(ජුඩ් සමන්ත)
ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදි කිරීම සදහා රජයෙන් රුපියල් ලක්ෂ380 ක මුදලක් වෙන් කර ගත්තේ ඉනේ තිබුණු පිස්තෝලය එළියට ගැනීමෙන් පසුව බව වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.
දැදුරුඔය - සෙංගල්ඔය ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ආණමඩුව - පල්ලම ප්‍රදේශයේ දැදුරුඔය දෑලේදී මෙම උත්සවය පැවැත්වුණි.
දැදුරුඔය හරස් කර අමුණක් බැද එකතුවන ජලය සෙංගල්ඔය ඔස්සේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වැව් 08 ක් දක්වා ගෙන යාම මෙම ව්‍යාපාරය වේ.මේ සදහා රජය විසින් වෙන් කර ඇතිමුදල රුපියල් මිලියන 350 කි. මෙම ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමටත්, උස්සාන වාරි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඇතුළු වැඩ කටයුතු රැසක් සිදුවන බව මෙහිදී ප්‍රකාශ විය
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවසීය.
මට ඡන්දේ දීලා තියෙන්නේ නායකයින් නෙමෙයි. ජනතාව.ඒ නිසා ජනතාවට අවශ්‍ය දේවල් කරන්න කිසිදු අවස්ථාවක පසුබට වෙන්නේ නෑ. පුත්තලම දිස්ත්‍රික්කයට සාගර විශ්ව විද්‍යාලයක් ගේන්න සුදානම් වූ විට ඒ වන විට මම නියෝජනය කරපු අමාත්‍යාංශයේ ඇමතිවරයා එයට ඉඩ දුන්නේ නෑ. කාර්මික විද්‍යාලයක් ගෙන්න හදන කොට අවශ්‍ය ලියකියවිලි හැංගුවා. මට ඒ වෙලාවේ සිද්ධ වුනා ඉණේ තිබුණු පිස්තෝලයට එළියට ඇදලා ගන්න.එහෙම නැතිව මේ වැඩ කර ගන්න බෑ.දැන් ඒ කාර්මික විද්‍යාලය හැදෙනවා.
මෙහිදී කතා කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද පැවසීය. වත්මන් රජය කරන දේවල් අද ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හොද වැඩියි.ඒකයි හේතුව.එහෙම නම් අපේ රටට අවශ්‍ය කරන්නේ පිස්තෝලයක් එළියට අරගෙන හරි වැඩක් කරන්න පුළුවන් අය කියන එක කියන්න ඕනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔළුවට පිස්තෝල විතරක් නෙවෙයි පරාල ඇණත් ගහපු ඉතිහාසයක් තිබුණා අපිට මතකයි.
මේ වගේ බොළඳ කතා කියන දේශපාලකයින් තමයි අපට ඉන්නේ...
පිස්තෝලයක් එළියට අදින්න නම් බැරිය. ඒ වුනාට ඒක ලොක්කෙකුට එල්ල කරලා බය කරගන්න වෙනවනේ මුදල් වෙන්කරවා ගන්න. මට මහ කුතුහලයක් ඇතිවුණා. අනේ ඇත්තටම ඔබතුමා ඒක එල්ල කෙරුවද ඇමති කෙනෙකුට හරි වෙන ලොක්කෙකුට? උන්නැහේට කලන්තේ දාලා වැටුනද එහෙම කෙරුවහම? නැත්නම් වැඳ වැටිලා කිව්වද 'අනේ මාව මරන්න එපා සල්ලි වෙන්කරලා දෙන්නම්' කියලා... ටිකක් පැහැදිලි කරන්නකෝ හුදී ජනපහන් සංවේගය සඳහා....
අනේ අපෙත් වැඩකර ගන්න තිබෙනවා.. අපිටත් පිස්තෝල දෙන්නකෝ..
පුත්තලමේ ඡන්ද අයිතිය තියෙන්නේ ජනතාවට විතරමද කියලා සැකයක් ඇතිවෙනවා.
මෙන්න අපේ දේශපාලකයෝ...
පිස්තෝලය ඇදලා ගැනීමම නීතිවිරෝධීයි .. මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි ........
අපටනම් යම්කිසි සැකයක් එනවා මේ උන්දැගෙ කියවීම.??? මේ ඉන්නේ මහජන නියෝගිතයන්ද නැත්නම් වෙනත් ලෝකෙක බොබිලාද??? ඊලග දින තව අයෙක් කියයි පිස්තොලේ අරගෙන මට දියවූ විල්පත්තුව නැත්නම් ඔලු කුඩු කරනවා.....කිව්වා කියලා ............... දැන් නම් වැඩේ බයිසිකලේ වගේ නැගලම යනවා වගේ....
එතකොට මම තර්කයක් ගේනවා. එහෙනම් ඔබ තුමා ඡන්ද දිනන්නෙත් එ්ක දික් කරලා කියලා. මොකද එ් බලවතා ඔබට බය වෙලා සල්ලි පාස් කලානම් අසරණ ජනතාව ඡන්දේ කොහොමත් දෙනවනේ කියන්න කලින් තියන බයට
ඔන්න අපේ රටේ ප්රජාතන්ත්රවාදයේ තරම.
පිස්තෝලයක් පෙන්වා තර්ජනයක් කිරීම අපරාධයක් නෙවෙයිද? රටේ නීතිය අදාළ නැද්ද.?
ඒකනේ කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ මේවගේ අය කියලා.මේ ගොල්ලන්ට පුරුද්ද අතහරින්න බැහැ කලිනුත් මෙහෙම තමයි.මේ පාර පිස්තොලය තිබ්බ විතරනේ කලින් පාර කරපු දේවල් ජනතාව දන්නවා.මේ වගේ අය තමයි අපි ජනතා නියෝජිතයෝ කියලා පත්කරලා යවන්නේ.මරු ජනතා නියෝජිතයෝ, යහපාලනයයේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි හොඳයිලූ. ඒකද දන්නෙනැ පිස්තෝලය පෙන්නලා මුදල් පාස් කරගත්තේ.
මේ වගේ ඔලමොට්ටල දේශපාලුවන්ගෙන් රටට වන සෙත මොකක්ද?