(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
වත්මන් රජය මැතිවරණයක් ආසන්න වන විටම තාජුඩීන්ල ලසන්ත වික්‍රමතුංගල මිනී වලවල් වලවල් වලින් ගොඩ ගෙන මැතිවරණ වාසි ලබා ගන්නට කටයුතු කරන බවත් එලසම තමන්ද මැතිවරණයක් ආසන්න වන විට එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නට යන බව කියා අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මන්ත්‍රී වරයා මෙසේ පැවැසුයේ තමන් එක්සත් ජාතික පක්ෂයට යන බවට අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බැවින් එයට ප්‍රතිචාර දැක්වීම සදහා අද (24) මහනුවරදී පැවැත්වු මාධ්‍ය සාකච්චාවකදීය.
වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවැසිය.
“එළාර අවුරුදු 44 ක් රට පාලනය කලා ඉන් පසු දුටුගැමුණු රජු එළාර පරද්දවල රට එක් සේසත් කලා. එලෙසම එල් ටී ටී ය අවුරුදු 33 ක් ඊලම වෙනුවෙන් සටන් කලා ඒක පැරැද්දුවෙ මහින්ද රාජපක්ෂ ජනපති තුමයි. මහින්ද රාජපක්ෂ දුටුගැමුණු පරම්පරාවෙ කෙනෙක් ලෙස රන් අකුරෙන් ඉතිහාස ගත උනා. දැන් මේ ආන්ඩුවේ හදන්නෙ ඒ රන් අකුරෙන් ඉතිහාස ගතවුනු සිද්දිය ඉතිහාසයෙනුත් මකා දමන්න යැයිද“ කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදි සදහන් කලා.
මෙවන් අසත්‍ය ප්‍රචාර කරන්නෙ අපිට ලැබෙන ඡන්ද වලක්වන්න. නුමුත් තමන් කිසිදු විටක එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් වත්මන් රජය ගෙන යන අසත්‍ය ප්‍රචාර තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදි කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න ඉතින් ගන්න එපෑයැ ...
කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි.
යු.එන්.පි පක්ෂයේ හෝ වෙන කිසිම පක්ෂයක පනින්න බැල්කනි නැහැ. අපි එකතුවෙලා බැල්කනි කියලා පක්ෂයක් හදමුද?
ආවෙත් ලිස්ට් එකෙන්ද කොහෙද...?
අප්පෝ ඇති යාන්තම් !! නොඑන එක ලොකු දෙයක්. මොකද දන්නවාද, ඔබතුමාගේ ආගමනය ගැන ආරංචිය අසා හුඟ දෙනෙකුගේ ඇගේ හිරිගඩු පිපිලා තිබුණා කියනවනේ.
රාජපක්ෂට යන්න වුණෙත් මේ කරුම ලංකර ගත්ත හන්දයි. අායේ මොකටද මේ කරුම යූ.එන්.පී එකට...
ගරු ගාමිණී දිසානායක මහතා නිසා අද ඔතන ඉන්නවා. නැතිනම් අර මරවන්ගොඩ මහත්තයගේ හෝටලේ මැනේජර් තමයි.. තව තියෙනවා කියන්න.
මේක පුදුම කතාවක් අප්පච්චි බැල්කනියෙන් පනින්ට හදනවා. පුත්‍රයා දොර ඇරෙගෙන පනින්ට හදනවා. මේක පුදුමයි. මොකක් හරි දෝසයක් තියනවා ඔය අයට ...
සිරාටයි, රනිල්ටයි විරුද්ධ නම් මම ඕනෑම යක්ෂයෙක් සමග එකතුවෙනවා. පුටිනුත් පයින් ගැහැව්වා. ට්‍රම්ප් මහතාත් පයින් ගැහැව්වා නම් තමයි හොඳ.
මේවගේ අය තියාගන්න අයත්, ගන්න අයත් මේ වගේ කාලකන්නින්ට සහය දක්වන අය අයිති වෙන්නේ කුමන ජන කොටසකටද කියලා තේරුම් කරදෙන්න සිංහල ශබ්ද කෝෂයේ වචන තිබේද? මේවා කාට කියන්නද? මේ අයට හුරේ දමන අය එලොවටත් නැති, මෙලොවටත් නැති බේබදු සල්ලාලයන් සහ අපරාද කාරයන් මිස වෙන කවුද.... වැදගත් පුරවැසියෙක් කැමති වෙනවද ?
ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ ගෝලයන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් නොකරන අතර වාසි පැත්තට පැනීමේ තීරන මත සිටිනතාක් කල් සාමාන්‍ය ජනතාව අසරණ තත්වයට පත්කරයි.
දෙපැත්තට පැන පැන රටට ජාතියට වැඩකරන්න තිබෙන්නේ පුදුම උනන්දුවක්. අන්තිමට බැල්කනියෙන් පනින්න හැබැයි මේ සැරේ දෙන්න සල්ලිනම් නැත.
තජුදීන්, ලසන්ත මිනී වලවල් වලට නිකම් ගියේ නැහැනේ නේද? කාටවත් ඒගොල්ලන්ගෙන් මැතිවරණ වාසි ලබන්නේ කොහොමද? මේ ප්‍රශ්න දෙකට මේ උත්තමයා පිළිතුරු දෙනවානම්?
"මම යූඑන්පීයට යන්නේ නෑ - කෙහෙළිය" ඔබ යූඑන්පීයට ගියත් රනිල් හෝ සම්බන්ධන් පොහොට්ටුවට ආවත් අපට ඇති දෙයක් නැත. අපිට වුවමනා මහින්දගේ සිංහල ප්‍රතිපත්ති යටතේ රජයක් පිහිටුවීමයි. අපේ හාල් අපේ රටේ නිපදවන රජයක් පිහිටුවීමයි. හාල් වැඩිනම් මත්තල බැරිනම් ඉන්න අය යවලා රජගෙදර ගබඩා කළත් අපට කමක් නැත. මේ සිංහල අපගේ රටයි.., අපි ඉපදී මැරෙන රටයි. අනික් අයත් ඉපදුනාට කමක් නැත.. එ්ත් මේක මේ සිංහල අපගේ රටයි අපි ඉපදී මැරෙන රටයි.