මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයේ පාලිකා මේරි එළිසැබෙත් නිදහස් කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉවොන් ප්‍රනාන්දු මහත්මිය ළමා අපචාර පරීක්ෂණ පරෙස්සමෙන් හා විධිමත්ව කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියට අවවාද කළාය. ළමයින් විකිණීම හා ළමයින් අපචාරයට යොදා ගත්තැයි පාලිකාවට එරෙහි චෝදාන දෙකෙන්ම ඇය නිදහස් කැරිණි. පාලිකාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නෙවිල් අබේරත්න මහතා කියා සිටියේ ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ඉවක් බවක් නැතිව කළ සෝදිසියෙන් අස්ථාන චෝදනා නඟා එම ආයතනයට විශාල අපකීර්තියක් ගෙනදුන් බවයි. රොහන් පුෂ්පකුමාර නමැත්තාට එරෙහි පැමිණිල්ල ලබන 19 වැනි දාට කල් තැබිණි.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොරටු පාලිකාව නිදහස්
කමල් Thursday, 15 December 2011 11:14 PM
අධිකාරිය පිටිපස්සෙන් හිටියෙ කවුද කියල හොයල බලන්න.
නිලංග Friday, 16 December 2011 06:19 AM
රජයේ ආයතන මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. කුමක් හෝ දෙයක් ගැන පණිවුඩයක් ලැබුණු ගමන් මාධ්‍යවලට දීල, ප්‍රසිද්ධියේ වටලන්න කලින් එහි ඇත්ත නැත්ත හොයල බලන්න ඕනා
ud Friday, 16 December 2011 07:16 PM
ඇත්ත හෙලි වෙනකොට අපහසුතාවයට පත් වෙලා එ නිසා යමක් කරන්න කලින් හොදට හෙව්වා නම් මොකද වෙන්නෙ??
ප්‍රියන්ත Thursday, 15 December 2011 12:39 PM
යුක්තිය ඉක්මණින් වීම සතුටක්. ඒත් අවිධිමත් භාවයට දඩුවමක් දිය යුතුයි
සුසිල් Thursday, 15 December 2011 12:41 PM
ළමා ආරක්ෂක අධිකාරිය මීට වඩා සොයා බැලිය යුතුයි නේද?
අජිත් Thursday, 15 December 2011 01:31 PM
සමහර පත්තර වලට බොරු ලියන ලේඛකයන්ටත් හෙඳ පාඩම්.
කමල් Thursday, 15 December 2011 03:27 PM
ළමා ආරක්ෂණ අධිකාරියට එරෙහිව නඩුවක් ගොනුකරල කෝටි ගානක් වන්දි ඉල්ලන්න. ඒක ළමා නිවාසයේ සංවර්ධනයට යොදාගන්න පුළුවන්.
ලංකාවිකිලීක්ස් Thursday, 15 December 2011 09:22 PM
හෘද්ද ශාක්ෂිය කාටත් ඇත.