංගලාදේශය
ප. ව. 4.00    ඕස්ටේ‍්‍රලියාව vs ඉන්දියාව
ප. ව. 7.30 ශ්‍රී ලංකාව vs මහා බි‍්‍රතාන්‍යය

 

අපේ‍්‍රල් 4

පෙ. ව. 9.00     ඕස්ටේ‍්‍රලියාව   vs පාකිස්තානය
ප. ව. 12.30 ශ්‍රී ලංකාව vs බංගලාදේශය
ප. ව. 4.00    ඉන්දියාව vs පාකිස්තානය
ප. ව. 7.30    මහා බි‍්‍රතාන්‍යය vs බංගලාදේශය

 

අපේ‍්‍රල් 5

පෙ. ව. 9.00 වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා
ප. ව. 12.00 වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා
ප. ව. 3.00 අර්ධ අවසන් තරග 1 - (A1 vs B2)
ප. ව. 6.30    අර්ධ අවසන් තරග 1 - (A2 vs B1)

 

අපේ‍්‍රල් 6

පෙ. ව. 9.00 වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා
ප. ව. 12.30 වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා
ප. ව. 6.30 අවසන් මහ තරගය

 

(ඡයාරූපය - ශානුක අරවින්ද)

තරගාවලියට සහභාගිවන කණ්ඩායම් හයේ නායකයෝ රෙඞ් බුල් කැම්පස් කුසලාන සමග...


 



අදහස් (0)

මොරටුව ශාක්ස් එංගලන්තයට එරෙහිව අද තරග බිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 74 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site