‘මුරුංගා හොද්දයි බතුයි කාලා බොක්සිං ගහන්න පුරුදු වුණා. මීට කලින් කොළඹ ගිහින් නෑ. කොළඹ යන්න බයකුත් දැණුනා. ඒත් අපි දිණුවා. ‘
ජාතික පාසල් බොක්සිං තරඟාවලියේ රන් පදක්කමක් දිනූ ඇලහැර කනිටු විදුහල් අටවැනි වසරේ ආර් එම් මලික් මධුසංඛ බණ්ඩාර චන්ද්‍රසේන (13) කියයි.
එම විදුහලේ දහ වැනි වසරේ එල් අකිල ඉන්ද්‍රජිත් පෙරේරා ද පාසලට තවත් රන් පදක්කමක් දිනා දුන්නේය.
පදක්කම් දෙකම දිනා ඔවුහු බසයෙන් ගෙදර ආහ.
බුද්ධික කලුබෝවිල මහතා ඔවුන්ගේ පුහුණුකරුයි.
ආර්.එම්. මලිත් මධුෂංක බණ්ඩාර චන්ද්‍රරත්න, මිනිපුරගම, අතරගල්ලෑව, ඇලහැර.
එල්. අකිල ඉන්ද්‍රජිත් පෙරේරා, වෙලංකටුවගම, ඇලහැර
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරුංගා ශරීරය උණුසුම් කරනවා..(ස)
කවුරු කවුරුත් මුරුංගා ගැන නොව මේ ළමයින්ගේ ජයග්‍රහණ ගැන කතා කළොත් හොදයි. (නි)
රටට ආදර්ශයක් ඔබ
කැකිරාවේ, දොඹෑව ඉස්කොලේ, රන්බන්ඩාගේ මුදලිහාමි පරපුරේ අලුත් සාමාජිකයෝ (ස)
ගමේ උපන් අහිංසක ජාතියේ පුතුන්ට බුදු සරණයි! (නි)
සෝසේජස් කාලා සෙල්ලම් කළාට වැඩිය කොච්චර අගේද? (නි)
දැන් ඉතින් මුරුංගාවල මිල ඉහල යයි..(ස)
මම හසිත් සමඟ එකඟයි , (ස)
ඇත්තටම දුකයි . ක්‍රිකට් ගැහුවානම් පුතාලට හොඳට සලකාවි ? මේකද ආශ්චර්‍යය (ස)
ඔබ දෙපලට ඔලිම්පික් රන් පදක්කම් දිනාගන්න වාසනාව ලැබේවා !!!!!!!(ස)
එසැණට ස්තුතියි මේ අය හදුන්වාදුන්නට...!(නු)
පෝෂණීය ආහාර වේලක්
මම කැමතිම කෑමක් තමය මුරුංග
ඒ ජාති දෙක විතරක්
ඇත්තටම පුලුවන්ද
මමත් ට්‍රයි කරන්න ඕනේ
තව තවත් ජයග්‍රහණ කරා යන්නට ශක්තිය ලැබේවා (ස)
ඔය චීස් බටර් වලට වඩා මුරුංගයි බතුයි හොඳයි පුතේ....ඔබලාට ජය..(ස)
පුදුමයි ඒත් ඇත්තයි
ආ ... හා.... මුරුංගා මාර ගුණ කෑමක් කියලා දැන් වෛද්‍ය සභාව නිර්දේශ කරාවි නේද? (නි)
මෙතන මාතෘකාව මුරුංගද ,ඇළහැරද? (නි)
ලස්සන කියුම් ටිකක්. අනේ ඇත්තට, මේ ළමයි දෙන්නට පෝෂණ සලාකයක් දෙන්න බැරිද? කතා එපා. දෙමුද ඔක්කොම එකතු වෙලා සපෝට් එකක්? කරලම පෙන්නමු. විස්තර හොයලා උදවු කන්න අපිට පුලුවන්. එදාට අපි ඔක්කොටම සන්තෝෂ හිතෙයි. (නි)
නෝනලා කැමැත්තෙන්ම විවාහක අයට උයලා දෙන්න ඇති (නි)
තව ඉදිරියට යන්න ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා (ස)
මුරුංග කාපු බව කියලා තියෙන්නේ ඒ ළමයින්ගේ දුප්පත් බව කියන්න මිසක් මුරුංග වල ශක්තිය පෙන්වන්න නෙමෙයි ....මුරුංගවල මිල ඉහල යයි.. බලාගෙන (ස)
මුරුංගා කෑවට කමක් නෑ...ඒත් මේ ළමයි දෙන්නවා මුරුංග අත්තේ තියන්න එපා දක්ෂ ළමයි දෙන්නෙක්, පුළුවන්නම් ඉගෙන ගන්න ආධාර කරමු (ස)
ඉදිරියට යන්න, රටටම ආඩම්බරයක් , ඒත් ආපු මගේ කාපු කටු අමතක කරන්න එපා....(ස)
