ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ඇමරිකාවේ පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලවලදී රන් පදක්කම් වැඩිම ගණනක් දිනාගත් ක‍්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීය.
ෆෙල්ප්ස් ඇතුළු ඇමරිකානු පිහිනුම් ක‍්‍රීඩකයෝ ඊයේ (31) පැවැති මීටර 200X4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුහ.
පෙල්ප්ස් ඔලිම්පික් තරග බිමේදී දිනාගත් 19 වැනි රන් පදක්කම මෙයවේ. ඒ අනුව සෝවියට් දේශයේ ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා ලැරීසා ලැටිනිනා රන් පදක්කම් 18 ක් දිනාගනිමින් පිහිටුවා තිබු වාර්තාව 27 හැවිරිදි පෙල්ප්ස් විසින් බිඳ දමන ලදි.
1964 දී ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලැරීසා මෙම වාර්තාව පිහිටු වු අතර එය වසර 48 ක් තරම් පැරැුණි විය.
අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පෙල්ප්ස්, පිහිනුම් ඉසව් අටකදී රන් පදක්කම් අටක් දිනා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක වැඩිම රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩකයා ලෙසද වාර්තාවක් තැබීය. පෙල්ප්ස් දිනාගත් එම රන් පදක්කම් අටේදී ලෝක වාර්තා හයක් සහ ඔලිම්පික් වාර්තාවක් ඇතුළත් වීම කැපී පෙනේ.
මාර්ක් ස්පිට්ස් 1972 වසරේ පැවැති මියුනිච් ඔලිම්පික් උළෙලේ දී දිනා ගත් රන් පදක්කම හතක වාර්තාව පෙල්ප්ස් විසින් 2008 බීජිං නුවරදී බිද දමන ලදී.
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර 200 සමනළ ආර (පිරිමි) ඉසව්වේ සහ මීටර 400 කේවළ මිශ‍්‍ර ඉසව්වේ (පිරිමි) රන් පදක්කම් පෙල්ප්ස් ට අහිමිවිය. සමනළ ආර ඉසව්වේ රිදී පදක්කම හිමි වු පෙල්ප්ස්ට, මීටර 400 කේවළ මිශ‍්‍ර ඉසව්වේ හිමි වුයේ සිවුවැනි ස්ථානයයි.
මීටර 200 සමනළ ආර ඉසව්වේදී හොඳ කාලයක් ලබා ගැනීමට තමන්ට අවස්ථාව තිබු බවත්, තමන්ගේ ක‍්‍රීඩා දිවියට උදව් කළ සැමට ස්තූතිවන්ත වන බවත් පෙල්ප්ස් පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ විශිෂ්ඨයි.
අපිට වැඩක් නැහැ. (ස)
මම ඔහුව අගය කිරීම හෝ නොකිරීම පිළිබදව සනත් ඉන්දිකට ඇති ප්‍රශ්නය මොකක්ද? (නි)
අමිල එහෙම කියන්න එපා . දක්ෂයව අගයකරන්න පුරුදුවෙන්න ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්න දක්ෂයන් වැඩිදෙනෙක් ආසිතියතිකයෝ, ශ්‍රී ලාංකිකයෝ එයාල දක්ෂයන් අගයන නිසා නේද අපේ කට්ටිය ඒ වගේ තැන්වල ඉන්නේ අන්තවාදියෙක් වෙන්න හදන්න එපා !!(නු)
කොහේ මොන රටක කෙනෙක් වුවත් ඔබ විශිෂ්ඨයි. (නි)
නියමයි. (නි)
ගොඩක් සතුටුයි... ඔබට තවත් වාර්තා අතරට යන්න ලැබේවා..!!(නු)
අති දක්ෂයෙක්...... (නි)
රන් පදක්කම් 19 ක් ගත්තේ නෑ , ෆෙලේප්ස් අර ගත්තේ 15 රන් , සිල්වර් 2 සහ ලෝකඩ 2 = එකතුව 19 , එක තමා වාර්තාව (නු)