‘මා ජාතිවාදියෙක් නොවෙයි. මම සිංහල බෞද්ධයෙක් කියා කියන්න පසුබට වෙන්නෙත් නෑ. අපි අපේ දරුවන්ට මොනවද දිය යුත්තේ? අපි අන්‍ය ආගම්වලට ගරු කරන ගමන් තමන්ගේ ආගමට භක්තිය ගෞරවය ලැදියාව දැක්විය යුතුයි. එහෙම කරන්න අපට ශක්තිය, ධෛර්යය තිබිය යුතුයි.‘ යි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (19) මහ නුවර දී පැවසීය.
ජාතික පිරිවෙන් දිනය වෙනුවෙන් මහනුවර දළදාමාලිගයේ පැවැති පිංකමකට සහභාගී වූ ජනපති ‘රැජින‘ හෝටලය ඉදිරිපිට රැස්ව සිටි පිරිස අමතමින් එසේ කීවේය.
‘අද මොන තරම් නිදහසක් තිබෙනවාද? එදා බෝම්බ බයෙන් හිටියා. අද මෙම ස්ථානයට එක් රොක්වූ ජනතාව බයක් සැකක් නැතිව ඉන්නවා. ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුවා මතකද? අද සමහරුන්ට ඒක අමතකයි. මේ දළදා මාළිගාව ආරක්ෂා කරන්න අවශ්‍ය නිසයි වැටවල් ගසා ගේට්ටු දමා වැහුවේ.‘ යැයි ද හිටපු ජනපති කිවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝබනයට විතරක් පෙන්වන, කතාවෙන් විතරක් ලංකාවේ ඉන්න හොඳම බෞද්ධයා වෙලා වැඩක් නැහැ (නි)
අපි දැක්කා එදා දර්ගා නගරයේදී කට්ටියක් අන්‍ය ආගම් වලට ගරුකළ හැටි. (නි)
ජාතිය සහ ආගම ඉස්සරහට දාගන්න්නේ නැතුව රට ඉදිරියට ගෙනයන නියම දර්ශනයක් ඉදිරිපත් කරන්න. ඒ දර්ශනය මහජනයාට අවබෝධ කරන්න. දුර්වල නායකයන් පහසුවට රට ජාතිය ආගම ඉස්සරහට දානවා ජනප්‍රිය වෙන්න. (නි)
මෙතන අය මෙතුමාගේ ළමයි ගැන කියනවා . පොඩ්ඩක් හොයල බලන්න කෙහෙල්වත්තෙන් ආව හිටිය ජනාධිපති ගැන . මොනවා තිබිලද දේශපාලනය පටන්ගත්තේ කියල . කොහෙන්ද එයාලගේ ළමයි ට බිස්නස් කරන්න සල්ලි ? අද එයාගේ පුතා සල්ලි බෙදනවා . එදා කව්රුවත් මේවා කතා කළේ නැහැ . කතා කළානම් යන්න වෙන්නේ ටයර් සැයේ.(බ)
අනේ මහත්තයෝ ඔය කරන චිත්‍රපටිය හොඳයි චීන්නු රවට්ටන්න. බත් කන මිනිස්සුනම් දැන් රැවටෙන කාලේ ඉවරයි. දළදා මාලිගාවට බෝම්බ ගහපු උන්ට ඇමතිකම් දුන්නේ කවුද ? දැන් මහත්තයෝ කටින්ද කතා කරන්නේ ? යුද්දේ කලේ ඔයා නාමල් බබා යෝෂිත බබා වෙන්න ඇති නේද? (බ)
තාම ප්‍රාථමික කතාවල් නේ කියන්නේ , කරුණා අම්මාන් , පිල්ලෙයාන් මේ යලා දරුණ කොටි , ගොඩාක් මිනි මැරුම් වලට වග කියන්න ඕනේ , ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ හැමෝම දන්නවා , නමුත් එයා ලා දැන් ඊළාම් ඇත හැරලා , මිනි මැරුම් ඇත හැරලා , මේ අනෙක් උදවිය වගේ ප්‍රජාතන්ත්‍ර වාදය පිළිඅරගෙන ඒකීය රටක් යටතේ ඡන්ද ඉල්ල්ලන්වා , බලන්න සෝමවංශ මහතා එතුමාත් කොච්චර දේවල් වලට වග කියන්න ඕනෙද ? නමුත් ඒ සියල්ල අමතක කරලා එක දවසක් වත් හිරේ විලංගුවේ නොගිහින් නියම මාවතට පැමිණිලා තියෙන්නේ (බ)
අපේ කට්ටිය ඇහුවාද දන්නේ නැහැ , අර අසාද් සාලි කියන අශ්‍රි ලාංකිකයා කියනවා , මහින්ද එලවා බලය බෙදිය යුතුයි කියලා , බලය බෙදීමට මහින්ද බාදාවක් කියලා . මට තාම හිතා ගන්න බැහැ කොහොමද මෛත්‍රී ට ලක්ෂ 62 ආව කියල මේ උදවිය කියන්නේ , කෙලින්ම 9 මාරක් අර අල්ලපු රටෙන් එයාලගේ ගේ වැඩ කරව ගන්න , ඉල්ලීම් දිනා ගන්න , එතකොට මෛත්‍රීට ලැබුනේ ඡන්ද ලක්ෂ 52 ක් විතර උපරිම ( නියම ශ්‍රී ලාංකික බෙදුම්වාදී නොවන ) මහින්දට ලැබුනේ ලක්ෂ 58 කෙලින්ම ඒකීය රජයක් වෙනුවෙන් , එතකොට මහින්ද වැඩි ඡන්ද ලක්ෂ 6 කින් දිනුම් අඩුම වශයෙන් . මේ ගැන නැහැ කියන උදවිය ප්‍රතිපල නැවත විශ්ලේෂණය කර මගේ නමින් ම මා අමතන්න , එහේම නැතිනම් ඕනෙම දෙයක් ඕනෙම ගොනෙකුට ( අර මහතා කිව්වා වගේ ) දාන්න පුළුවන් කියලා මේ වැදගත් සබාවට දාන්න එපා . ඒක තම බුද්ධියට කරන අගෞරවයක් තමා ට නොතේරුනාට (බ)
