ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු අසාධාරණය ඉවත්කර සරසවි ඇඳුරු වර්ජනය විසඳා නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස ඉල්ලා මොරටුව සරසවි සිසුහු අද සරසවියේ සිට පෙළපාළියෙන් කටුබැද්දට ආහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට කිසිම දෙයක් හරියට කර ගන්න බැහැනේ.. හැම තැනම අවුල්...!!(නු)
කපිල ඇත්ත තමයි. මොරටුව වාස්තු විද්‍යා සිසුන් වසර 6 ක උපාධි හා පශ්චාත් උපාධි අරන් මහා දුකක් විද , දුෂ්කර පාඨමාලාවක් හදාරා එළියට එනවා. ඔබ කිවුවා ඩිප්ලෝමා සල්ලිවලට ගන්න අයටත් ඒ තැනම දෙනවා කියලා. ඒ විතරක්ද බලන්න රටේ වාස්තු විද්‍යාඥයින්ට තැනක් නැහැ. වසරකට ගන්නෙත් 50 හයි, එළියට එන්නේ 35 ක් විතරයි. ඔවුන් බහුතරයක් පිටරට යනවා, නියමිත වැඩපිළිවෙලක් නැති නිසා. නමුත් ලංකාවේ ගොඩනැගිලි 90 % හැදෙන්නේ වාස්තු විද්‍යා අධීක්ෂණයෙන් තොරව! 50 - 75 % නියමිත නීති රීති වලින් තොරව සිදුකරනවා! රටේ ධනය නිකරුණේ ඵලදායිතාවය අඩු, නොදියුණු ගොඩනැගිලි වලට යටවෙනවා. ගොඩනැගිල්ලක් වසර 60 ක් විතර තියෙනවා. මිනිසුන් සිය දහස් ගණනකට කායික හා මානසිකව බලපානවා. ගොඩනැගෙන සැම ගොඩනැගිල්ලක්, නිවසක් මේ අය හරහා අධීක්ෂණය වී මනාව සැලසුම් කිරීමටත්, සහනදායී මිලකට හොද නිර්මාණ බිහි වී කොළඹට සීමා වී ඇති මේ සේවය ඇත දුප්පත් ගම් ප්‍රදේශ වලටත් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කල යුතුයි. වාස්තු විද්‍යා නිර්මාණ වැදගත් වෙන්නේ කොළඹ 7 ට විතරක් නොවෙයි. ගමේ දුප්පත් මිනිහාටත් අඩු වියදමින් ඉතා උසස්, කාර්යක්ෂම, බලශක්ති පිරිමහන නිවාස, ගොඩනැගිලි වල අවශ්‍යතාව ඉතා වැඩියි. මෙයට වැඩපිළිවෙලක් සකස් කොට මේ අයගෙන් උපරිම සේවයක් රටේ සංවර්ධනයට ගත යුතුයි. මනාව සැලසුම් වූ, පරිසර සුවදායී දියුණු ගම්මාන, කුඩා නගර අපට ඉදිරි අනාගතයට දායාද කල හැකියි. (නි)
ආඩම්බරයි අපේ මල්ලිලා කාලෙකට පස්සේ පාරට බැස්සා.. අපේ අය නිතර නිතර ඔහොම එළියට බහින්නෙ නැහැ.. වැදගත්ම දෙයකට නැතිව...!! ඒ අනුව පේනවා රටේ ලොකු අවුලක් තියෙනවා අධ්‍යාපනයේ.. ජයවේවා නිදහස් අධ්‍යාපනයට..!!(නු)
කපිල, ඔබ වැරදියි. එන්.ඩී.ටී. සිසුන් උත්සාහ කරන්නේ අධ්‍යාපනය රැක ගන්නයි. (නි)
