මේ සුන්දර ශිල්පිනියගේ නම අංජලී හිමායා බණ්ඩාර වුවද, වැඩි දෙනෙකු ඇයව හඳුනන්නේ ‘‘අංජු හිමායා’’ නමිනි.
මම පොළෙවෙ පය ගහලා බොහෝම සරලව ජීවත්වන කෙනෙක්’’

හැබෑටම මෙහෙම කියන මේ අංජු කවුද?
මගේ ගම අනුරාධපුරය, ඉගෙන ගත්තේ රඹෑව මධ්‍ය මහා විද්‍යාලයෙන්. පවුලේ අප්පච්චි ජීවතුන් අතර නැහැ. අම්මයි, අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි. මම පවුලේ බාලයා. දැන් පදිංචිය කොළඹ.
කලා අංශයට සම්බන්ධ වුණේ?
මුලින්ම මම නික් ජයමහ සර් යටතේ නිරූපණ පාඨමාලාවක් කළා. ඉන්පසුව තමයි රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ. මුලින්ම රඟපාන්න ලබුණේ සිරි කුලරත්න මහතාගේ ‘‘රාස්ස කැලේ’’ චිත‍්‍රපටයේ. පසුව තුෂාරා චිත‍්‍රපටයේ සහන් විජේසිංහගේ නව නිෂ්පාදනයේ සුළු චරිතයක් රඟපෑමට ලැබුණා. පසුව ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට එන්න ලැබුණේ ගිහාන් රෝහණ මහතාගේ ‘‘හිම කවුළු’’ නාට්‍යයෙන්. බොහෝ දෙනෙක් මාව අඳුර ගන්නෙ ඒ නාට්‍යයෙන්. එහි රඟපෑ චරිතයට ගොඩාක් ප‍්‍රතිචාර ලැබුණා.
අද ඔබ ගැන කතා වන්නේ?
ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ලොක්කී, සුලෝචනා නමින් රඟපෑ චරිතයට ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. අද ගොඩාක්ම හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ ගිහාන් රෝහණ මහතාගේ ”මං අවුලඤ්ඤං” නාට්‍ය නිසයි. එය විකාශය වන්නේ ටීඑන්එල් එකේ. එහි ‘‘සූකිරි’’ නමැති චරිතය රඟපාන්නෙ මම. ඊට අමතරව මුතුවැස්ස (ස්වර්ණවාහිනියේ) අංජු නමින්, ඒ කියන්නෙ මගේ නමින්ම චරිතයක් රඟපානවා.
ඇයි ඇත්තටම අංජු රඟපෑමේ අංශය තෝරා ගත්තෙ?
පුංචි කාලයේ ඉඳලාම මගේ කැමැත්ත හිත තිබුණේ ඒ අංශයටයි. ඒ කාලයේදී රඟපෑම කියන්නේ මොකක්ද කියන අවබෝධය තිබුණෙ නැහැ. පසු කලෙක ”විම් දිස්නෙට දිස්නෙ” කියන රූපවාහිනී වැඩසටහනට පෙනීසිටියා. එතකොට මම උසස් පෙළ කරලා ඉවරයි. එම තරගයට එනම් ‘‘විම් දිස්නෙට දිස්නෙ’’ තරගයේ ජයග‍්‍රාහිකාව වුණේ මම.
මට ඒ වෙනුවෙන් ලක්‍ෂ දෙකක මුදලක් ලැබුණා. නමුත් මුදලට වඩා එදා ටී.වී. එකෙන් මගේ රූපය
දුටුවාම මට හරි ආස්වාදයක් ඇතිවුණා. රංගනය කෙරෙහි තවත් හිත ගිය මොහොතක් වුණා.
වෙනත් වෘත්තියක් ගැන හිතුවේම නැද්ද?
එක තැනක හිරවෙලා කරන රස්සාවකට ආසා කළේ නැහැ. ඒත් රඟපෑමට එනවාට අපේ ගෙදරින් එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. විශේෂයෙන්ම ලොකු අයියා ගොඩාක් අකමැති වුණා. පවුලේ බාලයා නිසා මම සමාජගත වෙනවාට එයාලා අකමැති වුණා.
නමුත් මගේම ආසාවට කලා අංශය තෝරා ගත්තා. අද රංගනයට අමතරව ස්වර්ණවාහිනියේ නිවේදිකාවක ලෙසත් කටයුතු කරනවා.
රඟපෑමේදි චරිත කෙරෙහි සීමා මායිම් තියෙනවද?
නැහැ, ඒත් මම කැමතියි නිරන්තරයෙන්ම විවිධාකාර චරිත රඟපාන්න. නමුත් අද ප‍්‍රශ්නය වී තිබෙන්නෙ කැපවීමකින් චරිතයක් රඟපෑමට මහන්සි වුවත් බොහෝ විට ඒ වෙනුවෙන් ලබා දෙන්නෙ ඉතා අඩු මුදලක්. අන්න ඒ නිසා ලැබෙන චරිත බාර ගැනීම අඩුයි. අඩු මුදලකට රඟපාන්න කැමැත්තක් නැහැ. මට මගේ දක්‍ෂතාවය ගැන විශ්වාස නම් එහෙම විය යුතු නැහැ.