"දළදා මාලිගය වටේ කාර් රේස් පදින්න,නලගණන් නටවන්න එපා" කියල මහා නායක හාමුදුරුවරු ලිඛිතව ලිපියක් මගින් ඉල්ලලා යවද්දී කිව්වේ.."හාමුදුරුවනේ ලංකාවට සුද්දෝ ඇවිත් දළදා මාලිගාවට එන්නේ පෙරහැර බලන්න විතරක් නෙමෙයි" කියලයි.ලැජ්ජාවක් නැති කම. (බ)
බලාගෙන දළදා මාලිගාවේ රත්තරන් ටික තිබෙනවද කියල බලන්න? (බ)
අන්න කතරගම දේවාලයේ තිබුන රත්තරන් කිලෝ 35 කුත් අතුරු දහන් කරලා. දෙවියෝ බුදුන් පවා විකුනම් කනවා. ලැජ්ජයි. (බ)
දළදා මාලිගාවට බෝම්බ ගහපු කෙනා ආරක්ෂකයෝ පිරිවරාගෙන හෙලිකොප්ටර් එකෙන් යනවා.රටම නිදහස් කර දුන්නු ජාතික විරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ සම්බෝලයි බතුයි කනවා.මේවා අපි අපේ දරුවන්ට කියල දෙන්න ඕනේ.එ්ක අපේ යුතුකමක්. (බ)
අනේ මන්දා! මේ යන විදිහට මහන වෙයිද කියලත් හිතෙනවා අප්පා... (නි)
පිවිතුරු යහපාල දවල් හීන දකිනවා.හීන දකින්න තහනමක් නැහැනේ.දැන් ලක්ෂ 58 තියා ලක්ෂ 3 නක්වත් ඡන්දෙ දෙන්න මිනිස්සු නැහැ. (බ)
ඔබතුමා නැවත රට බාරගන්නාතුරු අපි බලා ඉන්නෙමු. ඔබ වැනි නායකයෙක් නැවත මේ රට තුළ බිහිනොවනු ඇති. (නි)
නියම සිංහල බෞද්ධ අය මොකටද අතේ වශී බෝල තියාගෙන ඉන්නේ. ඔබතුමාගේ රඟපෑම දැන් අපි නම් දන්නවා. මුහුණ බැලුවහම අගේට පේනවා. (නි)
අව්රුදු 100 ක් ජිවත් වෙලා නැති වුන මගේ ලොකු අම්මගේ මුහුණත් මිට වඩා ලස්සනයි (බ)
මේවට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ (නි)
දළදා මාළිගාව වටේ කාර් රේස් පැදපු කාලේ මතක් වෙනවා. අපිට මේවට හිනායනවා. (නි)
සමහරුන්ට එතුමාගේ සිංහල බෞද්ධකමත් ප්‍රශ්නයක් වෙලා. මේක සිංහල රට කියන්න කොන්දක් නැති කැනහිලුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? සිල්වා මහත්තයා, ගෙනල්ල දීපු අශ්වයෝ, හෙලිකොප්ටර්,ලැම්බෝගිනි වලට මොකද වුණේ? යහපාලනේදී අන්ත්‍රස්දාන වුණාද? ආසාවට අපිට එකක් පෙන්වන්නකො..ඔය මඩ වලින් මිනිස්සු අන්දපු කාලේ ඉවරයි මහත්තයෝ. මහින්දාගමනය නතර කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න. (නි)
මෙහෙමවත් කියලා බලන්න ඕනෑ කියලා හිතෙන්න ඇති (නි)
ගුණරත්න බණ්ඩා මහත්තයෝ, මේ රටේ සිටි ලොක්කෝ අසරණ අපේ දුප්පත්ම අහිංසක කී දෙනෙක්ගේ බදු වක්‍රව ලබාගත්තද කියන එක ප්‍රසිද්ධ රහසක් (නි)
ඩුබායි තිලක් කෝ මහානාමගේ ප්‍රශ්නයට උත්තර දෙන්න බැරිද? දෙන්නේ නැද්ද? (බ)
එයා හැදුවේ සදාකල් බලයේ ඉන්න. (නි)
ගොසිප් අඩවී වල හා ෆේස් බුක් අම්බලම් වල තිබෙන මඩ විශාල වශයෙන් පසු ගිය ජනාධිපතිවරණයට බලපෑම් කළා.නමුත් තවත් නම් ලේසි නැහැ මධ්‍යස්ථ බුද්ධිමත් ඡන්දදායකයන්ව වෙනස් කරන්න.උතුරේ හා ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට එරෙහිව වෙන දේවල් නොපෙනෙන්නේ ප්‍රතිලාභ ඉස්සර ලබාගත් හෝ දැන් ලබාගන්න හෝ ඉදිරියේදී ලබාගන්න බලාපොරොත්තු වෙන අයට තමා (නි)
රාජපක්ෂලා කළ දේවල් අපි නම් හරියි කියලා කියන්නේ නැහැ කවදාවත්.මොකද අපිට කණ්ණාඩි දාන්නේ නැහැ.හරි දේ හරියි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් කොන්දක් තියෙන්න ඕනෑ.ගිය ආණ්ඩුවේ මාධ්‍ය නිදහස නැහැ කියන උදවියට හොදම උදාහරණය තමා මඩ පුවත් , මඩ වෙබ් අඩවි , මඩ ෆේස් බුක් වලට ලබාදුන් අසීමිත නිදහස.මේවාගේ නිදහසක් මඟින් ෆේස් බුක් හරහා සිදුකළ හානිය මිලකළ නොහැකියි (නි)