මොරටුව ඉංජිනේරු හා වාස්තු විද්‍යා සිසුන්ට මේවා කරන්න කාලයක් නැහැ. ලංකාවේ ඉතාම කාර්යක්ෂම හා ඵලදායීම විශ්ව විද්‍යාලය වන්නේ මේ නිසයි. ජාත්‍යන්තර තලයට අභියෝග කළහැකි එකම විශ්ව විද්‍යාලය මෙයයි. ලංකාවේ ඉහළම ළකුණු ගත්ත දක්ෂම ඉංජිනේරු සිසුන් ඉන්නේ මේකේ. ඒ වගේම ලංකාවේ නිර්මාණශීලීම එකම වාස්තු විද්‍යා ජාත්‍යන්තර තලයේ උපාධියක් දෙන්නෙත් මේකේ. මේකෙන් පිටවෙන කවුරුවත් රැකියා නැහැ කියල පාරට බහින්නේ නැහැ. ඕනෑ තරම් පුද්ගලික ආයතන තිබෙනවා මුදලට ඩිප්ලෝමා දෙන. නමුත් ඒවා ගවු ගණනක් පස්සෙන් ඉන්නේ. අභියෝග නෑ. ඒවාට පාරට බහිනවානම් ඉස්සෙල්ලම බහින්න ඕනෑ මේ අය. නමුත් ඔවුනුත් දැන් පාරට බහිනවා කියන්නේ තත්වේ බරපතලයි! මේ බහින්නේ පුද්ගලික විශ්ව විද්‍යාල හින්දා නොවෙයි. රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශය කර යන නිසා. (නි)
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරපු පෙලපාලිය තිබ්බෙ ඊයෙ (30 වෙනිදා). ඒක මාධ්‍ය වලින් ආවරනය කලෙ නැහැ. මේ පින්තූර අද (31 වෙනිදා) තිබ්බ වාස්තු විද්‍යා සහ තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගම් සංවිධානය කරපු පෙලපාලියෙ.... (නු)
ඉතා හොද පැහැදිලි කිරීමක් කළණ(නු)
වත්මන් ආණ්ඩුව යුද්ධය ඉවරකළ බව සත්‍යයි.. නමුත් අනිත් සියලුම ගැටලු දිනෙන් දින වැඩිවෙනවා.. කිසිම විසදුමක් නැහැ.. රටම ගිනිකන්දක් උඩ තියලා තව එස්.එල්.පී.එල්. වලටත් සූදානම්...!!(නු)
ඕනෑම ගොඩනැගිල්ලක් කියන්නේ මිලියන ගණනක රටේ සල්ලි වැලි ,ගඩොල්, යකඩ, වීදුරු වෙලා නිර්මිත පරිසරයක් වීමයි. ස්වභාවික පරිසරය වෙනස් වීමයි. ඉතින් ඊට මුල් විය යුතු අය සමාජ හා පාරිසරික මෙන්ම ආර්ථික වශයෙන්ද වගකීමක් දැරිය යුතු වෙනවාමයි. වසර 6 ක ඉතා උසස් ද්විත්ව උපාධියක් ගන්නා මිනිස් මනස, සමාජ ආර්ථික දේහය සහ ඉහළ සැලසුම් ක්‍රමවේදයන් ගැන උගත් මනා කළමනාකරණ හැකියාවක් ඇති , තියුණු කලාත්මක හැකියාවක් දියුණු කරන ලද වාස්තු විද්‍යාවේදීන් වෙනුවට, මාස දෙක තුනෙන් සැළසුම් අදින්න ඉගෙන ගත්තු අය තට්ටු ගණන් උස බිල්ඩින් සැලසුම් කරලා , ගානක් දීල අනුමත කරගෙන මිලියන ගණන් මහජන මුදල් ප්‍රමිතියකින් තොරව වැය කරනවා. මහජනතාවටත් මෙහි අවබෝධයක් නැහැ. මහජන ධනය නාස්ති වෙනවා. කරන්න තියෙන්නේ නීති මගින් සේවයක් ස්ථාපිත කර රටේ අනාගත යටිතල පහසුකම් ස්ථාපිත කිරීමයි. (නි)
මේක කාගෙවත් ගැටලුවක් නෙමේ..මුළු රටටම බලපාන ප්‍රශ්ණයක්..(නු)
මේවා සාධාරණ ඉල්ලීම් (අ)