ඔබ ඔබ ගැන වැඩි තක්සේරුවෙන් හිතනවා වගෙයි?
කොහෙත්ම නැහැ. මම කිව්වෙ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය ගැනයි. රංගනය කියන්නෙ ඉතා පුළුල්ව හැදෑරිය යුතු අංශයක්. නිවේදන ප‍්‍රතිරූපයට හානියක් නොකර රංගනයේ යෙදෙන්න තමයි මම වඩාත් කැමති.
හොඳ චරිතයක් ලබා ගන්න නම් මොනවගේ දේ කළ යුතුද?
මූලිකම දේ දක්‍ෂතාවය තිබිය යුතුයි. බාහිර රූපය දෙවැනියට බලපාන දෙයක්. කැපකිරීම, උනන්දුව කියන දේ ඉතා වැදගත්. දක්‍ෂතාවයට අනුව ගෙවීම් කරන අයත්, ගෙවීම් ලබන අයත් ඇති. නමුත් රඟපාන්න ඕනෑ කියා රඟපෑමට අවශ්‍ය නැහැ. මගේ දක්‍ෂතාවයට ගරු කරන අයගේ නිර්මාණ වෙනුවෙන් ලොකු කැපකිරීමකින් චරිතවලට දායක වේවි. එහෙම නැති වුණොත්, මගේම ව්‍යාපාරයක් කරගෙන නිවේදන වෘත්තිය විතරක් කරාවි.
හැඩගැන්වීම- Salon Lakshan, Maharagama
පසුතලය Hayleys cafe pixel



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමිලා,ලබාගන්න බැරි දුකට නෙමෙයි. අත්දැකීම් තිබෙන අය තමයි එහෙම කියන්නේ. කොහොම වුණත් අර උඩින්ම තිබෙන පින්තූරේ දැක්කහම ඇඟ කීරිගැහිලා යනවා....! කුහකකම නෙමෙයි. ඒගොල්ලන්ට එහෙම ඉන්න හොඳයි. අපි කිව්වහම නරකයි (නි)
හර්ෂි, මමත් ලොක්කි නාට්‍ය මුල සිට අවසන් වනතෙක්ම බැලුවා. මට නම් ඔයා කියන විදියේ දෙයක් දැනුනේ නැහැ. ඒ මම සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් නිසාද දන්නේ නැහැ. හර්ෂි නම් ටෙලි නිළියක්ම වෙන්න ඕනෑ සහාය නිළියගේ අභිබවායෑම් සහ අධ්‍යක්ෂකවරුන්ගේ වැරදි පේන තරම්. (නි)
කමල්, මටත් ඕකම හිතුනා. ඒ ඉරියවුවනම් ගමෙන් අපු පොළොවේ පය ගහපු කෙනෙක්ගේ නෙමේ. දන්නෝ දනිති. (ර)
අනේ අපිට නම් පෙන්නැ මෙයා පොලොවේ පය ගහලා ඉන්න වගක්.(ම)
සමහර පාඨක අදහස් කියෙව්වාම ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක මිනිස්සු කියා හිතෙනවා. (ම)
පොලවේ පය ගහල ඉන්නවා කිව්වද.? (ර)
සමහරු තමන් ගමෙන් ආවා කියන්නේ හරියට නගරයේ තරුණියන් ගන්නම දෙයක් නැහැ කියලා කියන්න වගේ. අපි දන්නවා ඔහොම කියපු එක නිළියක් විනයවිරෝධී හැසිරීමකට අනුරාධපුර පාසලෙන් නෙරපලා. දැන් එයා කියනවා පාසල් ගියේ නුවරලු. නමුත් නුවර පාසලේ නමක් කොතැනකවත් කියන්නේ නැහැ . බොරුව අහුවෙන නිසා. (නි)
තමන් පෙනී සිටින ඉරියව්ව සාමාන්‍ය පත්තරයකට කියලා මතක නැතිවෙලා සුප්‍රකට වැඩිහිටි සඟරාවක් මතක් කරගත්තා වගේ එක තැනකදී. සමාෙවෙන්න අපිට පෙනෙන්නේ නම් එහෙමයි (නි)
එයා විතරද පොළොවේ පයගහලා ඉන්නේ? එතකොට අනිත් අය? (නි)
කමල් ඔබ හරි මොනවද ඉල්ලනවා (නදී)
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා.(හේ)
අනේ මන්දා දුකයි අනේ ...! (නි)