ඔබයි මේ රටේ නියම උරුමක්කාරයා (නි)
මොහමඩ රිස්වාන් , සමන් කුමාර මහත්වරු කියන දේවල් 100% හරි. නමුත් ඒවාට වගකිවයුත්තේ මෙතුමා නොවේ. වෙනත් බළල් අතක්. නමුත් වගකියන්න වුණේ මෙතුමාටයි.මොකද මෙතුමා නිහඩව නැසූ කණින් බලා සිටි නිසා (නි)
මේ රට සිංහල බෞද්ධයාගේ රට. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. සිංහල බෞද්ධයෙක් කියන්නට පුළුවන්කම තියෙන්නේ රටට ආදරය කරන කොන්දක් තිබෙන කෙනෙකුට තමයි.ඒ වගේම සිංහල බෞද්ධයා සෑම ජාතියෙකුටම මෙන්ම සෑම ආගමකටත් ගරු කරනවා.එය මහින්ද මහත්මාට තියෙනවා.නමුත් සමහර බැලයන්ට ඒවා නොතේරේ.එනිසා එතුමා වැනි එඩිතර නායකයෙක්ට අපේ ආශිර්වාදය. (නි)
අයි මේ මිනිසුන්ව නොමග යවන්නේ ? කොහෙද වක්‍ර බදු හා සෘජු බදු නැත්තේ ? බදු නැතිව කොහොමද වාර්ෂික අය වැය පරතරය පියවන්නේ. විශාල වැය ශීර්ෂයක් තියා ගෙන තවත් බදු අඩු කලාම කොහොමද , නිදහස් අද්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වගේ දේවල් දෙන්නේ ? කොහොමද 12 ලක්ෂයක පඩි ගෙවන්නේ ? දැන් කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව ඉන්ධන අඩු කළා , ගැස් අඩු කළා දැන් මොකද වෙලා තියෙන්නේ? රට ගෙනියන්න සල්ලි නැහැ. ආණ්ඩු වල ආයතන වලට පඩි ගෙවන්න සල්ලි නැහැ, කරුණාකර ආණ්ඩු ආයතන වල වැඩ කරන උදවිය ගෙන් අසා දැන ගන්න. අනෙක් අතට බොහොම පහසුයි තේරුම් ගන්න කන්නාඩිය අයින් කලොත්. අැයි මහින්ද ආණ්ඩුව ඉන්ධන තවත් අඩු නොකළේ, අැයි ගෑස් තවත් අඩු නොකළේ ? මොකද අතින් යනවාද ? ඡන්දෙ එලි පැත්තේ දී වත් අඩු කලේ නැහැ , ඇයි , ඇයි , අහන්න රාජ්‍ය ආර්ථික විද්‍යා කලමනාකරනය හදාරපු අයගෙන්. ලංකාව ගැන අන්තිමට ආපු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වාර්තාව බැලුවද ? දැක්කද ? එහි පැහැදිලිව කියනවා නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය වගේ දේවල් සීමා කරන්න කියලා. ඒ වගේම ඉටු කල නොහැකි ඡන්ද ප්‍පෙරොන්දු දෙන්න එපා කියලා. මේවා බොරු නම් මගේ නමින්ම මා අමතන්න. මා හැමවිටම ප්‍රධාන මාතෘකාව නොකිව්වත් , ඔබලාගේ වටිනා අදහස් නම් කියවනවා (නදී)
එතුමා එඩිතර නායකයෙක් තමයි. 2010 ජනතාව කලගුණ සැලකුවා. නමුත් 2012 දි යනගමන වෙනස් කලා. කරන්න දෙයක් නැහැ . පක්ෂයේ අනිත් යටත් ඉඩ දිය යුතුයි. (නදී)
ජාතිවාදය අවුස්සලා බලයට එන්න බැලුවාට, ඔබතුමා සිංහල බෞද්ධයාට කරපු කිසිම වැඩක් නැහැ. (නදී)
ඡානක ලොස් ඇන්ජලිස් මහතා, ඩුබායි තිලක්, ඇමෙරිකාව චතුරි සමාවන්න ඔබතුමාලාව හා ඔබතුමිව අැමතුවාට ආරාධනකයින් තොරව. ඔබතුමා පැහැදිලි කරන්න කෝ ට්‍රාන්ස්නැෂනල් ගවන්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් කියන්නේ මොකක්ද කියලා. ඒක කොහෙද තියෙන්නේ ? කවුද කරන්නේ සහ මොනවද කරන්නේ කියලා. මගේ නමින්ම මා අමතා මා විවේචනය කර හෝ නොකර මා නිවැරදි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි (නදී)
"මා ජාතිවාදියෙක් නොවෙයි, මා ආගම් වාදියෙකුද නොවේ. නමුත් මා අාත්මවාදියෙක් වෙමි. එම නිසා මා හට මේ මීරසවූ රටේ පාලකයා වන පැණි ගුල අතහැර යාමට කිසිසේත් හිත නොදේ. එහෙයින් මා යලි යලිත් රටේ පාලකයා ලෙස පත්වීමට සියලු වෙර දරමි " එය මගේ එකම ප්‍රර්ත්නයයි (නදී)
