දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්ගේ හදිසි මාරුවීම් ගැන තොරතුරු ලබා ගැනීම අපහසු වී ඇතැයි ද, ඊට හේතුව ඔවුන් තොරතුරු දීමට මැලි වීම යැයි ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප කමිටුවක් කියයි.
විනිසුරුවරුන් විශාල වශයෙන් මාරු කිරීම ගැන පොදු රාජ්‍ය මන්ඩලයීය ලේකම් කාර්යාලයය නීති සංගමයෙන් කරුණු විමසා ඇත.
උප කමිටුව පත් කර ඇත්තේ ඒ සඳහා තොරතුරු එකතු කර ගැනීම සඳහාය.
අධිකරණ සේවා කොමිසමෙන් විනිසුරුවරුන් 60 දෙනකු පමණ මාරු කර ඇතැයි වාර්තා වේ.
එක් මහේස්ත්‍රාත්වරයකු මාස තුනක් ඇතුළත දෙවරක් මාරු කර ඇතැයි ද සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේවල් කොහොම වුණත් අපිට කමක් නැහැ. (නි)
ඔව් ඉතින්, තොරතුරු දුන්නොත් දැන් මාරු කරන හැටියට තව කොහේ යන්න වෙයිද දන්නේ නැහැනේ. එයාලා බය ඇති. (නි)
බය නැද්ද වුණ දේවල් වල හැටියට ? (නි)
89 මිනීමැරුම් වෙනකොට හා කොටි බුරුතු පිටින් සිංහල අපිව මරනකොට ඔය කියන අය කොහෙද හිටියේ? මට පොඩ්ඩක් කියනවද? (නි)
උසාවි වලට ගල් ගහලා මහේස්ත්‍රාත්වරුන්ට තර්ජනය කරලා ඔය ඉන්නේ යහතින්... එහෙව් රටක තව මොන කතාද? (නි)
කෝලිත, ඔයා ගැන මුළු රටටම ලැජ්ජයි. යන්නේ කොහෙද මල්ලේ පොල් අදහස් දමන්න ඉස්සරවෙලා හොඳට ඇස් ඇරලා බලලා මොලේ පාදගෙන වර්තමානයේ වෙන දේවල් ගැන ඉගෙන ගන්න. ඒවායින් රටට වෙලා තියෙන විනාශය ගැන මොලෙන් පහදා ගන්න. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා ඔය විදිහට (නි)