නිලියක් මාධ්‍යයක ප්‍රසිද්ධ කිරීමට තමන්ගේ පින්තූර ලබා දෙන කොට ඒවා එයාගේ කැමැත්තෙන් නේද දෙන්නේ ? ඊට පසුව ඒවායේ ගුණ දොස් අහන්නත් ලෑස්ති වෙන්න ඕනා. මිට කලින් එක්තරා නිලියක් තමන්ගේ කකුලක් අන්තයටම නිරාවරණය වෙන ලෙස වාඩි වෙලා ඒ පින්තුර පලවුනාම ඡායාරූප ශිල්පියාට ප්‍රසිද්ධියේ දොස් කිව්වේ. කාන්තාවක් ශිෂ්ඨ සමාජයට ගැලපෙන ලෙස වාඩි වෙන හැටි චායාරුප වලට පෙනී සිටින හැටි අනෙක් මිනිස්සුන්ට උගන්වන්න බැහැ. (නදී)
අපොයි චමිලා මෙයාගෙන්ද මේ ලබා ගන්න බැරි දුකක් ගැන කියන්නේ . මෙයා ගෙන් යම්කිසි දේවල් ලබා ගන්න කලින් කොහොමත් හැමෝම දෙපාරක් හිතල බලයි. (නදී)
අයියෝ පව් ඕක තමා පුතේ ලොකු අයියා කිවේ ඕක කරන්න එපා කියල.(නදී)
ආ ඇත්තද (බ)
උඩ පැනිල්ල කෙසේවෙතත් තමන්ගේ හැදියාව තියාගන්න ඕනෑ (නි)
ගමෙන් ආපු සමහර තරුණියන් කොළඹ ලාභ රත්තරන් දැක්කම ඒ දඹ රත්තරන් කියල රැවටෙනවා. නිසි මග පෙන්වීමක් නොලැබුනොත් තමන් සම්බන්ධ වුනේ කලාවට නෙවෙයි මුලාවට කියලා තේරුම් ගන්න කොට බොහොම පරක්කු වැඩියි. (ම)
මම නම් ඇත්තටම මේ නිළිය දැකලා නැහැ වැඩිය. රඟපෑම ගැන දන්නෙත් නැහැ. හැබැයි මෙම ඡායාරූප වල නම් ඇය ලස්සනයි. ඒවායේ ඇති වැරැද්දකුත් නැහැ. මෙතන සමහර අදහස් දැක්කම පෙනෙනවා අපේ සමහරු මොනතරම් ද්වේශයෙන්ද තවෙකෙකු දිහා බලන්නේ කියලා. බොරුවට හොඳයි කියන්න ඕනෑ නැහැ. නමුත් නැති ඇද කුද ලියන්නත් හොඳ නැහැ. ඒවා දැක්කම හිතෙනවා මේ නම් තරහට තමයි ලියලා තියෙන්නේ කියලා. මොකද බහුතර පාඨකයෝ අතදරුවො නොවන නිසා. (නි)
චේතනා, මෙතන කවුරුවත් ඇඳුම ගැන නෙමෙයි කතා කරන්නේ. දෙවැනි පින්තූරයේ මේ නිළිය ඉන්න ඉරියව්ව ගැන. (නි)
බවලතුන්ගේ ඇතැම් ඉරියව් ඉතාම පුද්ගලික අවස්ථාවන්ට පමණක් අදාළ දේවල්. ඒවා ඡායාරූප වලට දක්වන්න ගියාම තමන්ගේ වැරද්දක් නැතිවුණත්, ඡායාරූපය සඳහා පමණක් වුණත්, දකින උදවිය වරදවා තේරුම් ගන්න ඉඩ තිබෙනවා. ඇතැම්විට මේ නිළිය කඩුලු හතෙන්ම පැනපු කාන්තාවක් ඡායාරූප වලට පෙනීසිටින ඉරියව්වක් නොදැනුවත්කමට අනුගමනය කරන්න යන්න ඇති. මේ ඡායාරූපයට පෙනී ඉන්නකොට ඇගේ මව ළඟ සිටියා නම් ඔය දෙවැනි ඡායාරූපයට පෙනී සිටින ඉරියව්ව වළක්වන්න ඉඩ තිබුනා. මේ කිසිම දෙයක් ඡායාරූප ශිලිපියාගේ වරදක් නොවන බවත් ලියනු කැමැත්තෙමි. (නි)
කවුරු මොනවා කිවුවත් දෙවන ඡායාරූපය ලස්සන පින්තූරයක්. ගැහැණු ළමයත් නරකම නැහැ (නි)
කොහොමත් දැන් වැඩි ඉල්ලුමක් තිබෙන්නේ දෙවැනි පින්තූරය වගේ සිත්ගන්නාසුළු පින්තූර වලට තමයි. නිකන් ඔය ආවාට ගියාට පින්තූර වලට පෙනීසිටින බවලතුන්ට ඉඩක් නැහැ. (නි)
ඒ ඉරියවුව නම් හොඳයි, හොඳම උඩ බලාගෙන කට ඇරීම තරඟයට යවන්න. (නි)