ලක්ෂ්මන් ,ඔබ හරි .....මේ අහිංසක ළමයට කිසි ගෞරවයක් නෑ...පව් (ස)
පෝෂණයෙන් ඉහලද
සුභපැතුම්
මුරුංගා ගොඩක් කෑවහම මදන මෝදකේ කෑවා වගේ තමයි. (නි)
මුරුංගා කිරට උයපුවහම හොද්ද පුදුම රසයක් තියෙන්නේ. තව පොඩි ඉස්සෝ මුරුංගා දළු එක්ක තෙල් දාපුවම තියෙන රස මතක් වෙද්දී දැනුත් කටට කෙළ උනනවා . ඉස්සර අපේ වත්තේ වැට දිගටම මුරුංග ගස් තිබුනේ පෝලිමට. ගමේම මිනිස්සු ඇවිත් කඩන් යනවා. නමුත් දැන් නම් වැට මායිම් වල මුරුංග ගස් නැහැ. ගමේ මිනිස්සු අපේ වත්තෙන් නිකන් කඩන් ගිය මුරුංගා දැන් අපිටත් සල්ලි වලට ගන්න වෙලා . පිට රටක ඉදිද්දි තමයි ලංකාවේදී අම්මා කන්න දුන්න ලංකාවේ කෑම මතක් වෙන්නේ. මේ පොඩි පැටවුත් ලොකු වෙලා අපි වගේම ප්‍රතිචාර දාන්න නොලැබේවා කියල පතනවා. කොළඹ ගියේ පළමු වතාවට කියන කොලු පැටවුන්ට ගම අමතක වෙන එකක් නැහැ කියලා හිතනවා . (නි)
සිසිරගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
පෝෂ්‍ය දායි ආහාර
මේක කොළඹ පැත්තේ පාසලක වුණා නම් ඔවුන් අද යන්නේ බෙන්ස් කාර් වලින්. (නි)
පුහුණුකරුවන්ට අපේ උපහාරය! මේ පොඩි අය දේශපාලුවන්ගෙන් රැකගන්න. (නි)
වස විස නැති කෑම කා හැදෙන මේ පොඩ්‍ඩන් දේශපාලුවන්ගෙන් රැකගන්න. (නි)
බොක්සිං වගේද රාත්‍රී කාර් තරග.. (නු)
නියමයි. අමාරුවෙන් තමයි නැගිටින්න ඕන. නැතුව රෝස මල් උඩින් ගිහින් ලෝකය දිනන්න බැහැ පුතේ. කොපමණ ගල් බොරළු තිබුනත් අතර මග යා යුතු තැනට යනවාමයි ගලන ගඟ (නු)
මේ දෙන්නා හොද බොක්ෂිං ක්‍රීඩකයෝ වෙයි..! (නු)
පුතාලට ජයෙන් ජය අත් වේවා.. ! (නු)
පුතාලට ජයෙන් ජය අත් වේවා.. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මුරුංගා හොදි දුන්නොත් හයේ පාර වැඩියෙන් ගහයි (නු)
මුදලිහාමි දිව්ව මීටර් 100 මතක් උනා.එදිරියටම යන්න පුතාල ඔබට සහ ගුරුතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා ! (නු)
ගමේ කොල්ලන්ට ජය වේවා.. (නු)
මස් මාංශ කන්නම ඕන නැහැ. සුදු මහත්තයෙක් කියලා තියෙන්නේ ලංකාව ශාක භක්ෂකයන්ගේ දිව්‍ය ලෝකය කියලා.. චින්තන විදාන පතිරණ එයත් ශාක භක්ෂක කෙනෙක් නේ.. මේ ළමයින්ට මම සුභ පතනවා..! (නු)
තුණුරුවන් පිහිටෙන් ජය පිට ජයම ලැබේවා..! (නු)
කන බොන දේවල් ගැන හොයන්නේ මට හිතෙන හැටියට ලංකාවෙ වෙන්න ඇති.. මුරුංගා පහත් කෑමක් නෙමෙයි..? (නු)
හොද දක්ෂ දරුවො ඉන්නවා ගම්වල.. අකාලයේ පරවෙලා යන්න දෙන්න එපා.. මේ අයට උදව් කරන්න.. ඇමතිතුමනි.. ඔබට බාරයි..! (නු)
අඩිෂ්ටන්ය, කැපවීම තිබේ නම් ඔය කියන ඊනියා සුක්පොඅබෝගියි කියන ආහාර වෙළඳ මාෆියාවට දන හෝ නොදැන කරන පුහු මහන්තවය ගැන හීතනවා තීයා කතා කරනවත් එපා . අපේ රටේ ගහේ කොලේ තියන ශක්තිය අප්‍රමාණයි ඔබලාට තුනුරුවන්ගේ ශක්තිය ලැබේවා ... (නු)
