මරංචි නමින් හැදින්වෙන බොරු කහවනු ජාවරමක සැකකරුවකු බේරා දීමට ඔහුගේ බිරිය තලාවේ හෝටලයකට ගෙන්වා ලිංගික අල්ලසක් ගැනීමට ගිය බව කියන පොලිස් සැරයන්වරයෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිය. ඔහු එම කාන්තාව එම හෝටලයට කැඳවා සිටිය දී වැටලීම සිදුවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සාජන් මහත්තයෝ අසරණ කාන්තාවන්ට පිහිට වෙන්න ගියාම වෙන වැඩ. ඔයාගෙ තුන් හිතකවත් නොහොබිනා කමක් නැති බව මමත් දන්නවා (ස)
අනේ මන්දා අහන දේවල්! (නි)
ලොකු ලොකු අය ප්‍රසිද්ධියේ කරනවා නම්.. පොඩි පොඩි අය හොරෙන් කළාම මොකද වෙන්නේ..!(නු)
මෙයත් නරකම නැහැ..!(නු)
මාටින්,රජිත; විවේචනය කරන්න ඕනි වැරදි කරන කෙනා මිසක් එයාගේ වටේ පිටේ අයවත් එක්ක නෙමෙයිනෙ...මෙයා කරපු වැරැද්දක් අනික් අය පිටත් දාන එක සාධාරණ නෑ. මොකද දැන් ඉන්න ගොඩක් අය ඉස්සර වගේ නෑනෙ....(නු)
පොලීසියේ හැමෝම එහෙම නෑ . මාටින් බොරු කියන්නේ (ස)
අනේ මන්දා, මෙතන සමහරු විවේචනය කරන තරම්ම වැරදි ඇත්තටම වෙනවද කියලා..... කොහොම උනත් හොයල බලලා කියන දෙයක් කිව්වොත් තමා හොඳ... මොකද ඒ අය කරන්නෙත් නැතුවම බැරි සේවයක් නේ.... (ස)
හා හා.... ඕවා කරන්න පුලුවන් ලොකු ලොකු පුතාලට විතරයි! (ස)
පොලීසිය ඔහොම තමයි (ස)
කලයක් පිරෙන්නට කිරි තිබ්බත් මොකද පලයක් ගන්ට ඇති විට ගොම බිඳ හැකිද දෙලොවක් දිනා නිති රැකුමට වෙර දරණ නිලයක් ලැබ කිමද? ජන සිත් නො ලැබෙත් ද? (ස)
කබරයා කියන ජාතියේ සත්තුත් ඕනෑම ජරාවක් කනවා. දන්නවා නේද? (නි)
අල්ල ගත්තේ අල්ලස් දුන්නට පස්සෙද ?? ඊට කලින්ද දන්නේ නෑ (ස)
පොලිසිය නෙමේ අම්ම තාත්ත වත් විස්වාස කරන්න බෑ කියල තමයි අපිට අපේ වැඩිහිටියෝ කියල දීල තියෙන්නේ, ටී. වී එකේ කියන කතා අහල මම නම් හිතන්නේ 99% ම හොරු තක්කඩියෝ මැරවරයෝ ඉන්නේ පොලිසියේ කියල (ස)
කොයි අතින් බැලුවත් පගා, දූෂණ, වංචා, අල්ලස්.... ලෝකයේ තියෙන ජරාම පොලිසිය...