ලස්සන කෙල්ලෙක් දැක්කහම ගොඩක් අයට ඉවසුමක් නැහැ (නි)
හෙට අනිද්දාට මෙතන කවුරු හරි දිය රෙද්දකින් සැරසිලා නාන ගමන් ඡායාරුපයට පෙනී හිටියත් මම පුදුම වෙන්නේ නැහැ. ලස්සනයි කියල අහගන්න තියනව නම් ඊට වැඩිය මොකද්ද ? (කේ)
අපිට නම් පේන්නේ අහසේ පාවී පාවී ඉන්නවා වගේ. මේ ඇත්තමයි (නි)
ගමෙන් ආවය කියල චීත්ත ගවුම ,චීත්ත රෙද්දම ඇඳන් රග පෑ යුතුද.?මේ කියන නිළියගේ අසෝබන පින්තුරයක් මෙතන නැහැ. අද කවුද මේකප් නැතිව පින්තුරයකට මුහුණ දෙන්නේ.අද ඉහල පෙලේ කලා කරුවන් රැසක් බිහිවෙලා තියෙන්නෙත් රජරටින් තමයි .මෙතන වැඩි දෙනෙක් කතා කරන්නේ ඊර්ශයාව නිසා. (කේ)
හෙසා, අසභ්‍ය විදිහට පින්තූර වලට ඉන්න අය දැකලා තියෙන නිසා තමයි මෙහෙම අපි කියන්නේ. පින්තූරේ සංවරකමට ටිකක් ඈතයි කියලා තමයි මගෙ නම් අදහස. සංවර නොවුණට ඒකේ ඇති වැරැද්දක්කුත් නැහැ. පින්තූරය කලාත්මකයි. (නි)
වරදක් කියනවා නොවේ.නමුත් නිළියක් ගැන ලියන්න කොච්චර ඉන්නවද? රටේ ආකල්ප වෙනසක් ඇතිකරන්න ලියන්නේ කීදෙනාද? (නි)
කොහොම කිව්වත් අනෙකුත් නවක නිළියන් තියා ප්‍රවීණ නිළියන්වත් ප්‍රසිද්ධ මාධ්‍යයට ලබා නොදුන් විදියේ ඡායාරූපයක් මේක. ඒක ඒ අයගේ ලස්සන හෝ දක්ෂකම මේ නිළියට වැඩිය අඩු නිසා නෙමෙයි. විචාර බුද්ධියෙන් වැඩිවීම. (නි)
ඇත්තටම දෙවන පින්තූරය අසංවරයි කියන හේතුව මමත් අදටත් දන්නේ නැහැ. නමුත් මට මතකයි මම කම්මැලිකමට හිරිඇරිය වෙලාවක මගේ මහත්තයා මට තරවටු කළා ආයේ එහෙම කරන්න එපා , ඒක ගැහැණු ළමයෙකුට හොඳ ඉරියවුවක් නෙමෙයි කියලා. ඕකට තර්ක කරන්න ගිහින් අවුල් කරගන්න එපා. ඉස්සර අපේ වැඩිහිටියොත් මොනවාහරි දෙයක් එපා කරන්න කියලා කිව්වා මිසක් ඒකට හේතු කිව්වේ නැහැනේ. ඒ වගේ මේදේත් පිළිගන්න නොගන්න එක ඔයාලගේ වැඩක්. (නි)
එක එක නිළියන්ගේ මුණේ හැඩය සහ ශරීරය අනුව ඡායාරූප ශිලිපියාගේ දක්ෂතාව අනුව මෙවැනි කලාවට සම්බන්ධ පුවත්පත් මෙවැනි ඡායාරූප පලකරනවා. මෙම ඡායාරූප වල කිසිම වැරද්දක් නැ. මෙය ලංකාදීප පුවත්පතේ කලාවට සම්බන්ධ අතිරේකයේ පලකල ඡායාරූප වගයක්. මෙම ඡායාරූප වලින් අදාළ නිළියගේ ගතිගුණ හෝ චරිතය නිරුපණය නොවන බව තේරුම් ගන්න ඕනේ. (බ)
කොළඹ ඉපදිලා හැදුනු වැදුණු කෙල්ලන්ටත් නැති සංකරකමක් සමහර ඈත පළාත් වලින් නගරයට සේන්දු වුණ තරුණියන්ගේ තිබෙනවා. මේක මගේ පුද්ගලික අදහස. (නි)
චමිල,අපි හොඳදේට හොඳත් නරකදේට නරකත් විචාරණය කරන්නේ.නිළියෙක් වුණාම මුහුණ විතරක් නෙමෙයි අත් කකුල් ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෑ. (නි)
අර උඩින් තිබෙන එක ඡායාරූපයක ඉන්න ඉරියව්ව අනුව නම් ගමෙන් පැමිණි ලජ්ජාශීලි තරුණියකගේ කියලා හිතෙන්නේ නැහැ. ඒ ඉරියව්ව ගැළපෙන්නේ කොතනටද කියලා මම මෙතන නොලියන්නේ අනෙකුත් බවලත් පාඨකයන් ගැන හිතලා (නි)
