විනීතා එම් ගමගේ
ආර් සම්පන්දන් මහතාගේ ඉල්ලීම මත නිදහස් කරන්නට යන ඉඩම් අතර ඇති මයිලඩි ප්‍රදේශය ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
මයිලඩි ඉඩම් නිදහස් කිරීම පලාලි ගුවන් පථයට මෙන්ම කන්කසන්තුරේ වරායට ද අහිතකර ලෙස බලපාන්නේ යැයි ද හෙතෙම පැවසීය.
යුද සමයේ මයිලඩි විකල්ප වරායක් ලෙස භාවිතා වූ බව කී ඔහු යම් හෙයකින් එම ඉඩම්වල සිවිල් ජනතාව පදිංචි කළ අවස්ථාවක යළි යුදමය වාතාවරණයක් ඇති වුවහොත් කිසිදු ගුවන් යානාවක් පලාලි ගුවන් තොටුපළට බැස්සවිය නොහැකිවනු ඇතැයි ද වීරසේකර මහතා කීය.
සිවිල් ජනතාව විසින් කිසිදු හානියක් නොකරන බව සැබෑ නමුත් ඔවුන් බිය ගන්වා ත්රස්තවාදීන්ට එහි යා හැකි වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
‘මම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කියනවා මේ ගැන ආණ්ඩුවට කියල දෙන්න කියලා. මේවා කළ යුත්තේ ආරක්ෂක මණ්ඩලය මිස පාර්ලිමේන්තුව හෝ සම්බන්ධන් හෝ වෙනත් කණ්ඩායමක් නොවෙයි. දෙන්න පුළුවන් නම් කිසිම ඉඩමක් නොදී ඉන්නේ නැහැ.’ යැයි ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසුවේ එළිය සංවිධානය පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආරක්ෂාවට දැන් නම් තර්ජන එල්ල වන්නේ උතුරෙන් නොවෙයි, දකුණේ ඉන්න කඩා කප්පල්කාරීන්ගෙන්. අන්තවාදී සමහරු නිකං බොරුවට රටේ ජනතාව කුලප්පු කරන්න හදනවා. ඔවුන්ට ඕන කරලා තියෙන්න මොකක් හරි දෙයක් කරලා ආණ්ඩුව පෙරලා ගන්න.
ඔබතුමාලා ඒ පළාතේ රාජකාරි කරපු නිසා ඕවා ගැන අපට වැඩිය දන්නවා ඇති. හැබැයි ඉතින් දැන් නම් ඔය ප්‍රශ්න කරන්නේ, රැස්වීම් තියන්නේ,කතා පවත්වන්නේ, ජිනීවා යන්නේ නම් ආණ්ඩුව අපහසුතාවයක පත් කර ඔබතුමාලාට කැමති කෙනෙකුට බලය ලබාදෙන්න මිස වෙන රාජකාරියකට නම් නෙවේ කියල කවුරුත් දන්නවා.
කොහොමද මැතිතුමනි කියලා දෙන්නේ රටේ ආරක්ෂාව කියන එකේ තේරුමවත් දන්නේ නැති අය රටක් පාලනය කරනකොට. කිලිනොච්චිය මැදවච්චිය කියලා හිතපු අය මයිලඩි කියන්නේ චීනඩි කියල හිතයි.
ඔබතුමා විපත්මග, එලිය වැනි සංවිධාන හරහා පමණක් අදහස් දක්වන්නේ ඇයි? නියම දේශ හිතයිශී පුද්ගලයෙක් නම් ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න නැත්නම් ඔබේ උත්සාහයත් අනුන් වෙනුවෙන් කහින වැඩක් වගේ වෙනවා. ඔබ නියම රටට ආදරේ ඇති මිනිහෙක් නම් ඔබලා බලේට ගෙන්න හදන අය රටට කරපු හානියත් ප්‍රසිද්ධියේ කතා කරන්නකෝ.
මෙයා අවංක නිලධාරියෙක් සහ හොරකම් නොකරපු හැබැයි පළාතටද සත පහක වැඩක් නොකරපු දේශපාලකයෙක් නමුත් මෙයාට රට ගැන ලොකු කැක්කුමක් අවංකවම තිබෙනවා.මෙයා දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙකුත් නෙවෙයි හොඳ මහත්මයෙක්.
අපේ සමහර මහත්වරුන් රටේ ආරක්ෂාව රජයේ ආරක්ෂාව පටලවාගෙන. එතුමා ජිනීවා යන්නේ කාගේවත් පවුල් ආරක්ෂා කරන්න නොවන බව හිතෙන්නේ නැත්තේ කුහක සිංහලයෝන්ට විතරයි. අනිත් ජාතීන් තමන්ගේ ජාතිය වෙනුවෙන් වචනයක් හරි කියන මිනිහ රැකගන්නවා හැම අවස්ථාවේම. ඒකට අපේ සමහර අය හැම එකටම දේශපාලනය ගාවගෙන දඟලනවා. අනිත් හුඟාක් රටවල් මොන දේශපාලන මතයක සිටියත් රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත් රකින්න ඕන අවස්ථාවල එකට කටයුතු කරනවා. ඒකට අපේ එදා ඉඳලම කලේ පාවාදීම් මොලේ පෑදෙනකොට ප්‍රමාද වැඩිවේවි.. ඕවට වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක දරුවන්ට .....
සරත් වීරසේකර යනු මේ රට වෙනුවෙන් විශාල කාර්ය භාර්යයක් කරන මහත්මයෙකි. සැබෑ දේශ ප්‍රේමියෙකි එතුමාට අපේ ආසිරි.
රටට ගමට වැඩකරන්න.
ජාතික ආරක්ෂාවට වැඩිය සංහිදියාව අපිට වටිනවා ...
පළපුරුදු යුද නායකයෙක් කියන දේ සොයාබලන්න ඕනේ. නිකම්ම කියනවා වෙන්න බැහැ. පුද්ගලයා අවංක නම් විශේෂයෙන් රට ගැන හැඟීමක් ඇතිනම් සොයා බැලිය යුතුයි. රටේ දැන් තියෙන සාමකාමී බව දිගටම තියෙයි කියලා කාටවත් කියන්න බැහැ. කොහොමත් විදේශීය බලපෑම් තියෙන ලංකාව වගේ රටවල් පරිස්සම් වෙන්න ඕනේ. ඔය සටන් ජාතින් අතරේ, කල්ලි අතරේ වගේ පෙනුනට හරිම සංකීර්ණයි.