සිංහල වූ පමණින් බෞද්ධ වන්නේ නැත. බෞද්ද සියල්ලන්ම සිංහල විය යුතු නැත. පිවිතුරු යහපාල නොදන්නවා උනාට එතුමා ප්‍රසිද්ද වේදිකාවේ හොරුන් ආරක්ෂා කල හැටි දුෂිතයින් ආරක්ෂා කල හැටි කිව්වා. අහගන්න බැරි උනානම් යු ටියුබ් එකේ තියනවා අහල බලන්න.(නදී)
දළදා මාළිගාව වටේ ලැම්බෝගිනියෙන් කාර් රේස් පැදපු කාලේ මතක් වෙනවා.දළදා මාළිගාවට බෝම්බය තියපු අයට ඇමති පදවි දුන්න හැටි මතක් වෙනවා.අපේ හාමුදුරුවනේ. (නි)
සිංහලයට ඉක්මනින් අමතක වෙනවා කියන එක මෙතන ගොඩාක් අයගේ කතා වලින් පේනවා. රටට අත්‍යවශ්‍ය නායකයෙක් කොච්චර කල් හිටියත් කමක් නෑ. හැබැයි වටේ ඉන්න අය හොඳින් වැඩ කරන්න ඕනේ. මේක සිංහල බෞද්ධ රටක්. ඉතිහාසයක් තියෙන රටක්. නමුත් සහයෝගෙන් වාසය කිරීම තමයි වැදගත්. එතුමා වගේ දැඩි තීරණ ගන්න සොඳුරු නායකයකු තමයි මේ රටට අත්‍යවශ්‍ය වන්නේ. සිංගප්පූරුව මලයාසියාව හැදුවේ ඒ විදිහට තමයි. හිතන්න. (නදී)
මොහමඩ් රිස්වාන්, ලංකාවේ රැස්වීම් තියන්න ඔයාලගෙන් අවසර ගන්න ඕනෙද? (නදී)
මේ රට කරගෙන යන්න සහ දියුණු කරන්න ජාතිය ආගම රැකගන්න පුළුවන් කෙනෙක් දැනට ඉන්නවා නම් නම් කරන්න. හොඳට හිතල නම් කරන්න. නායකයෙක් කිව්වම හිතේ ඇදෙන රූපය කාගේද..? (නදී)
චන්දි සිංගප්පූරුව මලයාසියාව හැදුවේ ඒ විදිහටද ? අපේ ඔය කියන නායකයා රට හදන්න හදන්නේ උතුරු දුම්රිය මාර්ගයට රුපියල් මිලියන 140 අැස්තමේන්තුකරලා රුපියල් මිලියන 270 පාස්කර ගත් විදිහටද? අද ජීවත්වන අය නෙවේ වසර 30, 40 ඉදිරියට උපදීන්න ඉන්න අයටවත් ගෙවල ඉවර කරන්න බැහැ මෙයාල සංවර්දනය මුවාවෙන් ගසා කාපු නය ප්‍රමාණය. දැඩි තීරණ ගන්න එක, නායකයා සොඳුරු වීම බලා ඉන්න ගෑනුන්ට හොඳ උනාට රටට කිසිම පලක් නැහැ. එ්ක මතක තියා ගන්න (නදී)
මහින්ද මහත්මයාගේ පිටිපස්සෙන් ඉන්න කට්ටිය ඇටි කෙහෙල් කාපු උගුඩුවො වාගෙයි. (බ)
නියම සිංහල බෞද්ධයෙක් වගේ රට පාලනය කලා නම් ඔබතුමා තාමත් මේ රට පාලනය කරනවා. කුඩු කාරයෝ, එතනෝල් හොරු, කොමිස් මල්ලිලා, ඔය දළදාව ලගම රේස් පැද්ද පුතාලව නැවැත්තුවා නම් අද මල් වට්ටියක් අරගෙන අපිට මම සිංහල බෞද්ධ කියල කියන්න ඕන නෑ. (නදී)
ඩුබායි තිලක්ට අපායේ වෙනම කොටසක් හදනවලු යම රජ්ජුරුවෝ මේ වගේ ගල් පැලෙන බොරු කිය කියා මිනිසුන්ට අපහාස කරන අයට දෙන්න අපායේ තියෙන දඩුවම් මදි කියලා.එතුමා ඔයාලව නවීකරණය කළ අපායට ඉක්මනට ගෙන්වා ගනීවි.සිල්වා මහත්තයාටත් අවස්ථාව තියෙනවා.හැබැයි ඔය බොරුනම් පණ මදි ඒකට.. (නි)
ඔබතුමා නියම හෙළ විරුවෙක් (නි)
අපරාදේ! මීටකලින් ශාසනයට යන්න තිබුනේ. සාධු ,සාධු!! (නි)
ඔබතුමා අද අපේ රටට නැතිවම බැරි නායකයෙකු ලෙස මා කියන්නේ ඔබතුමාගේ දෙපා නමැද සමාව ඉල්ලමිනි. වසර ගණනාවක් මා සහ අපේ පවුලේ සැම ඔබතුමාට ඡන්දය දුන්නා. නමුත් ඔබතුමා චීනෙට රට විකුණන්න යනවාය කියා ඡන්ද කාලේදී ඇහුණු කතාවට බයවී මම අනිත් අය සමඟ එකතු වී හංසයාට කතිරේ ගැහුවේ ඔබතුමා පරද්දන්න නම් නොවෙයි. ටිකක් රිද්දන්නයි. නමුත් රිදුනේ අපිටමයි. ඒකෙන් වුණේ නොවියයුතු දෙයක්. මං වගේම මෝඩකම් කළ තවත් ලක්ෂ ගණනක් තව ඇති. ඒ හැමෝම නැවත ඔබතුමා පාර්ලිමේන්තුවට ගෙනඑන්න මහන්සි ගන්නවා ඇති. අනේ එන්න මැතිතුමනි. ජනාධිපතිකම් එපා. ඕනෑ කෙනෙක් අගමැති වුණාවේ. නිකම්ම මන්ත්‍රී කෙනෙක් වෙලා හරි පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් අපි කැමතියි. අපිට ඒ ඇති. රට බේරාගන්න ඔබතුමාට තවත් වරක් සිදුවේවි. ඒක ඔබතුමාට අමාරු කාර්යයක් නොවෙයි. ඔබතුමාට දළදා සමිඳු පිහිටයි. (නි)