මොකද අර එක ඡායාරූපයක කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නේ? (නි)
කමල්ගේ අදහස වැඩි දෙනෙකුගේ අදහස වී හමාරයි (නි)
පාන් පිටි තට්ටු දෙක තුනක් ගාල වගේ. වැඩිය අව්වේ ඉන්න එපා වාටි කර වෙයි (බ)
අනේ තරහා වෙන්න එපා.පොළොවක් කෙසේවෙතත් අපිට නම් පෙනෙන්නේ අහසේ පාවි පාවී ඉන්නවා වාගෙයි. (නි)
මේ බවලතුන්ට ඔය දෙවැනි පින්තුරය ගැන එතරම් නොත්රෙන්නේ ඒ උදවියගේ ජීවන රටාව ඔය දෙවැනි පින්තුරයේ ඉරියව්වෙන්ම දවසේ වැඩි කාලයක් ගත කරන කාන්තාවන්ට වැඩිය වෙනස් නිසා. (බ)
අනේ මන්දා පින්තූර වල පෙනී සිටින ඉරියව් අනුව නම් ගමකින් ආ තරුණියක්ද කියලා. (නි)
මට නම් එක ඡායාරූපයක් පේන්නෙම හබුන් කටක් කන්න උඩ බලාගෙන ඉන්නවා වාගෙමයි. (නි)
එහෙමනම් බොහෝම හොඳයි (නි)
කමල්, මටත් ඕකම හිතුනා. (නි)
ඔන්න යහ පාලනයේ හැටි (බ)
පොළොවේ පය ගහලා ඉන්නේ කිව්වට දණ ගහලයි ඉන්නේ (නදී)
ඊර්ෂ්‍යාවට කතා කියන්න නම් ඕනෑතරම් කට්ටිය ඉන්නවා (නි)
අසෝබන නෙවෙයි හේසා, තැනට සුදුසු ඉන්ද්‍රිය සංවරකම සහිත බවලතුන් එම පින්තුරය මොකද්ද කියල දන්නවා. (නදී)
තමන්ගේ ගම සහ පාසල ගැන හෙළි කිරීම අගය කළ යුතුයි. සමහර අය ඒ ගැන කියන්න ලැජ්ජයිනේ. නමුත් කෙනෙකුගේ හිතේ යහපත් ආකල්පයක් ගොඩනැගෙන්න එයාගෙ ඇඳුම පැළඳුම හැසිරීම බලපානව. (ම)
මම පත්තරය බැලුවා මෙයාලගේ ලස්සන මේකප් එකෙන් විතරයි (ම)
හරිම අසබ්‍ය ලෙස පින්තුර වලට ඉන්න අය දැකල නැහැ වගේ කතා කරන්නේ. රඟපාන කොටත් ඒ ඒ චරිතයට ඔබින ලෙසට ඒ ඒ අවස්ථාවට අනුකුලව ඉන්න ඔනේ. මුහුණින් ඉරියව් පෙන්නුම් කරන්න ඕනේ. ඒකයි දක්ෂ කම. අනික මේ ළමය ලස්සනට හිනා වෙලා ඉන්නේ. නාට්‍ය කීපයකම හිටියා. හොඳ සංවර චරිත ලෙස. (නදී)
බවලතුන්ට මේ දෙවෙනි පින්තූරේ ගැන නොතේරෙන එක පුදුමයක් නෙමේ. අපේ සාම්ප්‍රදායික විදිහට ගමේ ගොඩේ තාලෙට හැදුනු අයට මෙවැනි ඉරියවු දන්නේ නැතුව ඇති. පව් අපේ බහුතරයක් පිරිමි. කාන්තාවන් පිරිමි අයගේ අදහස් වලට බනින්නේ නැතුව මෙවැනි දේ ගැන අවබෝධය ඇති කර ගන්න (බ)
විරාජ්, නොදැනුවත් කමින් ඒ ඉරියව්ව ගත්ත වෙන්න බෑ. ඔච්චර ස්වාබාවික විදිහට ? මොනා උනත් ලස්සන පින්තූරේ. ඡායාරූප ශිල්පියාගේ දක්ෂ කම. මට අර සගරාව මතක් වෙනවා. (නදී)
මොන ඊර්ෂ්‍යාවක්ද? ඔය පාසලට මගේ මාමා කෙනෙකුගේ දුවෙක් ගියා. මෙයා ගැන ඊර්ෂ්‍යාවට කාරණා තියනවද කියලා අන්න එයාගෙන් ඇහුවා නම් කියාවි. (නි)
සමහර නළුවන් තමන්ගේ ගේ දරුවනුත් එක්කම සම්ප්‍රදායික ගෘහිනියන් වන බිරියන් අතහැර නිලියන් සමග පවුල් කන්න පටන් ගන්නේ මේ දේවල් ගැන බිරින්දන්ගේ අවබෝධයක් නැති කම නිසා වෙන්න ඇති.නිලියන් කියන්නේ ඉරියව් කලාව පර තෙරට ප්‍රගුණ කල උදවිය . (ම)
