ඉන්දියාවේ මුම්බායි නගරයේ මාරොල් ප්‍රදේශයේ තට්ටු නිවාසයක හටගත් ගින්නෙන් දරුවන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු මියගොස්  ඇතැයි වාර්තා වේ. 
 
සිද්ධියෙන් තුවාල ලැබූ 17දෙනකු රෝහල් ගත කළ බව බලධාරීහු පවසති.ගිනි නිවන ඒකකය පවසන්නේ දුම ආශ්වාස වීම හේතුවෙන් පුද්ගලයන් මියගොස් ඇති බවයි.
 
ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. මෙය ආසියාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන මුම්බායි නගරයේ සතියක් ඇතුලත සිදුවූ දෙවන ගිනිගැනීම වේ.
 
(බීබීසි ඇසුරිණි - 085)