ඔබ සැබෑ සිංහලයෙක් (නි)
එදා අලුත්ගම රැස්වීම නැවැත්වුවා නම් අද තත්ත්වය මීටවඩා සුබ වෙන්නත් තිබුණා (නි)
පිවිතුරු යහපාලන, මෝඩයෝ, යු ටියුබ් එකට ගිහින් බලන්න 2013 කොළඹ නයිට් රේස්. එතකොට පෙනේවි ලැම්බෝගිනි. (නි)
ඇත්තටම අපි ඔබතුමාට ආදරෙයි. අපිට ඔබතුමාව එපා වුණේ අන්තිම කාලයේ රට පාලනය කළේ එතනෝල්කාරයෝ, හොරු, දුෂකයෝ! ඔබතුමා කළ වැරදි තේරුම් අරගෙන නැවත ඒවා නොකරන්න ජනතාව හමුවේ පොරොන්දු වෙනවා නම් ඔබතුමාට අපි ඡන්දෙ දෙනවා. මේ යන විදියට ගියොත් රට කෑලි වලට කැඩෙන්න වැඩි දවසක් නැහැ (නි)
මේ රෙකෝඩ් එක අහලා ඇතිවෙලා දැන්. මට මතකයි ඔබතුමා කලින් කිව්වා මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි කියලා. රටට ආදරේ සහ රටට ආදරේ නැති. දැන් ඔබතුමා තුන්වෙනි ජාතියකුත් හැදුවද? සිංහල බෞද්ධ කියලා? (නි)
ඔබතුමාලා පන්සල් ගිහින් ඉන්න නිසා ඇත්තටම අද ලොකු නිදහසක් තිබෙනවා. ඔහොමම ඉන්න (නි)
යහපාලන අයගෙන් එතුමාට ගෞරව නම්බුනාම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.එතුමා ලක්ෂ 58ක ජනමතයක හිමිකරුවා.නායකයා. ඒ ලක්ෂ 58 ගැන මහින්ද මහත්තයත් මහින්ද මහත්තයා ගැන ඒ ලක්ෂ 58 ත් බලාගනීවි. (නි)
කටින් ද කතා කරන්නේ? දළදා මාළිගාව වටේ කාර් රේස් යන්න ඉඩදුන්නේ බෞද්ධකම නිසා වෙන්න ඇති. පන්සල, බෞද්ධකම මතක් වෙන්නේ "පක්ෂය" බිම ඇනුනහමද? (නි)
“මම රජකුමාරයෙක් නෙමෙයි,ගමේ කොල්ලෙක්“ (නි)
මහත්තයෝ, බෞද්ධකම කියන එක හරියට දැනගන්න. (නි)
මිනිසුනේ, දැන්වත් නිදහසේ කතා කරපල්ලා! (නි)
එම අදහසට නම් මම ඉතා කැමතියි. අගය කරනවා. (නි)
රටේ දරුවන් ගැන නොවේ තමන්ගේ දරුවනට හොද දේ දුන්නද (බ)
අපි ඔබතුමා සමග හැමදාම (බ)
හිටපු ජනාධිපති තුමනි. පන්සල් ගියානම් බුදුන් වැදලා පිනක් කරගන යන්න. පිස්සු කතා කිය කියා රටම හිනස්සවනවා .ඔබතුමාගේ පන්සල් දේශපාලනය නිසා ඡන්දයට එන්න තිබුන ඉඩත් නැතිවුණා කට නිසානේ (බ)
ඔබතුමා ජාති වාදියෙකු හෝ ආගම්වාදියෙකු නොවන බව අපි දනිමු. එහෙත් ජාතිය වෙනුවෙන් ඔබතුමා ගත් දැ (බ)
එතකොට ඒ බෝම්බේ තියපු එකා කවුද හුරතල් කරන්නේ ඇමති පදවි දුන්නේ කව්ද (බ)
මේ දවස් වල නිකම්ම ඉන්න එක පිනක් දහම කර ගත්තොත් හොඳයි (බ)
මේකේ අදහස් පලකරන සමහර අයට රටක් හෝ ආගමක් කියල දෙයක් නැහැ. රට බේරාගත් වීරයටත් ගරහනවා. මෙහෙමත් දුර්ජන ජාතියක් (බ)
“අපි අපේ දරුවන්ට මොනවද දියයුත්තේ“ හා හා හා! මොනවද නොදුන්නේ...? හෙලිකොප්ටර් , අස්පයෝ , නයිට් රේස් , ලැම්බෝගිනි , ඇස්ටන් මාර්ටින් , රගර් ටීම්, හඳට යන්න අපෙන් රොකට්, ලුයිස් විටෝන් සපත්තු,ටීවී චැනල් ... අරකද මේකද? (නි)
මහනුවර දළදා මාලිගයේ.........ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවනම් මහනුවර දළදා මාලිගයේ පස් පාගන්න එන්නේ නැහැ.එදා බලයේ ඉන්නකොට දළදා මාලිගය වටේ කාර් රේස් පදින්න,නලගණන් නටවන්න ඉඩ දෙනවද? (බ)
පිවිතුරු යහපාල, මහානාම, ඔබ දෙන්නටම මම කිවුවා කියලා හිතාගන්න (නි)
ශාන් සෞදි. අද බෝධිසත්වයෝ වගේ ඉන්න අය මහජන මුදල් ගහපු ගැහිලි හොයන්න ගියොත් පිස්සු හැදෙනවා.තව අවරුදු 100 කට ගොඩ ගන්න බැරි වෙන්නම ගසා කාලයි තියෙන්නේ. (බ)
