2012 සැප්තැම්බර් 16 | ප.ව. 04:19
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
‘‘විශ්ව’’ ගැන ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනාට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. විශ්ව ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම සිනමාවේ සිටින තාරුණ්‍යයේ ජනප‍්‍රිය චරිතයකි. මේ දිනවල විශ්ව ගැන වැඩිහරියක්ම කතා බහ වන්නේ අමා ටෙලි නාට්‍ය මාලාවේ රඟන චරිතය නිසාය. ඊට අමතරව රූපවාහිනියේ තවත් චරිත හැඩ කරන විශ්ව බාහිරින් දකින පෙනෙන කඩවසම්-හැඩකාර බවට අමතරව ඇතුළාන්තයෙන් වඩාත් යහපත් තරුණයකු බව මේ කතා බහ වෙතින් ඔබට මැන ගත හැකි වේවි.
විශ්ව ඔබ රඟපෑම තෝරා ගත්තෙ තාත්තා නිසාද? නැතිනම් ඔබේ හැකියාවන් ගැන හිතලද? ඒත් නැතිනම් කඩවසම් බව ගැන හිතලද?
ඇත්තටම ක්ෂේත‍්‍රයට එන්න හිතුවේ මුලින්ම හැකියාව ගැන හිතලා නෙවෙයි. තාත්තා පද්මසිරි කොඩිකාර චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් බව ඇත්ත. ඒත් ඒ නිසාම තාත්තාට මාව එතැනට තල්ලූ කරන්න ඕනෑ වුනේ නැහැ. නමුත් මගේ ආසාව හා උනන්දුව තිබුණා. ඒ විදියට ක්ෂේත‍්‍රයට එද්දී කිසිම හැදෑරීමක් කරලා තිබුණෙ නැහැ. මම හිතාගෙන හිටියෙ රඟපානවා කියන්නෙ හරිම ලෙහෙසි දෙයක් කියලයි. පසු කාලීනව තමයි මට වැටහුණේ මේක අතිශය බාරදුර කාර්යයක් බව. ඒ අනුව ප‍්‍රවීන රංගවේදී මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමා යටතේ ගුරු-හරුකම් ලබද්දී තමයි මට මෙහි පුළුල් හා සංකීර්ණ බව හරියටම වැටහුණේ.
වෙනත් අරමුණක් තිබුණෙ නැද්ද? ගෙදරින් ඔබට මොනවගේ අංශයක යන්න කියලද කියලා තිබුණේ?
පාසල් අධ්‍යාපනය ලබද්දි කිසිම බලපෑමක් තිබුණෙ නැහැ. නිදහසේ මා කැමති විෂයයන් තෝරාගෙන අධ්‍යාපනය ලැබීමේ නිදහස මට දීලා තිබුණෙ. ඔයා අහවලා වෙන්න, අරයා වෙන්න, මෙයා වෙන්න කියලා දෙමාපියන් මට බල කළේ නැහැ. මට තිබුණේ ඉතා සුන්දර පාසල් සමයක්. අධ්‍යාපනයට අමතරව බාහිර වැඩ කටයුතු වලටත් දායක වුණා. පාසල් තූර්‍ය වාදක කණ්ඩායමෙත් හිටියා. මාත්-අක්කත් ළමා කාලය ඉතා සතුටින් ගෙවූ බව කියන්න පුළුවනි. අම්මා-තාත්තා ලබා දුන් ඒ නිදහස අපි අයුතු ලෙස යොදා ගත්තෙ නැහැ. නළුවකු හෝ ගුවන් හමුදාවට බැඳීමේ ආසාව එදා ඉඳලාම තිබුණු දෙයක්.
ඉන්පසුව රඟපෑම වෘත්තියක් ලෙස තෝරා ගත්තේ ඇයි? වෙනත් වෘත්තියක් ගැන හිතුවෙ නැද්ද?
මගේ කලාව කරන්නෙ වෘත්තිය ලෙස තමයි. එයින් ලබන මුදල ප‍්‍රමාණවත් නොවන්න පුළුවනි. නමුත්, ලැබෙන දෙයින් තෘප්තිමත් වීමේ පුරුද්ද මා සතුයි. ලද දෙයින් සෑහීමකට පත්වෙනවා. කලාකරුවෙක් කියලා වෙනසක් මට නැහැ. සාමාන්‍ය මිනිසෙක් විදියට ජීවිතය සරලව ගෙවන්න කැමතියි. 2007 ඉඳලා මම තනි පුද්ගලයකු ලෙස ස්වාධීනව නැගී සිටින්න උත්සාහ ගන්න චරිතයක්.
ඔබ ගැන හරියටම පේ‍්‍රක්‍ෂකයා කතා කරන්න පටන් ගත්තෙ කොහොමද?
