මාතලේ දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අසාධරණ ලෙස බෙදා ඇත්නම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසත් එසේ ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රත්තොට දි පැවසිය.
එක්තරා කෙනකු මිට පෙර චෝදනා කළා අපි ඉඩම් මංකොල්ල කනවා කියලා අපට නොයෙකුත් දේ අවලාද චෝදනා එල්ල කරනවා.මම හිටපු පොලිස් කාරයෙක්. මට ගහන්න ගහන්න මම වැඩ කරනවා සුවඳ හමන සදුන් ගහක් වගේ. දඹුල්ලේ කවි කොළ ලියපු කියවපු ටි.බි තෙන්නකොන් පියාගේ පුතා මට මගේ නමට වැඩිය පියාගේ නම වටිනවා. ඒ නිසා මම වැරදි වැඩ කරන්නේ නැහැ. අපි මේ දිස්ත්‍රික්කයේ ඉඩම් නැති අහිංසක ජනතාව වෙනුවෙන් අක්කර 200 ක් රජයේ ඉඩම් ලබා දෙන්න වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා. ඒවා නුරුස්සන්න බැරි අය තමයි අපට විවිධ චෝදනා නගන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ පිස්සු අය අදහස් දාන? මේක තමා රටට වෙලා තියෙන විනාසේ. (නි)
කෑලි කපලා විකුණා ගන්න හිතෙනවා මට. (නි)
සඳුන් හදුන්නෙත්තිද?(නදී)
සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි...ඒකයි මේ සදුන් සුවඳ? (නි)
නම වැරදුනේ එහෙම නැහැ නේද? (නි)
මෙයා ගැන මම හොඳට දන්නවා. හීන් නූලේ වැඩ කාරයා. මහා කපටි මනුස්සයෙක්.(නදී)
කදුරු ගස්වලටත් සදුන් ගස් කියලා කියනවද.(නදී)
දඹුල්ලෙ නේද ස්වාමින්වහන්සේ කෙනෙකුට කන්ඩලම හෝටලයෙන් දානෙ එවනවා කිව්වෙ.(නදී)
හදුන්ද? කවි කියපු ට්. බි. නම් තාමත් කවි සුවඳ දෙනවා.(නදී)
කපන්න කපන්න සුවඳ එනවා. සිරිසේනගේ උදැල්ල වගේ.(නදී)
තාත්තගේ නම මෙයා කාල ඉවරයි. මෙයා තමයි දඹුල්ලේ විහාරය ආක්‍රමණය කල පල්ලිය බේරලා දුන්නේ.(නදී)
සඳුන් ගසේ සමන් වැලක් ඇතිනේ. මිල්ටන් පෙරේරා කවියෙන් නැතුව සිංදුවකින් කියා තියෙන්නේ කට කහනවටයැ.(නදී)
මගේ නමටත් ලැජ්ජාවක් මෙයාට හදුන් කිව්වොත්.(නදී)
මොනවා කියනවද ඇමතිතුමා, මිනිමරුවොත් රජගෙදර ආශිර්වාද ලබන්න යන රටක, තාත්ත උනත් හොද මනුස්සයෙක්. එයාව ගැන කතා කිරීම ගැන නම් දඹුල්ලේ අපිටත් හරි දුකයි.(නදී)
සඳුන් ගසක් වගේ සුවඳ හමන වැඩ කරනවානම් හොඳයි, සිදුවිය යුත්තේ අස්වීම නොව තම රාජකාරියට සාධාරණයක් කිරීම නොවේද... හැබැයි අපේ රටේ සාධාරණයට ආයුෂ අඩුනම් තමා.(ස)
මාතලේ පැත්තේ සදුන් ගස් අර දවස් වල හොරු කැපුවා නේද? (නි)
සුදු සදුන් කියන්නේ පරපෝෂිත ශාකයක්. මුල් වලින් තමයි වෙන ගස් වල සාරය උරාගන්නේ. (නි)
''සිදිත මදිත එක ලෙස පැතිරෙයි සුවද '' (නි)
රත් හදුන්ද? සුදු හදුන්ද? (නි)
ලංකාවේ කොකේන් වලට හදුන් කියන්නේ.... (ස)
එයා තමන්ටම බෙදා ගන්නවා. (ස)
තිලේ ක්ෂුදණ්ඩ මුර්ඛානම් - මර්දනම් ගුණ වර්ධනම් (නි)
මේ දවස්වල නම් පොලිස්කාරයෝ ගුටි කනවා තමයි. (නදී)
කියන කොට එහෙමයි...කරන කොට අරෙහෙමයි... (ස)
ඉතා හොද අභියෝගයක්. හැකිනම් බාරගන්න. ආදර්ශවත් නායකයෙක් ! (ස)
සඳුන් දඹුල්ලේ තියෙනවද. (ස)
අර හාමුදුරුකෙනෙක් කියලා තිබුණා. තමුන් ඉන්න ඉඩම හම්බ උන විදිය. (ස)