මම ඔබට බොහෝ ගරුකරමි (නි)
නියම සිංහල බෞද්ධයෙක් නම් ,එය පුන පුනා නොකියයි.,නියම සිංහල බෞද්ධයෙක් නම් මිනිසුන් අතුරුදන් නොකරයි,හොරකම් නොකරයි,බොරු නොකියයි,තම හෘදසාක්ෂියට අනුව වැඩ කරයි,ඒ ඔක්කොටෝම වඩා සැමට මෛත්‍රිය කරයි. තමුන්නාන්සේගේ හෘදසාක්ෂියෙන් අහල බලන්න. (බ)
රුසිරු "ඔය කියන විදියට ගසා කෑවා නම් කාල්ටන් නිවස මාලිගාවක් වෙන්න එපාය. නමුත් ගියාම අපි දකින්නේ බොහොම සාමාන්‍ය ගෙයක්".......මමත් දැක්ක පරණ ලි පුටුවක ඉදගෙන ඉන්නවා. (ඒ ජාතියේ පරණ පුටු අපේ ගෙදරත් ඉස්සර තිබුනා. මම ඒවා විසි කරලා දැම්මා). ඒ ලගම පරණ තාලයේ රේඩියෝ කබලකුත් තිබුනා.....බස් එකේ "සමහරක්" දක්කාගෙන එනකොට සංවිදායක දුරකතනයෙන් කියනවා අපි තව පැය බාගයකින් කාර්ල්ටන් නිවසට ලඟා වෙනවා කියලා. ඉන් පස්සේ රඟපානවා. (නදී)
යහපාලන අයගෙන් එතුමාට ගෞරව නම්බුනාම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ..එතුමා ලක්ෂ 58ක ජනමතයක හිමි කරුවා..නායකයා.. ඒ ලක්ෂ 58 ගැන මහින්ද මහත්තයත් මහින්ද මහත්තය ගැන ඒ ලක්ෂ 58 ත් බලා ගනීවි..පැරදිලා ගෙදර ගිය නායකයෙක් ගැන මතක කර කර බයේ ඇදුම් තේමා ගන්නේ නැතුව කට්ටිය ඔය තියෙනවයි කියන ලක්ෂ 62 ත් එක්ක මැතිවරනෙකට ගිහින් පාර්ලිමේන්තුවේ බලය අරන් අපිට පෙන්නන්නකො.. අන්න එතකොට අපි පිළිගන්නම් 8 වැනිදා ජනතාවට වැරදීමක් නෙමයි වුනේ කියල..(බ)
මේ සෙනඟ 300 කින්ද අගමැතිකම ගන්න යන්නේ? (නි)
දැන් සෙනඟ ටිකක් අඩුයි වගේ (නි)
මේ කතා හොඳයි මෙතුමා කියන ඕනෑම එකක් පිළිගන්න අයට.මේ දන්නේ නැති හින්දා අහන්නේ, නියම බෞද්ධයෝ හොරු රකිනවද? මාළිගාව වටේ පිස්සු නටනවද? අන්තිමට ඔබතුමා පන්සල් වල දායකගොල්ලොත් දෙකට බෙදලා තමා නවතින්නේ (නි)
ශාන් සෞදි. සිංගප්පුරුව ගොඩ නගපු නායකයා ලි ක්වාන් යු ගෙදර ගියේ එයාගේ පුතාට අගමැතිකම දීල. එහෙ තියන නීති වලට ඒ රටේ මිනිස්සුන්ට කතා කරන්නවත් බැහැ අපි කෑගහනවා වගේ. මම නම් කියන්නේ මහින්ද කරපු ඔල මොට්ටලම වැඩේ තමයි ප්‍රභාකරන්ව නැති කරපු එක. බෝම්බ ටික යන්න දීල යුද්දේ අද්ද අද්ද ගියා නම් අදත් එයා දිනුම්. (බ)
දැන් “සාදු සාදු“ කියන්නේ නැහැනේ පන්සල් වල.“ජය වේවා ජය වේවා“ කියලා තමා කියන්නේ!! (නි)
නියම සිංහල බෞද්ධයෙක් පන්සල දේශපාලන වේදිකාවක් කරගනිමින් මැතිවරණයට ලකුණු රැස්කරනවාද? කෙනෙකුට කැමැත්තෙන් පුදකළ දෙයක් සඳහා සතුරුකම් කරනවාද? වචනයෙන් ජාතිවාදී නොවී ක්‍රියාවෙන් ජාතිවාදී වීම සිංහල බෞද්ධකමේ ලක්ෂණයක්ද? වංචාවට, දුෂණයට ඉඩහැරීම සහ ඔවුන් ආරක්ෂා කිරීම හොඳ බෞද්ධයෙකුගේ ලක්ෂණයක් නම් නොවේ. මේ කතා පිළිගැනීමට යම් ජනතාවක් සිටීම රටේ අවාසනාවට හේතුවකි. (නි)
අනේ යහපාල,දැන්වත් මෝඩ අදහස් දාන එක නතර කරගන්න. (නි)
ඩුබායි තිලක්, කෝ ඔබගේ දේශපාලන දැනුම? උත්තර දෙන්න මහානාමගේ ප්‍රශ්නයට (නි)
අපි අපේ දරුවන්ට මොනවද දියයුත්තේ? හිඟයකින් තොරව,අතේ ඇති මිලට කුඩුද? (නි)
මෙතුමා තමයි අපට ඉන්න නියම සිංහල බෞද්ධ නායකයා. යුද්ධය දිනුවේ මෙතුමා නිසා. මේක සිංහලයින්ගේ නිජබිමයි. අනිත් ජාතිනට වගේ යන්න වෙන රටක් අපිට නැහැ. සුළු ජාතීන් කරේ තියාගෙන මහා ජාතියට වෙනස් කම් කරන අයගෙන් අපිට වැඩක් නැහැ. (ස)
දැන්නම් වශී බෝල මිරිකලා වැඩක් වෙන්නේ නැහැ.දැන් රටම දැනුවත්. (නි)
ඇඳුම් තෙමා ගන්න නෙවෙයි පොලවේ හැපී හැපී හිනා වෙන වැඩ මේවා. (ස)
බලයෙන් පහවෙලා ගෙවුණේ තවම දින කීයද? (නි)