අනුන්ගේ ඕපාදූපම හොයන කට්ටියක් ඉන්නවා. වැඩේ කියන්නේ නරක ඕපදුප විතරයි එයාලා ලියන්නේ. (නි)
මට නම් මේ නිළියගේ වරදක් පේන්නේ නැහැ (නි)
ඔය කොච්චර ලස්සනයි කිව්වත් අර කවුද ඇහුවා වගේ නිළියක් ලේලියක් ලෙස තමන්ගේ ගෙට වැද්දගන්න කැමති නැන්දම්මලා අපේ ලංකාවේ කී දෙනෙක් ඉන්නවද? තව කල්පයක් ගියත් නිළිය කියන්නේ නිළියම තමයි. නළුවන් පවා දැන් දැන් උගත් සාමාන්‍ය ජීවිත ගතකරන තරුණියන් සමඟයි විවාහ වෙන්නේ. හේතුව දන්නෝ දනිති (නි)
මේකප් දාලා කොට ගවුමක් ඇන්දා නම් සමහරුන්ට මොන බවලතාත් ලස්සනයි. (නි)
නිළියකගේ හැසිරීමෙන් පෙන්නන්නේ ඇගේ අම්මාගේ ආකල්පයි. ඒ මොකද තරුණියකගේ මුල්ම සමාජ ගුරුවරයා ඇගේ අම්මායි. (නි)
සුජිත්, ඔයාගෙ ඊර්ෂ්‍යාව වහන්න බැහැ. අදහස් වලින්ම පේනවා. (නි)
නිශාන් ,සමාවෙන්න. මගේ අදහසක් කිවුවේ. මේ ළමයා පත්‍රයට දාන්න හෝ සිනමා දසුනකට එක එක රූප රාමු වලට වෙන්න ඇති මෙලෙස පෙනී ඉන්නේ.මෙතන මුලින්ම පටු ඇසින් බැලුවා නම් දිගටම හැමෝටම පෙනෙන්නේ එලෙසෙයි . (නි)
පුළුවන් නම් මේකප් නැතිව පත්තරේට පෙනී සිටින්න කියල මම අභියෝග කරනවා. (නදී)
අළුත් කලාවක් හොයාගත්තා අපි දියුණුවෙන්න ඕනෑ නම්......නිකන් ඉන්නෙපා කෝම කෝමහරි ලියපල්ලා බං වැරදිම......(නි)
අපේ රටේ මිනිස්සු ඔය ඊර්ෂ්‍යාව ගැන දරන ආකල්පය හරි පුදුමයි. මහත්තුරු දෙතුන් දෙනෙක් ඉන්න නෝනා කෙනෙක් දැක්කත් කියාවි ඒ නෝනාට මහත්තුරු දෙතුන් දෙනෙක් ඉන්න එකට මුළු රටේම මිනිස්සු ඊර්ෂ්‍යාවයි කියලා. මම කිව්වේ උදාහරණයක්. (නි)
ඊර්ෂායව කෙසේවෙතත් දෙකොනින් හිනායනවා. ඊර්ෂ්‍යා කරන්න තරම් වටිනා වැදගත් බවලතුන් තව මේ රටේ නැත්නම් ! (නි)
සුජිත්, ඔයාගෙ ඊර්ෂ්‍යාව දෙපැත්තෙන් වැක්කෙරෙනවා. (නි)
මෙයා උඩ පනිනවා වැඩියි මට නම් හැම ඡායාරූපයේම වගේ (නි)
මෙතැන් ලියන ඔක්කොම ඊර්ෂ්‍යාවේ ලියනවා කියන්න බැහැ. මීටකලින් මෙතන තිසුරි තරුණ නිළියට හැමෝම හොඳ කියමින් ආසිරි පැතුවා. මමත් ඒ සුභ පැතුම් කියෙව්වා. ඒ නිසා ඔය හැම පාඨක අදහසක්ම කුහකකමට ඊර්ෂ්‍යාවට ආදේශ කරන්න බැහැ. (නි)
මේකප් තට්ටු හතක් ගාලා නේද ? (නදී)
තමන්ට තරඟයක් ඇති අයගේ සහ තමන් පුද්ගලිකව අකැමැති අයගේ වැරදි සමහරුන් ලියනවා කියලයි මට හිතෙන්නේ. ඇයි අපේ රටේ මිනිසුන්ට තවකෙක්ව අගය කරන්න බැරි. හොඳ දෙයක් ඇත්නම් එය අගයන්න. වැරදි දෙයක් ඇත්නම් එය පුද්ගලිකව කියලා දෙන්න. (නි)
ටෙලිනාට්‍ය කීයකද රඟපාලා තියෙන්නේ? ඒවාත් ස්වාභාවික රඟපෑම් නෙමෙයි. හරිම කෘතීම විදියට වචන උච්චාරණය කරන්නේ. දැන් ඉතින් මමත් ඊර්ෂ්‍යාවේ කියන්න. මේ මගේ ස්වාධීන අදහස. (නි)