කපිල කියන්නේ ඇත්ත, එන්.ඩී.ටී. ප්‍රශ්නය මොකක් වුණත් , වාස්තු විද්‍යා ප්‍රශ්නයක් නම් තියෙනවා කවුරුත් නොදන්න. ඊටත් වැඩිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා වෘත්තිය මට්ටමෙන්.රටේ ගොඩනැගිලි, නගර සැළසුම් කිරීම ගැන කිසිම ප්‍රමිතියක් නැහැ. නියමිත සුදුසුකම් නැති අය ගොඩනැගිලි සැළසුම් කරනවා. ඒවා තත්වයෙන්, සනීපාරක්ෂාවෙන්, බලශක්ති පිරිමැසීමෙන්, කලාත්මක හා තාක්ෂණ අතින් පළපුරුදු වාස්තු විද්‍යාඥයෙක් අතින් සැලසුම් වෙනවාට වඩා තත්වයෙන් බාලයි. සංවර්ධනයේ වැදගත්ම අංශය ඉදිකිරීම් හා පර්යේෂණ බව ලෝකයම පිළිගත් මතයක්. මොකද ඕනෑම ක්ෂේශ්ත්‍රයක් ගත්තොත් ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙනවා. රජයේ මැදිහත් වීමෙන් නීතිගත වී සීමිත ප්‍රමාණයක් පමණක් සේවය ලබන වාස්තු විද්‍යාඥයන්ගේ සේවය මුළු රට පුරාවටම ව්‍යාප්ත කිරීමට කටයුතු කළ යුතුයි. සෞඛ්‍යය සේවය වගේ අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කළොත් සැමටම වාසි දායක වෙයි, සහනදායී මිලකුත් ඇතිවෙයි, ආණ්ඩුවටත් ආදායමක් ලැබෙයි, රටටත් හොද ගොඩනැගිලි නිවාස ලැබෙයි. (නි)
මොරටුවේ කොල්ලන් නිකං පාරට බහින්නේ නැහැ. එයාලා කවදාවත් රස්සාවල් ඉල්ලලා, 'පුද්ගලික විශ්ව විද්‍යාල වහපියවු' කියලා පාරට බැහැලා නැහැ,... මේ රටේ වැඩිපුරම තියෙන හොර බොරු පුද්ගලික උපාධි කඩ. තත්වය එහෙම වෙලත් කොල්ලෝ පාරට බහින්නෙ නැහැ. සරසවි වහල දාලා, කොල්ලො කෙල්ලොන්ට යන එන මං නැහැ. බලන්න උසස් පෙළට කරලා තියෙන වින්නැහිය. බලන්න තක්කඩි මන්ත්‍රීවරුන්ගේ දරුවන් උසස් පෙළ කරගන්න බැරිවුණාට පිටරට ඉගෙන ගෙන හොර උපාධි අරන් සම්මුඛ පරීක්ෂණත් නැතුව විදේශ සේවයේ හොදම රස්සා ගන්න හැටි..... රටක යම් දුරකට හරි යුක්තියක් තියෙන්න ඕනෑ. අද ඒකයි නැත්තේ. හැම තැනම එක පන්තියකට අයත් පිරිසක් විතරක් යස සිරි සැප සම්පත් නිලතල බලතල හූරාගෙන කනවා. අනිත් අය සත්තු ගානට වැටිලා ඉවරයි. (නි)
පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි.. දැනට තියෙන විශ්වවිද්‍යාලවලින් මුදල් ගැනීමේ ක්‍රමයක් ඇති කරන්න ඇමති තුමනි..එතකොට ඔය පෙළපාලි නැතිවෙයි... අගේට ඉගෙන ගනීවි...!!(නු)
කවුද මේවට වගකියන්නෙ..?(නු)
කොච්චර කෑගහුවත් ඒඅයට ඇහෙන්නේ නෑ. ඒ අයගේ ළමයි අපේ සල්ලිවලින් වෙන රටවල ගෙන ගන්නව. අවුරුද්දම වැහවත් ඒ අයට ප්‍රශ්නයක් නෑ (අ)
රජයේ අවධාණය යොමු කර මේ ගැටළුවට විසඳුමක් ලබා දිය යුතියි. මාස දෙකක් පි ගෙදර. තමා හිසට තම අතමය සෙවනැල්ල. (අ)
අනේ ඔව්.. උද්ඝෝෂණ කරලානේ මේ රටේ මෙච්චරකල් ප්‍රශ්ණ විසදුවෙ.. මේවා ජේ.වී.පී. වැඩ. අනිත් අය මේවට එන්නෙ විනෝදෙට.. ඕක ඇතුලෙ ඉද්දි මේවා හරි ලොකු දේවල් තමයි.. එලියට ඇවිල්ලා සැබෑ ලෝකෙ ජීවත් වෙද්දි මේවා මොකුත්ම නැහැ.. අපි නොදන්න උද්ඝෝෂණ??(නු)