විවිධ චරිත රඟපාන්න ලැබුණා. ඒත් මුලින්ම රඟපෑ, ශාන්ත සොයිසා මහතාගේ පබළු ටෙලිනාට්‍යයේ චරිතයේ සමහර තැන් මගේ ජීවිතයට තරමක් දුරට සමීප බවයි මගේ හැඟීම.
ආගමේ වැඩ කටයුතු වලටත් බෙහෙවින් සමීපයි කියලා ආරංචියි?
එය පාසල් කාලයේ ඉඳලාම තිබූ දෙයක්. ඇත්තටම අපේ පවුලෙන් ආ පුරුද්දක් ලෙසත් එය හඳුන්වන්න පුළුවනි. ඇත්තටම ආගම මගේ ආධ්‍යාත්මයට සමීප කර ගන්න බොහෝ දුරට උත්සාහ ගන්නවා.
මේ දිනවල ඔබ ගැන වැඩිපුර කතා වන්නෙ ‘‘අමා’’ නාට්‍යයේ චරිතය නිසා. ඒ ගැන විශේෂයෙන් කතා කළොත්?
ඇත්තටම එයත් ශාන්ත සොයිසා මහතාගේ අධ්‍යක්‍ෂණයක්. නිෂ්පාදනය රංග අයියගෙ. කතාව මහේෂ් රත්සර මද්දුම ආරච්චිගෙ. මේ චරිතයට අමතරව නිල්වලා ආයතනය වෙනුවෙන් සඳුන් රාජකරුණා මහතා අධ්‍යක්‍ෂණය කරන ‘‘චායා’’ ටෙලි නාට්‍යය සහ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ‘‘සුළිය’’ කියන ටෙලි නාට්‍යයේ රඟපෑමට එක්ව සිටිනවා. ඊටත් අමතරව සුසිරන් සිල්වා මහතාගේ නාට්‍යයක රඟපෑමටත් එක්ව සිටිනවා.
විශ්ව මේ විදියට රඟපාන චරිත අතරේ ඔබ ඔබගෙ ජීවිතය එබී බලා යමක් කතා කළොත්? ජීවිතය ගැන, ආදරය ගැන හිතන විදිය ගැන?
තාරුණ්‍යය හොඳින් ගෙවා දැමීමට මට පවුලෙන් පසුබිම සැකසී තිබෙනවා. මගේ අම්මා නිතරම කියන්නෙ මොන දේ කළත්, ආගමට මුල් තැනදී කටයුතු කරන්න වරදින්නෙ නැහැ කියලා. ඇත්තටම එය සැබෑ සත්‍යයක්. ජීවිතයෙ යථාර්ථය සහ හරය බැඳී තිබෙන්නේ ආගම සමගයි. තරුණයකු ලෙස විනෝද වෙනවා. නමුත් සීමාව ඉක්මවා යන දේ වෙන්නේ නැහැ. ජීවිතයේ ළමා කාලය වගේම මෙතෙක් ගෙවූ ජීවිතය සතුටින් ගෙව්වා. එය කාලය එක්ක අර්ථවත් කරගැනීම වෙතින් වටිනාකමක් ලැබෙන බව අදහසයි. ආදරය ජීවිතයේ කොටසක්. විටෙක මම ආදරයෙන් පැරදුනා. ඒ දවස මට අමතක නොවන දවසක්. ඒත් එදා ගැන හිතනකොට අද එය මට දැනෙන්නේ වෛරයකින් තොර සුන්දර වෙන්වීමක් හැටියටයි.
රංගනය ගැන ඔබ වටහාගෙන ඉන්නෙ කොහොමද?
සමාජයේ අප ගැටෙන සියළු චරිත ග‍්‍රහණය කර ගැනීම වැදගත්. මොකද අපට කරන්න වෙන්නෙ එයින් චරිතයක් මිස අමුතු චරිත නෙවෙයි. මේ චරිත අධ්‍යනය කරන්න කියන දේ මට මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමා නිතර කියූ දෙයක්. සැබැවින්ම මම ඒ සියල්ල අධ්‍යනය කරන්න කැමති කෙනෙක්. ඒ අධ්‍යයනයේ ඵලය ලබන්න පුළුවන් අදට වඩා හෙටටයි.
තාරුණ්‍යය අරුත්බර කළා කියලා ඔබ, ඔබ ගැන ආඩම්බර වෙනවාද?
සත්තකින්ම ඔව්. මම ආගමට-දහමට අනුව හිතට එකඟවම ජීවත්වූ කෙනෙක්. ඉදිරියටත් එහෙමයි. දෙමාපියන්ගෙ සිත් සතුටු කරන්න මට පුළුවන් වුණා. ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.
අන්තිමට කියන්න ‘සැබෑ’ ජීවිතයේදී ‘අමා’ කෙනෙක් සමීප නැද්ද?
