මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරට නගර සභා රැස්වීමට සභාගී වීමට ඉඩ නොදීමෙන් උසාවි නියෝගයකට අපහාස නොකළ බවට හේතු දක්වන ලෙසට භික්ෂුන් වහන්සේ හය නමකට මොරටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් බී.ඒ ආර් සෝමසිංහ මහතා නොතීසී නිකුත් කළේය.
පුරහල් භුමියට රැස්ව ඔහුට බාධා කළ බවට ඡායාරූප වලින් හදුනාගත් මෙම භික්ෂුන් හය නම මැයි අට වැනිදා අධිකරණයේ පෙනීසිටිය යුතුයැයි අධිකරණය කියා සිටියේය.
මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමල් එදිරිමාන්න මහතාගේ ඉල්ලීම අනුව මේ පියවර ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවරු හය නම නිර්දෝශියි කියලයි මම නම් කියන්නේ. නීති තියෙන්නේ මහජනයා රකින්න විනා මකන්න නොවේ (නි)
අර කියනවා වගේ මිනිස්සු වැඩිකල් ඉවසන්නේ නැහැ. ලගදීම ලොකු ජනතා නැගිටීමක් වෙනවාමයි. මම කියන්නේ පක්ෂ ගැන හිතලා නෙමෙයි. වෙන අසාධාරණ වැඩ ඉවසන්න බැරුව.(නදී)
'අබුද්දස කාලේ........' (නි)
නාරද කියන කතාව සම්පූර්ණ සත්‍යයක් (නි)
සංඝයා වහන්සේලා මරපු අයට ජනතා ආයතන වලට එන්න අවසර දෙනවද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මම විරුද්දයි ඒකට (දී)
අපේ හාමුදුරුවරු නැත්නම් අද ලංකාව තවත් ඇෆ්ගනිස්ථානයක් වේවි. (නි)
ධමිම, ප්‍රභාකරන් ඉන්න ඕනෑ නැහැ. දැන් ඉන්න සමහර හාමුදුරුවරුනුත් හැසිරෙන්නේ ප්‍රභාකරන්ලා වාගේ තමා. (නි)
කවුද වරද කලේ හාමුදුරුවෝද මන්ත්‍රී ද (දී)
හරි හරි ඉතින්, උසාවි නියෝගය අනුව ගෙනාවනේ. මිනිස්සු ඒකට විරෝධය පල කළා. එච්චරයි. (නි)
හාමුදුරුවන්ගේ ක්‍රියාවන් අධිකරණ නියෝගයට අදාලද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
තමන්ගේම ආගම් නායකයෝ මරපු අයට එරෙහිව උද්ඝෝෂණන පැවැත්තුවොත් තමයි උසාවියෙන් නියෝග. ලංකාවේ පල්ලි කඩනකොට කෝවිල් කඩනකොට , පල්ලියේ ඉස්සරහා සිවුරු ගලවාගෙන නටනකොට, කුණුහරප කියනකොට, බොරු ප්‍රචාර ගෙනියනකොට, පෝස්ටර් බෙදනකොට කෝ මේ නිතිය? ලාංකික කියන හැගිම නැත්තම් අපි මොනවා කරන්නද..???? (නි)
වරදක් කල නිසා නේ (දී)
රට දුවන්නේ අනෙක් පසට වගේ. රටේ සියලු දෙයම නිර්මාණය වී තිබෙන්නේ වැරදි ආකාරයටයි.(නදී)
ඔය විදියට බැලුවොත් හිරේ ඉන්න අනික් හිරකාරයොත් කියයි "මට ගෙදර ගිහින් එන්න ඕනෑ,මට ළමයා බලලා එන්න ඕනෑ,මට ගෑණි බලලා එන්න ඕනෑ" කියලා.එහෙම වුණොත් යන්න දෙයිද? හිරේ ඉන්න කෙනෙකුට වෛද්‍ය ප්‍රථිකාර ගැනීමට පමණක් නේද එළියට යන්න පුළුවන් වෙන්නෙ? මම දන්නෙ නැති නිසයි අහන්නෙ. (නි)
දැන් මොකද කරන්නේ (දී)
නීතිය, අධිකරනය කියන ඒවට අලුත් නිර්වචන හදලා පාසල් පෙළපොත් වලට දාන්න නිලධාරින් වග බලා ගන්න ඕනෑ. එතකොට අනාගත පරම්පරාව මේ ක්‍රමවේද වලට උචිත විදහට හැදෙයි.මේක පරිනාම වාදයේ අලුත් අවස්ථාවක්. පරිණාමය දියුණු වී වඳුරාගේ සිට මිනිසා හරහා යලිත් වඳුරාට. මෙය ආශ්චර්යයක් නොවන්නේද..? (නි)
පහුගිය දවස් ටිකේ අධිකරණ පද්ධතිය තුල දීපු තීන්දු කීපයකින් අපි බොහෝ දේවල් අවබෝධ කරගත්තා. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පොඩි ළමයෙක් පොල් ගෙඩි අටක් හොරකම් කෙරුවොත් උපරිම නීති. හාමුදුරු නමක් මරපු නඩුවක සැකකරුවෙකුට නගරසභා රැස්වීමට එන්ඩ අවසර... අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
හොරා නොව පැමිණිලිකරු හිරේ යවන ක්‍රමයක් ඇති කරන්න පුළුවන් නම් හොදයි. හොරාට කරන හොරකම් ප්‍රමාණය අනුව නම්බු නාම හා දිරි දීමනා දීමටද පුළුවන් නම් තවත් හොදයි (නි)
එයා මුකුත්ම දන්නෙ නැහැ. එයා නිර්දෝෂීයි (නි)
