ඉන්ධන මඟින් ධාවනය වන මෝටර් රථයක් විදුලි බලයෙන් ධාවනය වන පරිදි පරිවර්ථනය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් සමත්වී සිටිති. රථයේ එන්ජිම වෙනුවට ඊට විදුලි මෝටරයක් ආදේශ කිරීමෙන් මෙසේ පරිවර්තනය කර තිබේ.
යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිරෝෂ් ජයවීර සහ කථිකාචාර්ය සසිරංග ද සිල්වා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අවසන් වසරේ ඉගෙනුම ලබන විමුක්ති රන්දෙණි , අනුරාධ හේරත් සහ චතුර ගනීමුල්ල යන සිසුහු මෙම රථය නිර්මාණය කළහ.
‘‘සාමාන්‍ය මෝටර් රථයක ක‍්‍රියාකාරීත්වයට සමාන ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන මෙම රථය සාමාන්‍ය පරිදි ගියර් මාරු කිරීමට හැකියි. මේ ආකාරයට ඕනෑම මෝටර් රථයක් බැටරි බලයෙන් ධාවනය වන පරිදි සකසන්න පුළුවන්. දියුණුවෙමින් පවතින රටවල වායු දූෂණය මහත් ගැටළුවක්. පැරැණි මෝටර් රථ ධාවනයවීම පරිසර දූෂණය කෙරෙහි දැඩිව බලපානවා. විදුලි මෝටර් රථ පරිසර හිතකාමීයි. නව මෝටර් රථ ආනයනය කිරීමට වඩා දැනට පවතින පැරැණි මෝටර් රථ විදුලි බලයෙන් ධාවනය වන පරිදි සැකසීම වඩා ලාභදායකයි.‘‘
විදුලි මෝටර් රථවල දැනට පවතින දුර්වලතාවක් වන ලෙස වරක් බැටරි ආරෝපණය කළ පසු ධාවනය කළ හැකි දුරෙහි සීමා සහිත බව නැති කරලීම කෙරෙහිද මෙම පර්යේෂණය මගින් සලකා බලා තිබෙනවා. මේ සඳහා බැටරි බලයට අමතරව ධාරිත්‍රක භාවිත කරමින් වඩා කාර්යක්‍ෂම ලෙස බැටරි බලය මෝටරය වෙත ලබාදීමට උත්සාහ කරනවා.
‘‘තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන මෙම රථයේ වේගය පැයට කිලෝමීටර 80 ක් වන අතර වරක් ආරෝපණය කළ පසුව බැටරි බලයෙන් කිලෝමීටර 40 ක් ධාවනය කළ හැකි වෙනවා. මෙම දුර වැඩි කර ගැනීමට අපි තවමත් පරීක්‍ෂණ පවත්වනවා. ඒ වගේම වඩා බලවත් මෝටරයක් භාවිත කිරීම මගින් කිලෝමීටර 120 ක උපරිම වේගයෙන් ධාවනය කිරීමට හැකිවන බව විශ්වාසයි.’’
කථිකාචාර්ය - සසිරංග ද සිල්වා
ආචාර්ය නිරෝෂ් ජයවීර








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධරයනි මෙයට අත හිත දෙන්න. උනන්දු කරවන්න. බොහෝවිට වෙන්නේ කලකිරී අතරමංවීමයි (බ)
අපිට ටෙස්ලා ඕනි නැ තියෙන්‍නෙ නියම කාර් (බ)
හොඳ වැඩක් කරලා තිබෙන්න. අලුතින් ජපන් පාර්ට්ස් ගන්නේ නැතුව අපේ රටට සුදුසු දෙයක් කරන්න පුළුවන්. සුබ පැතුම්. (නි)
ඇත්තටම හොඳ උත්සහයක්. වාණිජ මට්ටමට ළගාවීම හෝ නොවීම වෙනම දෙයක්. නමුත් අවශ්‍ය වෙන්නේ උත්සහ කරන එක. එවිට ඔබලාට වාණිජ මට්ටමේ නිපැයුමක් කරන්න බැරි වුනත් ඊලග බැච් එකට පුළුවන් පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න. සුභ පැතුම්. (බ)
ඔබට සුබ පැතුම්! (නි)
සෝලා සෙල් භාවිතයෙන් සහ රෝද 4ට ඩයිනමෝ හෝ වෙනත් සුදුසු විදුලි උත්පාදක යන්ත්‍ර 4ක් සවිකිරීමෙන් බැටරි ආරෝපනය කර ගත හැකිවේ යැයි සිතමි.ජයවේවා! (ම)
1976 කාලයේදීත් ප්රෝෆෙසේර් පී ඒ ද සිල්වා මහත්තය විදුලි වාහනයක් හැදුව. කටුබැද්ද හන්දියේ ඉඳල අපිත් ඕකෙ එල්ලිලා ආව මතකයි. ජයවේවා. (බ)