ඇත්තටම නැහැ.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය වගේම අධ්‍යාපනයක් නොලබා උනත් කල හැකි රැකියාවක් නිසා හැමෝම මේ වෘත්තියට කැමතියි ? (ස)
ඔයා ඉන්න හැම ටෙලිනාට්‍යයකටම මම හරි ආසයි.සුභ පතනවා..(ස)
සුභ අනාගතයක්! (නි)
මෙන්න තරැණියන්ට ආදර ඉල්ලුම් පත් යවන්න හොඳ අවස්තාවක්...!(නු)
ලංකාවේ ඉන්න වයසක කොලු නළුවෝ අතර ඇත්තටම කොලු ගතියට රගපාන ඔයාට අපි හරිම කැමති (ස)
ඔබගේ රගපෑම් විශිෂ්ටයි. වසරේ හොදම සහ ජනප්‍රියම නළුවා වෙන්න සුබ පතනවා...!(නු)
අධ්‍යක්ෂක වරුනි පිනට වැඩ කරන කලාකරුවෙක් හම්බ උනා (දී)
ඔයා තමයි මම කැමතිම නළුවා .සුභ පැතුම්.(ස)
අති සාර්ථක නළුවෙක්.. සුභ පැතුම්..!(නු)
අති සාර්ථකයි.. තවදුරටත් නිර්මාණවල යෙදෙන්න ඒවගේම ගැමි චරිතවලට හිත යොමුකරනවා නම් හොදයි..! (නු)
අයියේ, ඔයා පබළු එකෙයි, අමා එකෙයි නියමයි. මම හිතන්නේ ඔයා මේ පාර හොදම නළුවට එයි කියලා. සුභ පැතුම්! (නි)
හොඳයි .(ස)
අයියා මම ඔයාට සුභ පතනවා..!(නු)
මගේ සුභ පැතුම්..!(නු)
ඔබ ඉතාම හොද නළුවෙක්.. (නු)
ලන්කාවේ වෘත්තියක් ලෙස නලුකම හෝ කලාවට සම්බන්ධ කවර හෝ ක්ෂේත්‍රයක නිරත වන අය ආර්ථික අතින් ශක්තිමත් නැහැ. එම නිසා වෘත්තියක් ලෙස නොකරන එක හොඳයි. (නි)
ඔයා දකිනකොට මට හිතෙනවා ලබන ආත්මේ හරි නළුවෙක් වෙන්න.(ස)
ඇත්තටම විශ්ව අයියගේ රඟපෑම අළුතින් ඇවිත් ඉන්න අයට වඩා හොඳයි. විවිධ චරිත වලින් අපි හමුවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..(ස)
සුභ පැතුම් අයියා..(ස)
මම ඔයාට ගොඩක් කැමතියි. ඔයා ගොඩක් ලස්සනයි .සුභ පැතුම්...(ස)
ඔබ වැනි කලාකරුවන් දුර්ලභයි (දී)
සුභ පැතුම්..(ස)
මගේ හොදම රංගන ශිල්පියා මොහුයි. සුභ පැතුම්! (නි)
මම ඇත්තටම ඔයාට ආදරෙයි මල්ලියෝ... (ස)
ඔයාගේ රඟපෑම අතිවිශිෂ්ඨයි. ඒත් ඇයි ඔයා පාරේ යනකොට නියපොතු කන්නේ (ස)
අලුත් පරපුර නියෝජනය කරන දක්ශ රන්ගන ශිල්පියෙක්. අද ඈවිත් ඉන්න සීනිබෝල නලුවන් අතරේ ඔබ සබෑම දක්ශයෙක්. ඔගගේ ඉදිරිය දීප්තිමත්(නු)
විශ්ව..ඔයාට සුභ පතනවා..ඔයා දක්ෂ නළුවෙක් (ස)
විශ්ව මල්ලී ඔයා ගොඩක් හොඳට රඟපානවා..මම හිතන විදියට ඔයා ලංකාවේ නොම්මර 1 වෙනවා. සුභ පැතුම් මල්ලී...(ස)
ඔබේ රගපෑම් විශිෂ්ටයි. (නි)
විශෟව අයියේ, ඔයාගේ රගපෑම නම් අතිශයින් තාත්විකයි. සුභ පැතුම්! (නි)
අපි ආසයි ඔයා ඉන්න ටෙලිනාට්‍ය බලන්න..සුබ අනාගතයක් ඔයාට (ස)
මම ඔබට සුභ පතනවා ඉදිරියෙ එන සුමති සම්මාන උළෙලෙදි සම්මානයක් ලබා ගන්න..!(නු)
සුබ පැතුම් (ස)
ඇත්තටම ඔබේ රඟපෑමට මම කැමතියි .ඔබට අවංකවම සුභ පතනවා.. (ස)
සුභ අනාගතයක්! (නි)
ඇත්තටම හොදයි. (නි)
ඔබ දක්ෂයෙකි. ඉදිරියේදී ගැමි චරිතයක් කරන්න. (නි)