දැන් කෑමොර දුන්නට උපාධිය ගත්තට පස්සේ මොන නිදහස් අධ්‍යාපනනේද? ඔය කෑහන අයත් යන්නේ පිටරරට පශ්චාත් උපාධි කරන්න ඇයි දැන් නරක පුද්ගලික විශ්ව විද්‍යාලද? (නු)
මෙය එන්.ඩී.ටී./ වාස්තු විද්‍යා හා තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගම් ඒකාබද්දව 2012/07/31 දින මොරටුව සරසවි පරිශ්‍රය ඉදිරිපිට සහ කටුබැද්ද මංසන්ධිය අසළ සිදු කරන ලද දැවැන්ත උද්ගෝෂණයයි.......... (නි)
කපිල වගේ මෝඩයන් නිසා තමයි අපේ රටට මෙහෙම වුණේ.රටට තියෙන ප්‍රශ්න ඔහේලට වෑඩක් නැහැ. ඔහේට ඕනි එන්.ඩී.ටී. එකට බණින්න. අනිත් සහෝදරයෝ සමාවෙන්න ඕනෑ මෙහෙම කිවුවට. කපිල වගේ අයට එහෙම කියන්න වෙනවා. (නි)
විශ්වවිද්‍යාලවල කොල්ලො කෙල්ලො විනෝදයට හරි උද්ඝෝෂණ කරන නිසා තමයි අධ්‍යාපනය මේ තරමින්වත් තියෙන්නෙ.එහෙමවත් නැතිවුනා නම් එහෙම කංකාණනම් මහත්තයා වගේ අයගේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි...... (නු)
පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියනවානම්, දැනට සල්ලිවලට ඩෙන සියලුම උපාධි නැවැත්විය යුතු නොවේද? විශේෂයෙන්ම වාස්තු විද්‍යා ආයතනය මගින් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාව. එමගින් උපාධි දෙකක් අරගෙන වාස්තු විද්‍යාවේදියෙකු වන අයකු හා සමාන තත්වයක් සල්ලි දීලා ඉගෙන ගන්න ඩිප්ලෝමාධාරීන්ට හිමිවනවා. වාස්තු විද්‍යා සිසුන්ට ඇයි බැරි මේවගේ දේවලට විරුද්ධ වෙලා තමන්ගේ අයිතීන් රැක ගන්න? (නු)
කවුරු කළත් අරමුණ වෙන්න ඕන නිදහස් අධ්‍යාපනය රැක ගන්න එක.. කළනලට තේරෙන්නෙ නැහැ අධ්‍යාපනය පෞද්ගලික කරණය කළොත් හොදයි..!! එතකොට එස් 2 ළමයටත් උපාධිය ගත හැකි...!!(නු)
කපිල එන්.ඩී.ටී.වත් තිබ්බෙනැතිනම් මේවගේ විශ්වවිද්‍යාලෙ යන්න බැරිවෙන අය මොනවා කරන්නද? එකම විසදුම පහසුකම් වැඩිකරන්න රජයට බල කරන එක නේද?(නු)
හේරත් මහත්තයා ඇතුළු කීපදෙනෙක් හරියට ප්‍රවෘත්තියවත් කියවලා නෑ. මෙතන කොහෙවත් කියලා නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන. නිදහස් අධ්‍යාපනේට තියෙන එකම ප්‍රශ්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල නෙවෙයි. මේ සිසුන් පාරට බැස්සේ වහලා තියෙන විශ්ව විද්‍යාල විවෘත කරගන්න මිසක් අනුන්ගේ කුණු හොයන්න නෙවෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිව පාරට බහිනවානම් ඒක මුලින්ම කරන්න ඕන අපි. මොකද ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වැඩි හරියක උගන්නන්නේ ඉංජිනේරු උපාධි. ඒක කෙරෙන්නෙ දැනට අවුරුදු දහයකටත් කලින් ඉඳන්. ඒත් අපි කෑගැහුවේ නෑ, දැන් කෑගහන්නෙත් නෑ. මොකද කවුරු කොහෙන් ඉගෙන ගත්තත් අපි ගැන් තීරණය කරන්නේ අපිට රැකියාවල් දෙන තැන්වලින්. ඒ මිනිස්සු දන්නවා දක්ෂයා කවුද කියලා. බුරුතු පිටින් පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මත් මොරටුවට ගහන්න බැරි උනා කාටවත්. ඒ නිසා අපි බය නෑ. අපිට ඕන එකම දේ, අපිට මේ ලැබුණු විශ්ව විද්‍යාල වරම සාර්ථකව ඉවර කරගන්න ඉක්මනට සරසවි නැවත විවෘත කරන්න කියන එකයි. (නු)
කපිල එකම අධ්‍යාපන ආයතනයේ සිසුන් අතර ගැටලුවක් ඇතිකරන්න උත්සාහ කරන්න එපා...!!(නු)
ලංකාවේ විශ්ව විද්‍යාලවල ළමයින්ගේ දැනුම ඉතාම ඉහළයි. එය කවදාවත් අවතක්සේරු කරන්න එපා. ලෝකේ ඕනෙම විශ්ව විද්‍යාලයක ඉගන ගන්න අයකුට අභියෝග කරන්න අපේ ළමයින්ට පුළුවනි. නමුත් පාලකයන් හිතන්නේ ඒ උදවියට වගේම මේ ළමයින්ටත් මොළේ නැහැ කියල. අන්න එතන තමා වැරදුණ තැන. රටක ජාතියක සම්පත වන්නේ ළමයින්. විශේෂයෙන් විශ්ව විද්‍යාල වල ඉගන ගන්න ළමයින්. එයාලට හිතේ ප්‍රශ්න නැතුව ඉගගෙන ගන්න ඉඩ සලසනවා නම් ඔවුන් නිසි දේ කරාවි. ළමයින්ගේ ක්‍රියා වැඩිහිටි අයත් ආදර්ශයට ගන්ඩ කාලේ ඇවිල්ලා. (නි)
ඇමතිතුමාට නිවාඩු දීලා..(නු)
මෙලහකට එන්ඩීටී කට්ටිය වෙන්න ඇති. ඉංජිනියරිං සහ ගෘහ නිර්මාණ ශිල්පයට වේවට කාලය නැහැ..(නු)
ඔය වගේ අවුල් නැතිකරන්න තමා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්නෙ.. නිදහස් අධ්‍යාපනය අවුල් කළාම කට්ටිය ඒවට යනවානේ.. එතකොට ඇමතිතුමා ගොඩ... දුප්පත් දරුවො වලට..(නු)
මේක සංවිධානය කලේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය. සාමන්‍යයෙන් ඔවුන් බොරුවට දේශපාලන පක්ෂවලට කඩේ යන්න නිතර පෙළපාලි, උද්ඝෝෂණ කරන්නෙ නෑ, ඒවට නාස්ති කරන්න කාලයක් නැති නිසා. ඒ දැන් සරසවිය වහලා නිසා ඔවුන් අතරමං. ඒකයි මෙහෙම සාමකාමි උද්ඝෝෂණයක් සිදු කලේ. (දී)
කාලයක් නැ කියල කටවහගෙන හිටියොත් ඉස්සරහට නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් ඉතුරු වෙන එකක් නැ (නු)