මම මේ කියන්නේ මෙයාගේ රඟපෑම් ගැන. ස්වභාවික නැහැ. සමහර තැන් වල ප්‍රධාන නිළිය අභිභවා යන්න තැත්කරන බවක් පෙනෙනවා. මේ මට පෙනෙන හැටි. එක එක්කෙනාගේ ඊර්ෂ්‍යා කතා වලින් මට වැඩක් නැහැ. (නි)
අර දෙවෙනි ෆොටෝ එක. කොහොමද හරියටම ඒ වෙලාවේම එක ගත්තේ (ම)
රසික “ටෙලිනාට්‍ය කීයකද රඟපාලා තියෙන්නේ“ කියලා ඔයා ලියන්නේ ඊර්ෂයාවට. ඒක පැහැදිලියි. “ඒවාත් ස්වාභාවික රඟපෑම් නෙමෙයි හරිම කෘතීම විදියට වචන උච්චාරණය කරන්නේ“ කියන එක ඔයා මේ නිළියට පුද්ගලිකව කිව්වා නම් එය ඊර්ෂයාව නෙමෙයි. නමුත් මෙතන ලිව්වෙ නම් පැහැදිලි ඊර්ෂ්‍යාවටමයි. ඔයාගේ හදවතට තට්ටුකර බලන්න. (නි)
රුචිර නම් නළුවෙක් හෝ නිළියක් බවයි දාපු අදහස් වලින් පෙනෙන්නේ. සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් නම් වෙන්න බැහැ. (නි)
මමත් කියන්නේ කලාකාරියක් වුණාම හැමෝටම ප්‍රතිභාව නැහැ. දක්ෂකම නැහැ. තිබුනත් ඒකට අවස්ථාව නැහැ. ලැබුනත් ඒකට ඇගයීමක් නැහැ. හැබැයි තමන්ගේ අඩුපාඩුකම් පිළිගන්න බැරි නම් ගමන කොටයි. තමන් පෙනී සිටින්නේ දෙනෝදාහක් බලන මාධ්‍යයකට බව නිළියක් නෙමෙයි කොයි නෝනාත් සිහියේ තියාගත්තොත් විවේචන අඩුයි. නැත්නම් කිව්වත් වගේ වගේ අර හැමෝම හොඳයි කියපු තරුණ නිළියටත් මේ වගේ කියනවනේ. එහෙම වුණේ නැත්තේ ඇයි කියලා බුද්ධිමතුන්ට තේරෙනවා. (නි)
“හොඳ දෙයක් ඇත්නම් එය අගයන්න. වැරදි දෙයක් ඇත්නම් එය පුද්ගලිකව කියලා දෙන්න“ යන බිනරිගේ අදහස මම අගය කරනවා. අපේ රටේ අාකල්පමය වෙනසක් නොකර රට දියුණු කරන්න බැහැ. හිත් ලස්සන මිනිස්සු ඉන්න රටක් තමයි දියුණු සහ ලස්සන රටක් වෙන්නේ. (නි)
මම මේ නිළියව වැඩිය දැකලා නැහැ. හැබැයි මෙතන අදහස් දැක්කහම හිතුනා මෙ නිළියත් ජනප්‍රියනේ කියලා. (නි)
කවුද බොලේ මේ? ම්ම්ම්..... නරක නැහැ. වැඩිය හුරු නැති මුහුණක්. (නි)
විවේචන භාර ගන්න බැරි නම් ඉතින් කලාව කරන්නේ කොහොමද ? එක නිලියක් ඉන්නවා චීත්ත ගවුම් අන්දලා ගැමි චරිත කරන. නමුත් එයාගේ පර්ම් කල කොණ්ඩය ඒ චරිතයට විහිළුවන්. නමුත් වැරැද්ද එයාගේ නෙවෙයි. වේශ නිරුපන ශිල්පියගෙයි එයාව ඒ චරිතයට තෝරාගත්තු කෙනාගෙයි. (නදී)
අපෝ ඔව් ජානකි. සමහර නිලියෝ ඉන්නවා රඟපාන්නත් බැහැ. කතා කරන්නත් බැහැ සිංහලත් බැහැ, ඉංග්‍රිසිත් බැහැ. (නදී)
ගම් කබරයෝ (බ)
පුද්ගලිකව හොඳ නරක කියන්න අපි මෙයාගේ පුද්ගලික විස්තර දුරකථන නොම්මර දන්නේ නැහැනේ. අනෙක රඟපෑමක් හොඳ නම් මිනිස්සු ලියනවා. අර තිසුරි යුවනිකාට එක්කෙනෙක් එම දෙබස ලියලාම මෙතැන කිව්වා හරිම ස්වාභාවිකයි කියල. අන්න ඒ වගේ රඟපෑම හොඳ නම් මෙතැන පාඨකයන් හොඳයි කියලා ලියනවා. (නදී)
ටානියා සහ ලෝචන සමඟ මමත් 100% ක් එකඟ වෙමි.(නදී)