නව මන් සෙවීමේ පුරුද්ද ඉතා ඉහලින් අගය කල යුතුයි. (ර)
අපිට ඕන අපේම කියන්ඩ පුලුවන් ආඩම්බර නිර්‍ර්මානයක් ඔය දේ වැඩිදුරටත් පරික්ෂණ කර අපේ රටට දායාද කරන්න ශක්තිය දහිරිය ලැබේවා (නදී)
බැටරි චාර්ජ් කරගන්න පුළුවන් නේද.ට්‍රයි කරන්න (බ)
අලුත් දේ නිර්මාණයට තව තවත් යොමු වේවා වසර 50පෙර කාර්මික විද්‍යාලයක් වුන මෙම කැනඩා ආධාර මත බිහිවුන මෙම ආයතනය විශ්ව විද්‍යාලයක් වී නව නිපැයුම් දක්වා ඉදරියට යනවා මෙම උපාධිධාරීන් ඉදිරියට විශ්මිත නව නිර්මාණ බිහි කරනවා ඇත (බ)
සහෝදරයනි, ඔබලාට තව තව ශක්තිය ලැබෙන්න කියා මම පතනවා.(බ)
ඇත්තටම ඔබ සැම ගැන ආඩම්බරයි (නි)
නියම වැඩක් ඉංජිනේරු මහත්තුරුනේ! මග නතර නොකර කරගෙන යන්න. අවසානයේ ප්‍රතිපලය එලි දක්වන්න. අපිට ආඩම්බරයි. අපි බලා ඉන්නවා. (ර)
බොහොම හොඳ වැඩක්. තවදුරටත් මේ පරීක්ෂණ කරලා වානිජමය වශයෙන් මෙවැනි රථයක් වෙළඳපොළට හඳුන්වා දෙන්න. මීට වඩා බලසම්පන්න ඒ වගේම කුඩා බැටරි පද්ධතියක් යොදා ගන්න උත්සාහ ගන්න. ඒ සඳහා අපේ රටේ බැටරි නිෂ්පාදකයින්ගේ සහාය ගන්න.(හේ)
එල එල කොල්ලෝ.(හේ)
අපේ රටේ ඉන්නේ හොඳ මොළකාරයෝ. අවාසනාවකට වගේ හොඳ මොළකාරයන්ව පාගන්න ඉදිරිපත් වෙන්නෙත් තවත් වර්ගයක මොළකාරයෝ ටිකක්. ඒ අයට දේශපාලන බල අධිකාරයේ ආශිර්වාදය ලැබුනහම, සියල්ලම සුන්! මේ පුතුන්ට ජනතාවගේ ආශීර්වාදය හිමිවිය යුතුයි. (නි)
ජයවේවා.! ඔබට උපකාර කිරීමට රජයේ වගකිව යුත්තන්ගේ සිත් නම්‍ය සීලි වේවා.! (හේ)
අපේ අය මේ වගේ දෙයක් කළ නිසා ගොඩක් සතුටුයි.(හේ)
ඇත්තටම හොඳ නිර්මාණයක්.ජපානයට පුළුවන් උනේ දෙමුහුම් තාක්ෂණය සොයාගන්න පමණක් වුවත් අපිට ඊට වඩා අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් උන එක ගැන තිබෙන්නේ මහත් ආඩම්බරයක්. (ස)
ලොකු පුටු වල අනුග්‍රහය ලැබේවා. ලංකා අභිමානය ලොවට පෙන්වන්නට. (ස)
මට පුළුවන් ඕකට අදහසක් දෙන්න. ගොඩක් දන්නේ නැතුව ස්වයන් ක්‍රියාව චර්ජ් කරන්න විදිහ සහ බැටරිය නැතුව වැඩ කරන්න. (ර)
සුබපැතුම් මල්ලිලා.! (ර)
ඔබට ජය! (නි)
පට්ටම වැඩක් මේක, හැබයි ඕක වැඩි දියුණු කරලා වාසි සහගත විදිහට අපේ රටේ අයට විකුනනවානම් එ්ක ඔබ සැම කර ගන්න මහගු පිනක් (බ)
මම ඔයගොල්ලන්ට කථා කරන්න කැමතියි. (ස)
ඇත්තටම අපි ඔබ ගැන ආඩම්බරයි. පෙරටම යමු ශ්‍රී ලංකා. (ම)
මොරටු සිසුන්ට මගේ ආචාරය ! බැටරිය ආරෝපණය සඳහා සුර්ය කෝෂ යොදා ගන්න .ඒවගේම තිරිංග යොදනවිට ඇතිවන බලය විදුලියට හරවා බැටරියට දැමිය හැකි දැයි සොයා බලන්න. (ර)
හොඳ වැඩක්..... (නි)
නියමයි. විශිෂ්ටයි! (නි)
ලංකාවෙ මිනිසුන්ගේ මොළවලින් වැඩක් ගත්තා නම් අද ඇමරිකාව, ජපානය කැලේ. ඔක්කොටම වැඩිය අපේ රටේ ආත්මාර්ථකාමියො වැඩිනේ. ඒකයි ලොකුම ප්‍රශ්නේ. (නි)
මගේ සුබ පැතුම්..(හේ)
මෙවැනි දෑ මගදී නවත්වන්නේ නැතිව මේ තාක්ෂණය ඉදිරියට ගෙනියන්න ඒ තුලින් ලෝකයට පෙන්වන්න ඕනි ශ්‍රී ලංකික දක්ෂතා දේශීය නිපැයුම් නගා සිටවිමට මෙවැනි වැඩ ලොකු අත්වැලක් වෙනවා.(හේ)
ජයවේවා.! ඔබට උපකාර කිරීමට රජයේ වගකිවයුත්තන්ගේ සිත් නම්‍ය සීලි වේවා.! (ර)