විශ්ව විද්‍යාල වහනවට විරුද්ධ විය යුතුමයි. සමහර දේශපාලන පක්ෂ බලන්නෙම විශ්ව විද්‍යාල වහලා ඉන් ප්‍රයෝජන ගන්න. එන්.ඩී.ටී හෝ බ්. එස් .සී නෙවෙයි ප්‍රශ්නය. සැම දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමේ අයිතියක් තියෙනවා. ඇයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ? උපාධියට සමාන සුදුසුකම් ලබාදෙන පාඨමාලා කීයක් තියෙනවද ලංකාවේ. නමුත් ඒවාට සල්ලි ගන්නවා, කවුරුවත් කතාකරන්නේ නැහැ. ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, රසායන විද්‍යා ආයතනය, එන්.අයි.බී.එම්. ඒවා ඉතාම හොද දේවල්, ළමයින්ට සල්ලි ටිකක් දීලා හරි හොද අධ්‍යාපනයක් ගන්න පුළුවන්. මම එන්.ඩී.ටී කරපු කෙනෙක්. ඉන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, බ්‍රිතාන්‍ය ඉංජිනේරු කවුන්සිල් ආයතන වලින් වරලත් ඉන්ජිනේරු උපාධි ලබාගෙන , කළමනාකරණ පශ්චාත් උපාධිය ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකින් ලබාගත්තා. ඉතින් ඒ ඔක්කොම ලබාගන්න සල්ලි වියදම් වුණා. එහෙම ආයතන තිබුනේ නැත්නම් මට මොකද වෙන්නේ. මගේ දෙමව්පියෝ රජයේ සේවකයන්. මහලොකු කෝටිපතියන් නෙවෙයි. ඒ වගේ හැමෝටම තමක් කැමති දෙයක් සල්ලි දීල ඉගෙන ගන්න අවස්ථාව තියෙන්න ඕනෑ. මම ඉන්නේ කැනඩාවේ. මෙහෙ හැම විශ්ව විද්‍යාලෙම සල්ලි ගන්නවා. ළමයි ණය අරන් තමයි ඉගෙන ගන්නේ. නොයෙකුත් රැකියාත් කරනවා. එහෙම දුක් විදලා තමයි ඉගෙන ගන්නේ. හැමෝම අාසයි ඉගෙන ගන්න. ඒකට වළ කපන්න එපා. (නි)
නිදහස් අධ්‍යාපනය තුළින් දැන් සුපිරි උගතුන් බිහි වන්නේ නැත. දිස්ත්‍රික් කොට ක්‍රමය නිසා ඉතා අඩු ලකුණු ගන්නා සිසුන් කැම්පස් යති. නමුත් ඔවුන්ගේ දැනුම ඉතා අඩුය. ඉංග්‍රීසි බැරිය , විභාග පාස් වන්නේ කටපාඩම් කරය. ඒ නිසා හීනමානය වසා ගන්නට නවක වදය නමින් අමානුෂික ක්‍රියා කරති. පිටරට පුද්ගලික විශ්ව විද්‍යාලයට යන සිසුවා මුදල් අතින් වියදම් කර ඉගෙන ගනියි. ඔහුට ලංකාවේ පුද්ගලික අංශයේ රැකියා දීමට පුද්ගලික අංශයේ හිමිකරුවන් කැමතිය. ඔවුන්ට වැඩ බැරි නම් ලාභ ලැබීම අරමුණු කරගත් පුද්ගලික අංශය රැකියා දෙන්නේ මන්ද ? අනිත් අතට පුද්ගලික ආයතන ලංකාවේ විශ්ව විද්යාල උපාධිධාරීන් ගැනීමට අකමැති ඇයි ? නිදහස් අධ්‍යාපනයෙන් බිහි වන වැඩ බැරි උද්ඝෝෂණ , පෝස්ටර් ඇලවීම , උපවාස කිරීමට පමණක් දත් වැඩබැරිදාසලා පුද්ගලික අංශයේ මුර වැඩටවත් ගන්නේ නැත. මේක තමයි කටුක සත්‍යය වන්නේ. (නි)
මහේන්ද්‍ර, එන්. ඩී. ටී. නැති කරන්න කියනවා නෙමෙයි. එයාල දේශපාලනයෙන් තොර වෙලා ඉගෙන ගන්නවානම් තමයි හොඳ....එයාලා දෙමාපියන්ගේ සල්ලි වලට කරන නාස්තිය ඔයා දන්නවනම්... එන්.ටී.ඩී., ටී.ටී.අයි., එච්.එන්.ඩී.ඒ.සම මට්ටමේ පාඨමාලා විදියට තමයි පිලිගන්නේ, තවත් තියෙනවා, හොයලා බලන්න....(නු)