ශමන්ත වෙල්ගම, ඔය කතා කරන්නේ ප්‍රේමදාස ජනපති ගැනද? මිනිසුන් අතුරුදහන් වුනේ, පාරක් පාරක් ගානේ මිනී තිබුනේ එතකොට නේද? රනිල් මහතාත් එම ආණ්ඩුවේ හිටියා නේද? (ස)
ඔබතුමා රටට වාසනාවන්! (නි)
බෝම්බ නෙවෙයි අර කාර් රේස් එක නම් අමරණීයයි. කිසිම නායකයෙකුගේ කාලයේ මේ ස්ථානයේ සිද්ධ නොවුන සංදර්ශනයක්නේ ඒක. (ස)
දැක්කත් හිත පහන්වෙනවා (නි)
ඔය කියන විදියට ගසා කෑවා නම් කාල්ටන් නිවස මාලිගාවක් වෙන්න එපාය. නමුත් ගියාම අපි දකින්නේ බොහොම සාමාන්‍ය ගෙයක්. යහපාලන ද්‍රෝහියෝ පට්ටපල් බොරු කියල මිනිස්සු රැවට්ටුවේ කොටි සංවිධානයේ සල්ලි යහමින් ලැබුන නිසා. මේ රට විනාශ කරන්න බලය ලබාගත් බව දැන් අපිට තේරෙනවා. (ස)
මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක් කිව්වා නම් තමා වඩා හොඳ. දියුණු රටවල අද ආගම් , ජාති හා කුල බේද ඉස්සරහට දාන්නේ නැහැ. කොහොම නමුත් සමහරුන් නොතේරුනා වගේ හිටියාට, අද රට අනාරක්ෂිතයි. නැවත යුද්ධයක් නොවෙන්න පුළුවන්. නමුත් ඩයස්පෝරාව හිස ඔසවා බෙදුම්වාදය නැවත ගේන්නේ උණ්ඩයෙන් නොවේ, පෑනෙන් හා ඡන්දයෙන්. (නි)
සහන් මහත්තයා අනේ කියන්නකෝ අපිට දැනගන්න (නදී)
යහපාල මහත්තය තාම මෝඩ කොමන්ට් දානවනේ. ලක්ෂ 58 යි ලක්ෂ 62 යි වෙනස තාම දන්නේ නැහැනේ. හොරු අල්ලනකොට හොරුන්ගේ ඇඳුම් තෙමෙනවා කියල අපි වගේම ඔබතුමත් දන්නවනේ? ඔබ තුමත් ඇඳුම් තෙමා ගන්න එපා. ඔබ තුමාට හොරකන් කළා කියලා චෝදනාවක් නැහැනේ? කවුරුවත් කැමති නැහැනේ ඔබ තුමාගේ රෙදි හෝදනවට එක මං කලිනුත් කියල තියෙනවනේ. දෙපැත්තෙන්ම ලක්ෂ 58යි 58යි අරන් බැලුවම පාවෙන චන්ද ලක්ෂ 4 මෛත්‍රීපාල ජනාධිපතිතුමාට චන්දෙ දුන්නනේ වැරදිලා නෙමෙයි කියල තේරුම් ගත්තොත් හොඳයි. දැන් මාතර මීටින් එකට සෙනග බැලුවම මහමැතිවරණයෙන් ඔබ තුමාගේ ලොක්කා ලක්ෂ 15 වත් ගනීද කියලා ෂුවර් නැහැ යහපාල මහත්තයෝ. වැරදිලා චන්දෙ දාන්න මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි. (ස)
සිංහල බෞද්ධ ඡන්ද වලින් පත්වෙලා අවුරුදු ගානක් කළේ බෞද්ධයාව අමතක කරලා සිටි එක නේද? (නි)
රටට යුද ජයග්‍රහණය ලබා දුන් නිසාම ඔබතුමා සැමදා බලයේ සිටිය යුතු නැහැ. යුද්ධය ජයගැනීමට දායක වූ නිසා වරදක් කර ඇත්නම් එයට සමාව දියයුතුයි කියා මම හිතන්නේ නැහැ. යුධ ජයග්‍රහණය ලබා ගැනීම පමණක්ද මේ රටේ නායකයා වීමට ඇති එකම සුදුසුකම. (නි)
බලාගෙන! තිලක් වගේ සිංහල නම් දාගෙන ඉන්න අය මහින්දට විරුද්ධයි (නි)
එදා මහා නායක හිමිවරුන්ගේ අවවාද තුට්ටුවකටත් ගණනන් නොගෙන පුතාලට පිස්සු නටන්න දීලා දැන් එනවා මෙතන බයිලා කියවන්න.ලැජ්ජාවක් තියනවා නම් මේ පින්වන්ත භූමියේ පස් පාගන්න එන්නේ නැහැ.යහපාලලා අත කැඩෙනකම් මොනවා ලිවුවත් කිවුවත් බුද්ධිමත් ජනතාව නැවත නම් රැවටෙන්නේ නැහැ (නි)
බොරු කිය කිය පන්සල් යනවා ... මම ගහ හොඳහැටි හඳුනනවා .... අපිට බොරු චාටු එපා.... (නි)
මේ පිවිතුරු යහපාල පසුගිය ජනාධිපතිවරණය ගැනත් පම්පෝරි ගැහුවේ මෙහෙම තමයි. අන්තිමට අනා ගන්නකම් මෙයා දන්නේ නැහැ. නිකම් හොරුන්ට කඩේ යන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන සංවර්ධනය මුවාවෙන් මෙතුමලා ගසාකාපු ණය බර කරගහගෙන ජීවන ගමන යමු. (නි)
"සිංහල බෞද්ධයෙක්" කියලා කියන්නේ නැතුව "ශ්‍රී ලාංකිකයෙක්" කියල කිව්වා නම් තමයි තවත් හොඳ (නි)