අම්මෝ මම නම් මෙයාට පුද්ගලිකව හොඳ නරක කියන්න සම්බන්ධ කරගන්නේ නැහැ. දෙවැනි පින්තුරේ ඉන්න හැටියට කකුල් දෙකට වැඳලා දුවන්න හිතෙන්නේ. (නදී)
දැන් එතකොට මේ නිලියෝ කරන හැම රඟපෑමක්ම හරි ම ප්‍රතිභාපුර්නයි සම්මානනියයි කියල මෙතන නොලිව්වොත් අපි ඉරිසියා කාරයෝ. (නදී)
ඔය අනෙක් මිනිස්සුන්ට ඉරිසියා කාරයන් කියලා කියන බවලතුන් කියන්න බලන්න තමන්ගේ සහෝදරයෙක් නිලියෙක් බඳිනවාට ඔයගොල්ලන් කැමතිද කියලා. අවංකව කැමති නම් ඔය කියපු දේවල් මම පිලිගන්නවා. (නදී)
දක්ෂ බව කොච්චරද කිව්වොත් දෙවැනි පින්තුරය දැක්කම... (ර)
මේකප් තට්ටු පිටින් දාලා. අභ්‍යාවකාශයේ ඉඳලා ආවා වගේ. (නි)
මෙතැන විවේචනයක් ලියන්න බැරි නම් මේ වගේ නිලියන් ට කවදාවත් සම්මානයක් වත් ගන්න බැහැ. . ප්‍රවීන නිලි අනෝජා වීරසිංහ පවා පුවත්පතකට ඉතා නිහතමානිව පැවසුවා මුල් කාලයේ ඇගේ වචන උච්චාරණය අතිශයෝක්තියෙන් පසුව එය ජෙෂ්ඨයන්ගේ උපදෙස් මත මග හරවා ගත්ත කියල. ටෙලි නාට්‍ය දෙක තුනක රඟ පාලා තමන් බොහොම අංග සම්පුර්ණයි කියල උදම් අනන කලා කාරියොත් මේ රටේ ඉන්නවා. (නදී)
ඔව් ඔව් කලාකාරියක් නම් හොඳ නරක පැසසුම් අවතක්සේරු ඔක්කොම භාරගන්න සූදානම් වෙන්න ඕනෑ. නැත්නම් ඉතින් එයාගේ ගෙදර කට්ටියට විතරක් කියන්න මෙතැන එයා ගැන ලියන්න කියලා. වැඩේ අහවරයි. (නි)
අම්මෝ රසිකයන් ගෙදරට ආවොත් අර දෙවැනි පින්තුරයේ විදියට නම් පිළිගන්න ඉදිරියට එන්න එපා කියල මම මෙතුමියගෙන් ඉල්ලන්නවා. (නදී)
මම ඔය ඡායාරූප විවේචනය කරන්න යන්නේ නැහැ. හැබැයි මම අර ටෙලි නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිත අභිබවා යන විදියට රඟ පාන්න හදනවා කියන් කාරණාවට නම් එකඟ වෙනවා. ලොක්කි ටෙලි නාට්‍යයේ සමහර ජවනිකා වලදී අපිට හිතුනේ ටෙලි නාට්‍යයේ නම ලොක්කි නෙමෙයි සුලෝචනාද කියලා. නමුත් ඒක නිළියගේ වැරැද්ද නෙවෙයි. අධ්‍යක්ෂක දැන ගන්න ඕන නවක නිළියන්ට රඟපෑමේ සීමාව කියල දෙන්න. (නදී)
මෙතන වැඩි හරියක් පිරිමි අය මේ ළමයාගේ ඉන්න ඉරියවු ගැන එක එක අදහස් දාලා තියෙන්නේ දුකට සහ තියන කුහකකමට. මේක ලංකවේ පිරිමින්ගේ හැටියක්. තමන්ට යම්කිසි දෙයක් ලබාගන්න බැරි නම් මේ වගේ කතා කියලා තමන්ගේ හිත සනසාගන්න තමා මේ අය හදන්නේ (නි)
මේ නංගි මෙච්චර ප්‍රසිද්ධයි කියලා මේක දැක්කමයි දැනගත්තේ. මොනවා වුණත් නගෝ ඔයා වටේ ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න. මේකප් දාලාද, ඇත්තට මෙච්චර ලස්සන නැද්ද කියලා දන්නේ ඔයාගෙම ළඟින් ඉන්න අය තමයි. (නි)
මට නම් මහා ලොකු වරදක් මෙම ඉරියව් වල හෝ මේකප් වල පේන්නේ නැහැ. මෙතන සමහර අය කතා කරන්නේ හරියෙට ඒ අය ඔසරියෙන් සැරසිලා ඉන්නවා වගේනේ. (නි)