එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරුවකු වන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නගර සභා රැස්වීමට අද කැඳවාගෙන ආ නමුත් නගර සභාවට රැස්වූ මහා සංඝරත්නය ඔහුට බසයෙන් බැසීමට ඉඩ නොදුන්හ. ඔහු රැගත් රිය නගර සභාවේ වැඩබිම් දොරටුවෙන් ඇතුලට ගනිත්ම ගුටි බැට හුවමාරුවක් ද ඇතිවිය. එහිදී හිමිනමක් සහ නගර සභා සේවකයකු තුවාල ලදහ.
උප පුරපති බසයේ කොටුවී සිටියි. එහුට පක්ෂ හා විපක්ෂ ආධාරකරුවෝ 1500 ක් පමණ කෑ කෝ ගසමින් තර්ජනය කරමින් වහසිබස් බෙණෙමින් මහා ගාලගොට්ටියක් කරති. නගර සභා රැස්වීම ද නියමිත වේලාවට ඇරඹුනේ නැත. කැරළි මර්ධන පොලීසිය ද පැමිණ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව මීට වඩා බුද්ධිමත්ව සිතිය යුතුය. විශේෂයෙන් බුද්ධ පුත්‍රයන් (නි)
නීතිය මියැදෙයි හිමින් සැරේ ,බල්ලන් රජවෙයි පාතාලේ. (නි)
අපේ පාට පාට බැලුන් බෝල බෞද්ධයෝ සහ පාට පාට සරුංගෝල දේශපාලඥයෝ. සරුංගෝලේ උඩ නුල අපේ අතේ ... (නි)
රටේ දේශපාලනයට සම්බන්ධ අය ගැන ,මහජනයාගේ අදහස් දකිනකොට ,ලොකු පුටුවල ඉන්න අයට මොනවද හිතෙන්නේ ? (නි)
මේකට තමයි කියන්නේ මාරාවේශය කියලා...... (නි)
කෝ අර සේනාව? මෙහෙම හරි විරෝධයක් දක්වන්න ආපු හාමුදුරුවරුන්ට අපගේ ප්‍රනාමය! තව ටික දවසකින් මෙයත් නිදහස් වෙයි. රටේ සාධාරණත්වය නීතිය රකින්න මූලධර්මවාදය පැත්තකින් තියලා ඔක්කොම එකතු විය යුතු කාලය එලැඹී තිබෙන බව සියල්ලෝ ම අවබෝධ කර ගනිත්වා.......! (නි)
මහා රජ ධර්මිෂ්ඨ හා යුක්තියට හිස නමයි නම් මහජනයාද එසේම වනු ඇත (නි)
අර රෝද අල්ලාගෙන මොකද කරන්නේ? කට්ටියක් ඒ අවස්ථාවෙනුත් ප්‍රයෝජනේ ගන්නවාවද්ද? (නි)
මිනීමැරීම් චෝදනාවන්ට ලක්වෙලා ඉන්න ඇමතිලා මන්ත්‍රීලාගෙන් රටේ ජනතාවට යහපත් සේවයක් වෙනවයි කියලා කියන්න පුළුවන් කාටද? රටේ මුදල් නාස්ති කරන්න එපා තවත්. (නි)
මෙයාලව මෙහෙම අරගෙන එකනෙ වැඩේ! (නි)
රටකට ගිය කලක්.(නදී)
අනේ රටට ගිය කළ. මිනි මරුවෙත් ජනතා සුබ සිද්ද්ය පතන නගර සබා රැස්වීමට එනවා. චන්ද දුන්නු අය විසිල් ගහනවා. මට පිස්සු වාගෙයි.(නදී)
බොහොම හොදයි. දේශ පාලුවන්ට නීතිය ක්‍රියාත්මක නොකරන වගකිව යුත්තන්ට ඇස් ඇරෙන්න ?ජනතාව වත් නීතිය ක්‍රියාවට නැංවිය යුතුයි ....? (ස)
අහෝ! මෙවන් රටක් වෙන කොහේ ඇද්ද? (නි)
දේශපාලකයෝ හිරේ හිටියත් රැස්වීම් වලට. සාමාන්‍ය හිරකරුවකුගේ ළගම ඥාතියෙක් මැරුණත් එළියට ගන්නේ බොහොම අමාරුවන්. (නි)
ඇයි මේ එක්කෙනෙක්ව ගෙනෙන්න බස් රථයක්? මොරටු ජනතාවට අනගි අවස්ථාවක් බලධාරීන්ට පෙන්වන්න නිතිය ක්‍රියාත්මක කරන හැටි. මොකද නැත්නම්, දැන් යන රැල්ලට මෙයත් නිදහස් වෙනවා ළඟදීම. (නි)
නිදහස් වෙන එක නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. එහෙත් සමාජයෙන් දෙන දඩුවම් වළක්වන්න පුළුවන් වෙන එකක් නැහැ. (නි)
මේවා මහා විහිලු . (නදී)
එල්ලලා මරන්න ඕන කෙනෙක් නගරසබා රැස්වීමට මොකටද.? පුදුම ජනතා සේවකයෝ අපේ රටේ ඉන්නේ.(නදී)
ලංකාවේ මොන තරම් වැරදි කලත් කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අඩු ගානේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් අදුනනවානම්. දැන්නම් ලංකාව ගැන කලකිරිලා ඉන්නේ. අහිංසක මිනිසුන්ට ඉන්න පුළුවන් රටක් නෙමේ දැන් තියෙන්නේ.(නදි)
අනේ හොඳයි. මේ වෙන දේ වලට වගකිවයුතු ඡන්ද දායකයෝ ඉදිරිපත් වුණා නම් තවත් වටිනවා (නි)
ඕකත් ඉඩම් ප්‍රශ්නයක්ලු නේද? (නි)
ජනතාවම පුම්බපු හුලං ජනතාවම බස්සන්න වගෙයි යන්නේ (නි)
ඔය වගේ අයට ඉන්න දෙන්න වටින්නෙ නැහැ කොහොමත් (නි)