නොකියන දේකුත් නැහැ. කියන දේකුත් නැහැ. ඔබ සේවයක් කළ බව ඇත්ත. නමුත් කරන්නේ මොන ක්‍රමයකින් හෝ ඡන්දෙ දිනන්න හදන එක. (නි)
ඔබ ශ්‍රේෂ්ඨයි (නි)
බෝම්බ විතරක් නෙමෙයි,අපිට අර කාර් රේස් එකත් හොඳට මෙතැනදී මතක් වෙනවා. (නි)
පෙරේරා මහත්තයා, ඔය මහින්ද භීතිය අමතක කරලා නිදාගන්න.අපි වෙලාවට ඇහැරවලා ගන්නම් (නි)
දළදා මාළිගාවට බෝම්බ එවපු නායකයා, අරන්තලාවේ හාමුදුරුවෝ මරපු කෙනා අන්තිමේ හිටියේ කොහේද කියන එකත් අපිට අමතක ඇහැ. හැබැයි කන්න ඕනෑ වෙනකොට කබරයා තලගොයා වෙනවා (නි)
ඩුබායි තිලක් මේ තීරුවම ගඳ ගස්සනවා.. (නි)
ආදරණීය පාඨකයිනේ,හොඳින් කල්පනාකර බලන්න. ඔහුගේ මේ වැකියෙන්ම ජාතිවාදය පිළිබිඹු නොවන්නේද? (නි)
සහන් මහතා අනේ කියන්නාක් ඔබතුමා කියන්න යන දේ , මේ තීරුවේ බැරිනම් ඊළඟ තීරුවේ දී හරි කියන්න මගේ නම දාල , එතකොට මම පිළිතුරු දෙන්නම් (බ)
දළදා මාළිගාවට බෝම්බ ගහපු එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒවාගේම ඒක මෙහෙයවපු එක්කෙනාට ඇමතිකමක් සමඟ පක්ෂ නියෝජ්‍ය ලේකම්කමක් දුන්නේ කව්ද කියන එකත් අමතක කළයුතු නැහැ. (නි)
මේ මිනිස්සු බෞද්ධයෙක් කියලා කියන වචනය ගැනවත් දන්නේ නැතුව බොරු බේගල් ඇදබානවා. බුදු හාමුදුරුවන්ගෙන් ජාතිය මොකක්ද කියලා ඇහුවහම දුන් පිළිතුර මේකට හොඳ පිළිතුරක්. (නි)
ඔයා දැන් ගෙදර ඉන්න ඕනෑ කාලේ. මොකද මේ රට වටේ දුවන්නේ ....? (නි)
තමුන් සිංහල බෞද්ධ බව කියන්න මෙතුමාට තාමත් පිටකොන්ද තිබෙනවා. අනිත්තුමාලගේ කොන්ද පණ නැති නිසා ශ්‍රී ලාංකික කියලා ජනතාව රවටනවා. (නි)
කෝ මේ ඩුබායි තිලක් තාම මහානාමට උත්තර දීලා නැහැනේ. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
යහපාල හැමවෙලේම අපි මහින්දට මොනවාහරි කිවුවහම වලිගය පාගා ගන්නවා (නි)
උපදිනවිටම සිංහල පවුලක ඉපදුනහොත් අනිවාර්යෙන්ම සිංහලයෙකි. එහෙත් බෞධයෙකු වීම එතරම් සරල නැත. (නි)
ඔබතුමා එනතුරු අපි බලා සිටිමු.මුළුමහත් ජාතියම ඔබතුමාට ණයගැතියි(නි)
අනේ මෙහෙම තණ්හාවක් ......අපෝ මෙහෙම ආශාවක් ........ (නි)
නියම සිංහල පාට තිබෙනවා. මෙතුමා ගැන ලියන එකත් කාලය නාස්ති කිරීමක්. (නි)
හදවතින්ම කියනවා නම් සතුටුයි. ඒත් උතුම් බුදුදහම මාකට් කරලා ජනප්‍රිය වෙනවා නම් ඒවායේ ප්‍රතිඵලත් ලැබෙයි. හැබැයි බණ අහනකොට පුටුවක වාඩිවෙන ඔබතුමා, අර ඉන්දියාවේ කෝවිලේ ලස්සනට බිම ඉඳගෙන හිටියා දැක්ක. අනික හොඳ බෞද්ධයෙක් නම් ග්‍රහචාර, ජ්‍යොතිෂය විශ්වාස කරන්න විදියක් නැහැ. "කිං කරිස්සන්ති තාරකා" (තාරකා නම් කුමක් කරන්නද?) කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. (නි)
සිංහලකම කියන්නේ රෙද්ද අඳින එක හෝ බෞද්ධකම කියන්නේ මල් වට්ටිය අරගෙන පන්සල් ගානේ යන එකත් නොවෙයි. මේ දෙකම කියන්නේ සිංහලකමයි බෞද්ධකමයි පරාජිත දේශපාලනය වෙනුවෙන් මාර්කට් කරන එකත් නොවෙයි. අද තියෙන "නිදහස" ප්‍රයෝජනයට අරගෙනද මහත්තයෝ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වූ දළදා මාළිගය ඉදිරිපිට පාරවල් වහලා කාර් රේස් දුවන්න දීලා හිටියේ? (නි)
අර කට්ටිය පුදුම සටනක් කරන්නේ මෙයාව ඉස්සරහට දාගෙන, මල් වට්ටිය අතට දීලා. මොන සෙල්ලම් දාගෙන ආවත් අන්තිමේදී බින්දුව තමයි පිළිතුර .... (නි)
ඒක නිස වෙන්න ඈති දළදා මාලිගාවට බොම්බ ගහපු කෙනා ලඟට ගත්තේ. (ස)
දන්නෝ දනිති ! (ස)
අර එක අතක හිරකරගෙන ඉන්නේ මොකක්ද? කුරුළු පැටියෙක්ද? (නි)