(නිමන්ති රණසිංහ)
මෙරට සමස්ථ ජනගහනෙයන් මිලියන 07කට අධික සංඛ්‍යාවක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව, ඊයේ (29) වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති සංඛ්‍යාව 7042418ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි 61% ක් ලෙසින් වන බවත් එම ඒකකය සඳහන් කරයි.
මේ වන විට එන්නත්කරණයට ලක්වූ වයස අවුරුදු 20ත් 30ත් අතර ප්‍රමාණයක් ද සිටින අතර ඔවුන් ඇඟලුම් කර්මාන්තයේ සහ අත්‍යාවශ්‍ය සේවාවාන්හි නිරතවන අයවලුන් බව ද වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සංවර්ධන කටයුතු සදහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන් 2,865 දෙනකු සදහා කොවිඩ් පළමු මාත්‍රාව ද, 2, 435 දෙනකු සදහා දෙවන මාත්‍රාව ද ලබා දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටක හෝ මෙරට ලක්ෂ හැත්තෑවක් පූර්ණ එන්නත් කරණයට (Passive immunity) ලක්කලද එන්නත් ලබාගත් පුද්ගලයන් හට නැවත කොවිඩ් වෛරසයේ වෙනත් ප්‍රබේද මගින් කොවිඩ් වැළදීමට හැකියාව තිබේ. ප්‍රතිසක්තිකරණය සිදුවන්නේ එක හා සමානව නොවේ.
පළමු එන්නත ලබාගැනීමෙන් පසු කිසිදු සංකුලතා නොදැක්වුවත් දෙවන එන්නත ලබාගැනීමෙන් පසු සරිරයේ (innate ) සොබාවික ප්‍රතිසක්තිකරන ක්‍රියාවලියේ වෙනස්කම් සිදුවන නිසා නිරෝගී පුද්ගලයකට වඩා අසනීප තිබෙන අයවලුන් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුවේ. අපගේ ජිවිත කාලය පුරාවටම Adaptive (or active) immunity ක්‍රියා කරමින් ඇතත් පුද්ගලයා අනුව සහ ඔහුගේ ක්‍රියාකාරිත්වය අනුව Adaptive (or active) පුද්ගලයාගේ ප්‍රතිසක්ති ක්‍රියාවලිය සිදුවේ. කෙසේ වෙතත් ඉදිරි කාලයේදී කොවිඩ් සදහා වසරක් පාසාම flu shot එන්නත් ලබා දීමට හැකියාව පවතී.
දෙවෙනි මාත්‍රාව දෙන වේගය මදි නේ.. තව 40%ක් දෙන්න ඕනී 30උඩ. සැප්තම්බර් 15ට කලින් ඕක කරන්න පුලුවන්ද මේ වේගයෙන්..