අපේ රටේ නීතිය හරියට මකුළු දැලක් වගෙයි. පොඩි සත්තු විතරයි පැටළෙන්නේ. (නි)
පොලිසියෙ අය විතරද අල්ලස් ගන්නේ.. අල්ලස් නොගන්න ආයතනයක් නැති තරම්. එහෙම තියනවානම් මේ ලොවේ ඇති උතුම්ම ආයතනය වේවි.. (නු)
පොලිසියෙ ඉන්න 10%ක් විතර වන හොද මිනිස්සුන්ටත් නින්දාවක්. (නි)
පුදුමයි. මොකද අල්ලස් කොමිසමෙත් ඉන්නෙ පොලිස්කාරයොමනේ. (නි)
මට නං මේ සිද්ධිය ටිකක් සැක සහිතයි. බාග වෙලාවට හොරා අල්ලන්න හදපු නිසා සැරයන්ව ගැටයක් දාලා අහු කෙරුවද දන්නේ නැහැනෙ. ලංකාවෙ ගෑනුන්ගෙ හැටි අපි ද නොදන්නෙ. (නි)
අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලිංගික අල්ලසක් දෙනකොට තෘප්තියක් ලැබෙන්නේ නැද්ද? (නි)
අනේ අපි නොදන්න ලංකාවේ පොලිසිය... (නි)
ඔක්කොම කාන්තාවෝ නම් කියලා තියෙන්නේ පොලිසියේ හොදමයි (නි)
පොලීසියේ හොද අය වැඩියි, හොද වැඩ ගැන ප්‍රවෘත්ති දානවා අඩුයිනේ, පොලීසියේ ඉන්න හොද අය එකතු වෙලා ගඳ අය හොඳ මාර්ගයට ගන්න වැඩපිළිවෙලක් හදාගත්තා නම් අගෙයි!(ස)
පොලීසියේ බහුතරය ඔහොම තමයි ....(ස)
ලංකාවේ අපේ පොලීසිය .......(ස)
මුලු පොලිස් දෙපාර්තමේන්තුවම අවමානයට පත් වෙන්න මේ වගේ එක්කෙනෙක් හිටියාම ඇති (ස)
ගෑනු ගැටේට පොලිස් ගැටේ හිර වෙලා (ස)
ආ... ඕක මොකද්ද... ඇයි අර ප්‍රසිද්ධ අය ඉන්නෙ යස අගේට (ස)
හෝටලයට කෑදෙව්වට අවැඩක් කරල නෑනේ කවුද දන්නෙ කෑමට කතාකලාද කියල. (ස)
මාටින්ගෙ කතාවට මගෙ නම් එකඟතාවක් නෑ. දැන් ඉන්න ගොඩක් නිලධාරීන් ළඟ හොඳ මනුස්ස ගති ගුණ තියනවා. ඒ අතරෙ තමයි ඔහොමත් එකෙක් දෙන්නෙක් හම්බවෙන්නෙ. ඔය වගේ කට්ටිය සුද්ද කෙරිලා අනාගතේ සුපිරිසිදුම අය විතරක් ඉතිරි වේවා....!(ස)
පොඩි එකෙක් කලොත් අහු වෙනවා, ලොකු එවුන් දිගට හරහට කරනවා ආශ්චර්ය කියන්නේ ඕකට තමයි නේද ??(ස)
මේ මනුස්යෝද ?? මේ වගේ පහත් හිරිකිත වැඩ කරන අයට මෙලාවත් නැත පරෙලාවත් නැත (ස)
බලන්න එපැයි මෙයාලගේ සැර (ස)
මේ වගේ අය මුලු මහත් පොලිසියෙම ගෞරවයට විශාල කැලැලක්...... එලවලා දන්න තියෙන්නෙ රටෙන්ම! (ස)
අනේ අපේ පොලිසිය..(නු)
පොලිසිය කියන්නෙ රටෙ තිබෙන තුච්චම ආයතනයක් වෙලා (ස)
මේ හදිස්සියට රාජකාරිය නිලතල මතක් වෙන්නේ නැහැනේ.. කොහොම හරි තමන්ගේ වැඩේ වෙන්නනෙ ඕන..!(නු)
පොලිසියෙ බහුතරයක් මේ වගේ තමයි..!(නු)
මාටින්, ඔයා එහෙම හිතන්න පොලිසියෙ බහුතරයක් කොහොම දැන අඳුන ගත්තද කියන්න නම් මම දන්නෙ නෑ... හැබැයි මට අද වෙනකම් හම්බ වෙලා තියෙන 'සුලුතරය' නම් ඔහොම නරක අය නෙවෙයි කියන එක කියන්න පුලුවන්. (ස)
අපේ පොලිස් මහත්වරු පිටරටක සංචාරයක් දෙන්න තියෙන්නේ ඒ රටවල පොලීසි කොච්චර ශිෂ්ඨද කියලා බලන්න (ස)
පොලිසියේ 90%ක් ඔහොම තමයි. හොඳ අයටත් තැනක් නැහැ.(ස)
පොලීසිය සම්පූර්ණයෙන්ම පොලිෂ් කරොත් හොඳයි (ස)
ධර්මද්වීපයේ මේවා සාමාන්‍ය දේවල් (ස)