මේ පැමිණිල්ල උසාවියට ඉදිරිපත් කරලා ඇත්තේ කවුද දන්නෙ නැහැ (නි)
ධම්ම කියන අයටයි මේ. ප්‍රබාකරන් හිටියා නම් හොදයි කියන අය බහුතරයක් ඉන්නවයි කියන්නේ මොලේ අමාරුවක්ද? හාමුදුරුවරු නොසිටියා නම් අද සිංහල රටක් නැහැ. (නි)
දුමින්ද සිල්වා ට ගෙදර යන්න හොද සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා නම් ඇයි අධිකරණයෙන් ඉස්පිරිතාලෙටම ගිහින් ඇප ඉල්ලුම්පත් වලට අත්සන් ගත්තේ? මේවා අපහාස නොවේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මොනවාද මේ වෙන වැඩ (දී)
අය්යෝ සල්ලි
ගරු අධිකරණයේ තීන්දු වලට අපහාස කරන්න එපා (නි)
රටේ ජනතාව ඇස්, කන්, හිත් නැති පිරිසක් නිසයි දේශපාලකයින් සහ නීතිය මෙහෙම ජනතාවගෙන් පළි ගන්නේ කියලා මට හිතෙන්නේ. බොහොම ඉක්මනට අපේ මිනිස්සුන්ගේ අහිංසකකම නැතිවෙලා යන්න දීලා රටේ පාලකයෝ බලාගෙන ඉන්නවා. අපේ අහිංසක මිනිස්සුන්ගේ හීත් වලට හීනමානය, කුහකකම, ඊර්ෂ්‍යාව, පලිගැනීම යනාදී මේ හැමදේම දෙන්නේ රටේ දේශපාලුවෝ. අහිංසක සිංහල ජාතිය, නිහීන ජාතියක් බවට සීග්‍රයෙන් පත් වෙමින් යයි. (නි)
අනේ දෙවියනේ! මීට කලින් අධිකරණයට අපහාස වෙලාම නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ වගේ කෙනෙක් කොහොමද නගර සබාවක් හසුරුවන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පොන්සේකා මහත්තයා එන්නකෝ එලියට.(නදී)
අපිට කනගාටුයි.(නදී)
මේවා මොන අපහාසද ? අපහස උනේ පසුගියකාලේ අධිකරණ ඉස්සරහා පොල් ගහලානේ. අනේ මන්දා මෙහෙමත් නීති.(නදී)
මෙහෙම කෙනෙකුට රැස්වීමට යන්න අවසර දුන්න එකම ජනතාවට සහ බුද්ධ ශාශනයට වුණූ මහා අපහාසයක් විදියටයි මම නම් දකින්නේ (නි)
අධිකරණයේ පුටු පොඩි කරපු, පොල් ගහපු, විනිසුරුවරුන්ට තර්ජනය කරපු අය ගැන කතාවක් නැද්ද? (නි)
ඔය විදිහට ගියොත් මිනිස්සු නීතිය අතට ගන්න දවස ඉක්මන් වෙයි. (නි)
කුමානාකාරයේ නීතියක් රජයන රටක්ද මේක? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මට තේරෙන විදියට හිමි නමක් කපලා කොටලා මරලා දාපු නඩුවක සැකකරුවෙකුට ඔහොම නිදහස දෙන එකට විරුද්ධ වීම වරදක් නම් දේශපාලකයෝ නැතුව රටේ ඉන්න සියල්ලෝම හිරේ දාන්න වෙනවා. (නි)
ප්‍රභාකරම් හිටියා නම් මීට වඩා හොඳයි කියලා සිංහල මිනිස්සු ළඟදීම කියාවි. දැනටත් බහුතරයක් එහෙම කියනවානේ (නි)
මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පුද්ගලයකු බවට පත්වීම තරම් අපහාසයක් තවත් තියනවාද? (නි)
ඒත් මට හිතෙනවා සමහර වෙලාවට අධිකරණයට අපහාස කරගන්නේ අධිකරණයම තමයි කියලා. (නි)
එතකොට යම් බරපතල චෝදනාවක් එල්ලවුණ කෙනෙකුගේ වැඩ තහනම් කරලා අදාළ දෙපාර්තමේන්තුවෙන් වෙනම පරීක්ෂණයක් තියන්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හාමුදුරුවරු ටික නැත්නම් මෙලහකටත් අපේ රට විකුණගෙන කල ඉවරයි. ඔය පින්තුරවල ඉන්න හාමුදුරුවරු විතරමද හඳුනාගන්න පුළුවන්.(නදී)
ඒ මොකද්ද කල වරද (දී)
අසේල, ඔබ හරියටම හරි. (නදී)
මොනවා කරන්නද අපි වෙන්නේ මොමවාද කියලා බලන් ඉම්මු (දී)
තීන්දු තීරණ ගැනීමේදී සහ දීමේදී අපරාධකාරයෝ ගැන හොදට අධ්‍යයනය කළ යුතුයි (නි)
යමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
අනේ අපොයි.(නදී)
කපලා කොටලා සාහසික විදිහට මරලදපු හාමුදුරුවන්ට අපහාසයක් වෙන්නේ නැද්ද?(නදී)
අසේල ඔබේ කතාව හරියටම හරි. මාත් කියනවා එක නම් .(නදී)
උසාවිය මේ මනුස්සයට නගර සභා රැස්වීමට යන්න ඉඩ දීපු එක ඇත්ත. එහෙත් නගර සභා රැස්වීමට සහභාගී විය යුතුයි කියලා උසාවි නියෝගයක් දීල නැහැනේ. කොහොම නමුත් මේවට හාමුදුරුවන්ට මේ ලෙස මැදිහත් වෙන්න සිදුවීම නම් කණගාටු දායකයි. (නදී)