(අකිල බද්දෙවිතාන / ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘතිම නවෝත්පාදන විද්‍යාගාරය විවෘත කිරීම අද(23) මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කෝඩ්ජෙන් ජාත්‍යන්තර ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ සහයෝගීතාවයෙන් ඉදිකෙරුණු මෙම විද්‍යාගාරය නවීන පහසුකම්වලින් සමන්විතය. QBITS Lab නමින් හැඳින්වෙන මෙම විද්‍යාගාරය හරහා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුකරනු ලබන පර්යේෂණ වැඩි දියුණු කිරීම අපේක්ෂා කෙරේ.
බහුවිධ කර්මාන්ත ක්ෂේත්රය උදෙසා බහුවිධමය යෙදවුම් යොදාගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා තැනුණු මෙම විද්‍යාගාරය මගින් ආචාර්ය උපාධි ආදී විද්‍යාර්ථීන්ගේ නවීන සොයාගැනීම් සඳහා බුද්ධිමය වටපිටාවක් සකසා දීමට උපකාරී වන බව මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
මෙම නව විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට කෝඩ්ජෙන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපතීන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද කෝඩ්ජෙන් ආයතනයේ නිලධාරීහු ද එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හින්දා තමයි රටක් දියුණු වෙන්නේ, අපි ගොඩක් පිටිපස්සෙන්, එත් මේ තිබ්බ පොඩි පියවර හරි සාර්ථකව ඉස්සරහට යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. වෙන රටවල් තාක්ෂණික පරීක්ෂණ වලින් රටට අවශ්‍ය සියලුම දේවල් නිපදවනවා. කෘතිම නවෝත්පාදන යන නම වෙනුවට බුද්ධිමය යන්ත්‍ර විද්‍යාව වගේ නමක් භාවිත කරන්න.
අපේ දරුවන්ගේ නැණස තීව්ර කරන්න මෙමගින් ඉඩ ලැබේවායි හදවතින්ම සුබ පතනවා.!!
මේ තිබ්බ පොඩි පියවරෙන් හරි අපේ දරුවන්ට සාර්ථකව ඉස්සරහට යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
හා හොඳයි , දැන් ජාත්‍යන්තර ආයතන අපේ නිදහස් අධ්‍යාපනයට ඇගිලි ගහනවා කියල මේකට විරුද්ධව විශ්ව විද්‍යාල වලින් උද්ඝෝෂණයක් කරන්නේ කවදද ? එහෙමනේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැසිරෙන්නේ .