හසිත කොයි කාලෙද දන්නෙ නැහැ නේද? අපේ කාලෙ නම් එහෙම පාඩමක් තිබුණෙ නැහැ..! (නු)
ඔබ දෙපලට සුබ පැතුම් .මේ වගේ අහිංසක දරුවන්ට කවුරු හෝ උදව් කරනවානම්....(ස)
මේ දක්ෂ දරුවෝ .මේ අයට උපකාර කරන්න පුළුවන් අය උපකාර කල යුතුයි. දෙදෙනාටම දින දින ජය පතනවා. ඔයාලා දෙන්නට ක්‍රීඩාවෙන් ඉහලටම යන්න මගේ සුබ පැතුම් (ස)
ඔබ දෙදෙනාට තව තවත් ජයග්‍රහණ ලැබෙන්න ඕනි..(ස)
මස් මාංස වලින් ඉවත්වී ඔබ ලැබූ ඡයග්‍රහණය අති විශීෂ්ටයි...!! රටේ අනෙකූත් ක්‍රීඩකයින්ටත් ආදර්ශයක් එක්කල ඔබ දෙපලට ඉදිරියටම යන්න සුබ පතනවා......!! (ස)
අපේ කාලේ සිංහල පොතේ තිබුණ මිටර් 100 කියන පාඩම මතක් වුණා (ස)
මුරැංගා ඉතාම හොද ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ඇති ගුණ දෙන ආහාරයක්.. හෙල ඔසුවක්.. පුතේ තවත් කන්න. විෂ නාෂකයක්..! (නු)
මම හිතන්නේ නැහැ
ඔවු හසිත්, මුදලිහාමිගේ කතාව වගේමයි. (නි)
උණුසුම් සුබ පැතුම් ..!!!! (ස)
පිටිසර ගමකි දුප්පත් කම උතුරන්නේ පොඩි පැටවුනුත් එඩිතර කම පෙන්වන්නේ බොක්සිං වලින් අද ඉදිරියටම එන්නේ මේ දරු පැටව් සැම දෙවියන් රැක ගන්නේ. (නු)
මෙන්න සෑබෑ දක්ශයො. මෙන්න මෙයාලවයි උඩට ගන්න ඕනා. මේ මුකුත් බෑරි කොලඹ ඉන්න සල්ලි කාරයන්ව නෙමෙයි. එහෙම අයව ගත්ත නිසයි අපේ රටට කිසිම පදක්කමක් සුසන්තිකාගෙන් පස්සේ ගේන්න බෑරි උනේ..ඔබ දෙපලට සදා ජය. අපේ රට නියෝජනය කරන්න යන කණ්ඩායම්වල ඉන්න අය වගේ නොවී වෑඩ පෙන්නන්න......ඔබට ජය!! (නු)
මුරුංගා කියන්නේ ඉතාම පෝෂ්‍ය දායක ආහාරයක්.. මිනිසුන් ගොඩක් මුරැංගා ගැන දන්නෙ නැහැ.. නමුත් යාපනයේ මිනිසුන් දන්නවා..! (නු)
අපේ ආච්චිලා සීයලා කෑවෙත් ඕවා තමයි
මුරුංගා ඉතා හොද ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ඇති ගුණ දෙන ආහාරයක්..! (නු)
ඉදිරියේ තව තවත් ජයග්‍රහන ලබන්න ඔබලාට හැකි වේවා!! ලද ජයග්‍රහනයට ප්‍රණාමය. (ස)
මුරැංගා කියන්නේ ඉතාම හොද කෑමක්නේ..! (නු)
ලක් දරුවනේ ඔබට ජය.. ඔය මළකුණු කනවාට වඩා මේ ආහාර ඉතාම ගුණවත්..! (නු)
මුරුංගා හොදියි කට්ට සම්බලුකුයි කන්න තියෙනව නම් කියලා වැඩක් නෑනේ....... සුභ පැතුම් තුන් දෙනාටම.... (නු)
ලොකු ලොකු පුටුවල ඉන්නෙත් මේ වගේ ගම් වලින් ආපු අය තමයි..! (නු)
ඔබ දෙපලට ඉදිරියට යන්න සුභ පතනවා..අනාගතේ රටට කීර්තියක් ලබාදීමට හැකිවේවායි අවංකව ප්‍රාර්ථනා කරනවා..! (නු)
මාලක සිල්වා වගේ අය තමයි නියම වීරයෝ
සුභ අනාගතයක්...! තෙරුවන් සරණයි..! (නු)
උත්සාහ වන්තයා ජයගනී.. දිගු ගමනකට සුභ පැතුම්..! (නු)